
කවුරු ආණ්ඩු කළත් 2028 දී රට යළිත් බංකොලොත් - පාඨලීගෙන් අනාවැකියක්
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් නිරීක්ෂණය විය. ඒ හේතුවෙන් ජනතාවට වගකියන ආයතනයක් ලෙස මහජන උපයෝගීතා කොමිස ඊට අවධානය යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බව ක් හෙළි වී තිබේ. බලාගාරවල ස්ථාවර ගාස්තු අසීමාන්තිකව වැඩි කර ඇත. විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන්ට ගණිතය පිළිබඳ නිවැරදි වැටහීමක් පවතින බව රණවක මහතා පෙන්වා දෙයි. එහෙත් එම දැනුම භාවිත කරමින් වංචනික ක්‍රියාවල නිරතවීමට පෙළඹ ඇතැයි චෝදනා නැගේ.
එවැනි තත්වයකදී නිවැරදි තත්ත්වය පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීමයි. ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කොමිසමේ කාර්ය භාරය බවද හෙතෙම සිහිපත් කරයි. රටේ ආර්ථිකයට බලපාන සෘජු සාධකයක් ලෙස විදුලි ක්ෂේත්‍රය පෙන්වා දිය හැකිය. පසුගිය වසරේදී කර්මාන්ත දහනවදහසක විදුලිය විසන්ධි කර තිබේ. ඊට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි අලෙවිය සියයට විස්සකින් අඩු විය. ශ්‍රී ලංකාවට සාපේක්ෂව කර්මාන්ත විදුලි බිල වැඩි වී ඇත්තේ සිංගප්පූරුවේ සහ හොංකොං හි පමණි. කර්මාන්ත ආශ්‍රිත තරගකාරීත්වයක් සහිත වියට්නාමය, බංග්ලාදේශය හෝ දකුණු ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි බිල සියයට 40 කට වඩා වැඩි බව රණවක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත බිඳ වැටෙමින් පවතින බව ඔහුගේ අදහසයි. අඩු විදුලි බිලක් සහිත තරගකාරී රටවල් වෙත ආයෝජකයෝ පිවිසෙති. එය කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමට ප්‍රධාන සාධකයක් බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් පවතින වටපිටාවක වුවද රාජ්‍ය ආදායම රුපියල් බිලියන දෙදහසකින් වැඩි වී තිබේ. සමස්තයක් ලෙස එය ජනතාවගෙන් අය කළ බදු බව රණවක මහතා සඳහන් කරයි. ඉන් සනාථ වන්නේ පසුගිය වසර හතරේදී රජය සෑම පුරවැසියෙකුගෙන්ම රුපියල් ලක්ෂයක් බැගින් එක් කර ඇති බවයි.
ආර්ථිකය සංකෝචනය වීම නිසා තවත් රුපියල් ලක්ෂයක් පවුලකට අහිමිවී තිබේ. ඒ අනුව හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් ලක්ෂ අටක් අහිමි වී ඇති පරිසරයක, ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව රණවක මහතා අවධාරණය කරයි. එවැනි තත්ත්වයකදී විදුලිය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ජනතාව කෙරෙහි අවධානය යොමු කරමිනි.
අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගෙවීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා රජයට ඇතිවෙයි. කවුරුන් ආණ්ඩු කළ ද පවතින තත්ත්ව යටතේ 2028 දී ම රට බංකොලොත්භාවයට නැවත ලක්වෙනු ඇතැයි රණවක මහතා අනාවැකි පල කරයි. ඒ නිසා විදුලි බල මණ්ඩලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකිරීමේ වගකීම මහජන උපයෝගීතා කොමිසමට පවතී.
මණ්ඩලයේ වියදම් අවම කිරීමත්, ජනතාවට සහන සැලසෙන පරිදි තීරණ ගැනීමත් කොමිසමේ ප්‍රමුඛ කාර්යභාරයකි.
එම වගකීම ඉටු කිරීමට නොහැකි වුවහොත්, මහජන උපයෝගීතා කොමිසමට ද ජනතාවගේ කෝපය යොමුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් හමුවූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
