News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් සභාවලින් පොලිස් බලය ඉවත් කරන ගැසට්ටුව පිටවෙයි

Feb 15, 2024 at 03:25 PM
|

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් මාධ්‍ය දැනුම්වත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

පළාත් සභාවලට දුන් භයානකම බලතලය

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට ලබා දුන් බලතලවලින් වඩාත් භයානකම බලතලය වන්නේ පොලිස් බලතලයි. එම නිසා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීම වසර 37ක් පුරා ජාතිකවාදීන් තුළ පැවැති දිගුකාලීන සිහිනයක්. ඒ හීනය සැබෑ කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න අපට හැකියාව ලැබුණා. පෙබරවාරි මස 13 වැනි දා මෙම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. පෙබරවාරි 20 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු වාරයේදී අපට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙනවා. එසේ ඉදිරිපත් කරනු ලබන දිනයේ සිට දෙසතියක කාලයක් ලැබෙනවා ඕනෑම අයෙකුට කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න. දෙමළ බෙදුම්වාදීන් මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාවි. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණායකයන් ලැබුණාට පස්සේ අපිට පුළුවන් ඒ අනුව මෙය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන රටට අනතුරක් වෙච්ච දිගු කාලීන ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් ලබාගන්න.

පොලිස් බලතල භයානක ඇයි ?

කාරණා කීපයක් නිසා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. මේක ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක්. අපට මතකයි කොට කොටි ත්‍රස්තවාදින් සමග ගැටෙන විට ඇතැම් රටවල් කොටි ත්‍රස්තවාදින්ට මුල්‍ය අනුග්‍රහය අවි ආයුධ යනාදිය ලබා දුන්නා. ඒ වගේම පුහුණුව ලබා දුන්නා. මේ සියල්ලම කළේ හොරෙන්. නමුත් අපට තිබුණේ නිල රාජ්‍ය හමුදාවක් නිසා අපට සහාය ලබා දුන් අය ඒවා ලබා දුන්නේ විවෘතවයි. නමුත් අනාගතයේදී බෙදුම්වාදී යුද්ධයක් ඇති වුවහොත් එය ඇතිවන්නේ උතුරු පළාත් පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතරයි. එවිට මේ දෙකම නිල හමුදාවන්. එවිට ශ්‍රී ලංකාවට එරෙහිව බෙදුම්වාදීන්ට සහාය දක්වන රටවලට කිසිම පැකිලීමකින් තොරව එළිපිටම එම බෙදුම්වාදී සංවිධානයට එහෙම නැත්නම් උතුරු පොලිස් හමුදාවට ආධාර ලබා දීමට හැකියාව ලැබෙනවා.

මේ කාරණය නිසාම යම් ප්‍රාන්තයක් ජනරජයට එරෙහිව යන අවස්ථාවේදී ඊට සෘජුවම මැදිහත්වීම සඳහා මධ්‍යම ආණ්ඩුවට බලතල ලබාදෙන විදි විධාන ඉන්දියානු ව්‍යවස්ථාවේ 256 හා 257 යන වගන්ති වලින් තහවුරු කර තිබෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාව පදනම් කරගෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළත් ඉන්දියානු ව්‍යවස්ථාවේ ඇති ඒ වැදගත් වගන්ති අපේ ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ව්‍යවස්ථා සංශෝධකයන් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසා බෙදුම්වාදීන් ශක්තිමත් වීමක් මෙම පොලිස් බලතල හරහා සිදුවෙනවා. මෙම විධි විධාන නිසා පොලිසිය සතු බලතලවලින් 90%ක් පළාත් පොලිසියට යනවා. මධ්‍යම ආණ්ඩුවේ පොලිසියට විදේශ විනිමය සම්බන්ධ, මධ්‍යම ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධ සීමිත වැරදි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම විතරයි ඉතිරිවෙන්නේ.

පළාත් සභා බල සීමාවක කටයුතු කරද්දී මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියෙකුට සිය නිල ඇඳුමින් කටයුතු කරන්නත් බැහැ. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියාට පළාතේ බල සීමාව තුළ ඉන්නකොට එම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ කටයුතු කරන්න සිදුවෙනවා.

ඒ වගේම මින් පොලිසිය දේශපාලනීකරණය වෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීමෙන් අනතුරුව ආපු 17 වන සංශෝධනය 19 වන සංශෝධනය 21 වන සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා පොලිසිය නිර්දේශපාලනීකරණයට ලක් කළා. නමුත්13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව කියනවා පළාත භාර පොලිස්පතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට වගකිව යුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතුය කියලා. පළාත් බද පොලිස් කොමිසමක් තියෙනවා. නමුත් එහි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම මහ ඇමතිවරයාට අවශ්‍ය ආකාරයටයි පත්වෙන්නේ. ඒ නිසා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීමට පසුගිය වසර තිස්පහක් පුරා ගත් උත්සාහයන් සියල්ලම පළාත් සභාවලට වලට පොලිස් බලතල ලබාදීම හරහා නිරර්ථක වෙනවා. ඒනිසා ජාතික ආරක්ෂාව සහ යහපාලනය පැත්තෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන සංශෝධනය යෝධ පියවරක් ලෙසින් අප දකිනවා.

ප්‍රශ්නය

මෙච්චර කාලයක් මේ දෙය සිදු නොවුණේ ඇයි?

පිළිතුර

වසර තිස් හතක් පුරාවට ජාතිකවාදීන් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට වාද විවාද කළාට ආණ්ඩුවට බලපෑම්ම කලාට කිසිම මන්ත්‍රීවරයෙක් වසර තිස්හතක් පුරාවට මේ සඳහා සාධනීය පියවරක් අරගෙන පෞද්ගලික කෙටුම්පතක් හරහා ඒ දේ කිරීමට උත්සාහ කළේ නෑ. අඳුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වටිනවා කියල හිතලා ආණ්ඩුවට බැන බැන ඉන් නැතුව අපිම වැඩේ අතට ගත්තා.

ප්‍රශ්නය

මේක ආණ්ඩුවෙම උගුලක් නෙවෙයිද?

පිළිතුර

කිසිසේත්ම නැහැ. මොකද ජනාධිපතිවරයා කියා තිබෙනවා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම එතුමාගේ ප්‍රතිපත්තිය කියලා. ඒවාගේම 13 ඉක්මවා බලය බෙදීම පිළිබඳවත් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එතුමා අදහස් ඉදිරිපත් කළා. එතකොට ඒ ජනාධිපතිවරයාගේ උත්සාහයට එරෙහිව යොදන පළමු මාර්ග භාදකය විදිහටයි මෙම උත්සාහය හඳුන්වන්න පුළුවන් වෙන්නෙ.

ප්‍රශ්නය

මෙය සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ තිබෙනවා කියා ඔබතුමා හිතනවාද?

පිළිතුර

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225න් අවම වශයෙන් 150 කගේ කැමැත්ත මේ සඳහා අවශ්‍ය වෙනවා. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නිසා. මුළු රටම ඉල්ලා සිටින දෙයක් පොලිස් බලතල ඉවත් කරන්න කියන එක. දෙමළ බෙදුම්වාදීන් පමණයි මේ අවශ්‍ය බවට විශ්වාස කරන්නේ. දේශප්‍රේමීන් වැඩිද බෙදුම්වාදීන් වැඩිද කියලා පාර්ලිමේන්තුව පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවක් විදිහට මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වන්න පුළුවන්

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.