යුක්රේනයේ සටන් කරන්නේ වෙස්වළාගත් නේටෝ භටයින් - රුසියානු ජෙනරාල්
නේටෝ සොල්දාදුවන් යුක්රේන ගැටුමේදී කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන රුසියානු හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ රුසියානු ආරක්ෂක නිලධාරියෙක් අනාවරණය කළේය.
ඩොන්බාස් පළාතේ ප්‍රධාන නගරය වන අව්ඩීව්කා නගරය මොස්කව් හමුදා විසින් කියෙව් හමුදා වෙත විශාල ප්‍රහාරයක් එල්ල කර අත්පත් කරගැනීමෙන් දින කිහිපයකට පසුව ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලැබීය.
පසුගිය කාලයේදී යුක්රේනය රුසියානු සිවිල් වැසියන්ට එල්ල කළ ෂෙල් ප්‍රහාර වලින් සැලකිය යුතු කොටසක් අව්ඩීව්කා නගරය ආශ්‍රිතව ස්ථානගතව සිදු කරන ලද්දේය. මෙම ප්‍රහාර කියෙව් පරිපාලනයේ නියෝගයෙන් සහ බටහිර රාජ්‍යවල නිහඬ අනුමැතිය ඇතිව සිදුවූ බව රුසියානු සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කර්නල් ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි අද (19) Krasnaya Zvezda පුවත්පත සමඟ
පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
"එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්රේනයට ආයුධ පොම්ප කරන අතරම සන්නිවේදන සේවා සහ බුද්ධි තොරතුරු සැපයීමද කරනු ලබනවා." එහෙත් සමහර උපකරණ භාවිතය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් අවශ්‍ය බවත් එම පුද්ගලයන් බටහිර රටවල පුරවැසියන් බවත් කර්නල් ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි පැවසීය.
“නේටෝ සොල්දාදුවන් කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන හමුදා මෙහෙයුම්වලට සහභාගි වෙනවා. ඔවුන් ගුවන් ආරක්ෂක පද්ධති, මෙහෙයුම්-උපක්‍රමික මිසයිල සහ බහු දියත් රොකට් පද්ධති පාලනය කරන අතර ප්‍රහාරක ඒකක වලට ඇතුලත්ව මෙහෙයුම්වල යෙදෙනවා" රුඩ්ස්කෝයි පැවසීය.
පසුගිය ජනවාරි මස මැදදී, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ, නිරවද්‍ය ප්‍රහාරයකින් විදේශීය සටන්කරුවන් 60 කට අධික සංඛ්‍යාවක් මරා දැමූ බවත්, ඉන් බහුතරයක් ප්‍රංශ භාෂාව කතා කරන්නන් බවත්ය. ප්‍රංශය පසුව ඔවුන්ගේ කිසිදු සන්නද්ධ හමුදා සොල්දාදුවෙකු යුක්‍රේනයේ නොමැති බව ප්‍රකාශ කළද, ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරයා සමහර ප්‍රංශ ජාතිකයන් “ස්වේච්ඡා සේවකයන්” ලෙස සටන් කිරීමට ගිය බව පිළිගත්තේය. “ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක්” ලෙස පැරීසියට ඔවුන් එසේ කිරීමෙන් වැළැක්විය නොහැකි බවද ප්‍රකාශ කළේය.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඇස්තමේන්තු වලට අනුව, 2022 පෙබරවාරි මාසයේ යුක්‍රේන-රුසියානු ගැටුම ආරම්භයේ සිට යුක්‍රේනයේ විදේශීය කුලී හේවායන් 5,900 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. යුක්‍රේන හමුදාව පසුගිය වසරේ දියත්කළ විනාශකාරී ප්‍රතිප්‍රහාරයේ දී පමණක් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
රුසියාවේ උපායශීලී ආරක්ෂක කලාපය විනිවිද යාමට අපොහොසත් වූ කියෙව් හමුදාවට විශාල පාඩු සිදු වූ අතර රුසියානු හමුදාව නව සටන් ක්‍රම අත්හදා බැලූ බව රුඩ්ස්කෝයි පැවසුවේ, අව්ඩීව්කා නගරය අල්ලා ගැනීමෙන් පසුව, රුසියානු හමුදා සමස්ත සම්බන්ධතා රේඛාව ඔස්සේ ඔවුන්ගේ මුර කුටි වැඩිදියුණු කරමින් සිටින බවද අනාවරණය කළේය.
https://www.rt.com/russia/592659-nato-fighting-for-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා