ඩොන්බාස් පළාතේ ප්‍රධානතම නගරයක් වන අව්ඩීව්කා නගරය නිදහස් කර ගත්තා - මොස්කව්
රුසියානු හමුදා අව්ඩීව්කා නගරය "සම්පූර්ණයෙන්ම අත්පත්කරගෙන" ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(17) නිවේදනය කළේය. රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්රේන හමුදා භටයින් 1,500ක් පමණ මිය ගිය අතර ඔවුන් පසුබැසීමේදී ඔවුන් සතු ආයුධ සහ උපකරණ පවා අතහැර දමා පලා ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අව්ඩීව්කා නගරය අත්පත් කර ගැනීම හේතුවෙන් යුක්‍රේන ඉදිරි ආරක්ෂක වලල්ල ඩොනෙට්ස්ක් නගරයෙන් බොහෝ ඇතට ගෙන යාමට සිදුවන අතර එමගින් ඩොන්ස්ටෙක් නගරයේ සිවිල් ජනතාව යුක්රේන හමුදා විසින් හෙලන බෝම්බ වලින් ආරක්ෂා වනු ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝ මීටර 20ක් පමණ දුරින් පිහිටා ඇති අව්ඩීව්කා නගරය, 2014 සිට යුක්‍රේන ප්‍රහාර සඳහා භාවිතා කර ඇති අතර එය ශක්තිමත් කිරීමටද යුක්‍රේන හමුදා කටයුතු කර ඇත.
"රුසියානු හමුදාවන්ගේ අඛණ්ඩ වෙඩි ප්‍රහාර හේතුවෙන් , යුක්රේන සටන්කාමීන්ගේ තනි තනි කණ්ඩායම් පමණක්" නගරයෙන් පලා යාමට සමත් විය. නගරය මුදා ගැනීමට පැය 24 කට පෙර කියෙව් හමුදාවට සොල්දාදුවන් 1,500 ක් පමණ අහිමි වූ බව රුසියානු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. පලා ගිය අය ආයුධ සහ උපකරණ අතහැර ගිය බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
"සටන්කාමීන්ගෙන් නගරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී" යැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, නගරයට පිටතින් පිහිටි අඩක් දැවුණු ගල් අඟුරු නිපදවන කම්හලක ස්ථානගතකර ඇති යුක්රේන හමුදා පලවා හැරීමට රුසියානු හමුදා ඉක්මනින් පියවර ගන්නා බවද අවධාරණය කරමිනි.
යුක්‍රේන හමුදාවට අභිනවයෙන් පත් වූ හමුදාපතිවරයා අව්ඩීව්කා නගරය අල්ලා ගැනීමට ප්‍රභූ බටහිර පුහුණු ඒකක යවා ගනු ලැබූ අසාර්ථක උත්සාහයෙන් පසු යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ඊයේ (17) පසුබැසීමට නියෝගය ලබා දී ඇති බව පිළිගත්තේය. රුසියාවේ 'සෙන්ටර්' බලකා කණ්ඩායම විසින් මුලුමනින්ම වාගේ බලකොටුව වට කර තිබූ හෙයින්, සෙලෙන්ස්කිගේ නියෝගය "පරම තාර්කික" බව යුද විශේෂඥයන් පැවසීය.
අව්ඩීව්කා නගරය අත්පත් කර ගැනීමෙන් පසු , රුසියානු හමුදා "ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව යුක්රේන ජාතිකවාදීන්ගෙන් තවදුරටත් නිදහස් කර ගැනීම සඳහා" ප්‍රහාර දිගටම පවත්වාගෙන යනු ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අව්ඩීව්කා නගරය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ සටනට සහභාගී වූ සියලුම රුසියානු හමුදා ඒකකවලට ප්‍රශංසා කර අඇතැයි වාර්තාවේ. අව්ඩීව්කා නගරය මුදා ගැනීම විශාල සාර්ථකත්වයක් සහ වැදගත් ජයග්‍රහණයක් ලෙස පුටින් හැඳින්වූයේ රුසියානු හමුදාවේ 'කේන්ද්‍රීය' හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ජෙනරාල් ඇන්ඩ්‍රි මොර්ඩ්විචෙව් වෙත ඊයේ (17 ) රාත්‍රියේ විදුලි පණිවුඩයක් යවමිනි.
“විශිෂ්ට හමුදා මෙහෙයුම් සඳහා, සටන්වලට සහභාගී වූ ඔබ විසින් නායකත්වය දුන් සියලුම භටයින්ට මම මගේ කෘතඥතාව පළ කරනවා,” රුසියානු නායකයා සිය පණිවිඩයේ ලියා තැබීය. සටන් වලදී විශේෂයෙන් කැපී පෙනෙන ආකෘතීන් සහ ඒකක කිහිපයක් ඇගයීමට ලක් කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
අව්ඩීව්කා නගරයේ යුක්රේනයේ බලය බිඳ වැටෙන බව සති කිහිපයක් තිස්සේ වොෂින්ටනයේ නිලධාරීන් සහ බටහිර මාධ්‍යවේදීන් විසින් පුරෝකථනය කර තිබුණි. මෙම සතිය මුලදී, ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි නගරය අහිමි වීමට බටහිර ආධාර සිඳී යාම හේතුවීම සම්බන්ධයෙන් දොස් පවරනු ලැබීය. සෙලෙන්ස්කි ඊයේ(17) නගරය අහිමිවීමට නිදහසට කරුණ ප්‍රතිරාවය කරමින්, ඔහුගේ බටහිර අනුග්‍රාහකයින්ට “ආයුධවල කෘතිම හිඟයක්” ඇති කරන බවට චෝදනා කළේය.
16 වනදා මාධ්‍ය හමුවකට එක් වෙමින් , පෙන්ටගනයේ නිලධාරියෙක් මාධ්‍යවෙත පවසා සිටියේ අව්ඩීව්කා හි ඇති වූ තත්වය “ඉදිරි ආරක්ෂක වලල්ලේ තවත් බොහෝ ස්ථානවල” ඉක්මනින් පුනරාවර්තනය විය හැකි බවත්, ඇමරිකානු නීති සම්පාදකයින් කියෙව් සඳහා ඩොලර් බිලියන 60 ක මිලිටරි ආධාර ලබාදෙන පැකේජයට අවසර දීමට අපොහොසත් වුවහොත් “යුක්රේනයේ ආරක්ෂාව බිඳ වැටෙනු ඇති” බවත්ය.
https://www.rt.com/russia/592600-moscow-key-city-donbass/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා