පළාත් සභාවලින් පොලිස් බලය ඉවත් කරන ගැසට්ටුව පිටවෙයි
වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් මාධ්‍ය දැනුම්වත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
පළාත් සභාවලට දුන් භයානකම බලතලය
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට ලබා දුන් බලතලවලින් වඩාත් භයානකම බලතලය වන්නේ පොලිස් බලතලයි. එම නිසා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීම වසර 37ක් පුරා ජාතිකවාදීන් තුළ පැවැති දිගුකාලීන සිහිනයක්. ඒ හීනය සැබෑ කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න අපට හැකියාව ලැබුණා. පෙබරවාරි මස 13 වැනි දා මෙම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. පෙබරවාරි 20 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු වාරයේදී අපට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙනවා. එසේ ඉදිරිපත් කරනු ලබන දිනයේ සිට දෙසතියක කාලයක් ලැබෙනවා ඕනෑම අයෙකුට කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න. දෙමළ බෙදුම්වාදීන් මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාවි. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණායකයන් ලැබුණාට පස්සේ අපිට පුළුවන් ඒ අනුව මෙය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන රටට අනතුරක් වෙච්ච දිගු කාලීන ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් ලබාගන්න.
පොලිස් බලතල භයානක ඇයි ?
කාරණා කීපයක් නිසා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. මේක ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක්. අපට මතකයි කොට කොටි ත්‍රස්තවාදින් සමග ගැටෙන විට ඇතැම් රටවල් කොටි ත්‍රස්තවාදින්ට මුල්‍ය අනුග්‍රහය අවි ආයුධ යනාදිය ලබා දුන්නා. ඒ වගේම පුහුණුව ලබා දුන්නා. මේ සියල්ලම කළේ හොරෙන්. නමුත් අපට තිබුණේ නිල රාජ්‍ය හමුදාවක් නිසා අපට සහාය ලබා දුන් අය ඒවා ලබා දුන්නේ විවෘතවයි. නමුත් අනාගතයේදී බෙදුම්වාදී යුද්ධයක් ඇති වුවහොත් එය ඇතිවන්නේ උතුරු පළාත් පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතරයි. එවිට මේ දෙකම නිල හමුදාවන්. එවිට ශ්‍රී ලංකාවට එරෙහිව බෙදුම්වාදීන්ට සහාය දක්වන රටවලට කිසිම පැකිලීමකින් තොරව එළිපිටම එම බෙදුම්වාදී සංවිධානයට එහෙම නැත්නම් උතුරු පොලිස් හමුදාවට ආධාර ලබා දීමට හැකියාව ලැබෙනවා.
මේ කාරණය නිසාම යම් ප්‍රාන්තයක් ජනරජයට එරෙහිව යන අවස්ථාවේදී ඊට සෘජුවම මැදිහත්වීම සඳහා මධ්‍යම ආණ්ඩුවට බලතල ලබාදෙන විදි විධාන ඉන්දියානු ව්‍යවස්ථාවේ 256 හා 257 යන වගන්ති වලින් තහවුරු කර තිබෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාව පදනම් කරගෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළත් ඉන්දියානු ව්‍යවස්ථාවේ ඇති ඒ වැදගත් වගන්ති අපේ ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ව්‍යවස්ථා සංශෝධකයන් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසා බෙදුම්වාදීන් ශක්තිමත් වීමක් මෙම පොලිස් බලතල හරහා සිදුවෙනවා. මෙම විධි විධාන නිසා පොලිසිය සතු බලතලවලින් 90%ක් පළාත් පොලිසියට යනවා. මධ්‍යම ආණ්ඩුවේ පොලිසියට විදේශ විනිමය සම්බන්ධ, මධ්‍යම ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධ සීමිත වැරදි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම විතරයි ඉතිරිවෙන්නේ.
පළාත් සභා බල සීමාවක කටයුතු කරද්දී මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියෙකුට සිය නිල ඇඳුමින් කටයුතු කරන්නත් බැහැ. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියාට පළාතේ බල සීමාව තුළ ඉන්නකොට එම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ කටයුතු කරන්න සිදුවෙනවා.
ඒ වගේම මින් පොලිසිය දේශපාලනීකරණය වෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීමෙන් අනතුරුව ආපු 17 වන සංශෝධනය 19 වන සංශෝධනය 21 වන සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා පොලිසිය නිර්දේශපාලනීකරණයට ලක් කළා. නමුත්13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව කියනවා පළාත භාර පොලිස්පතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට වගකිව යුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතුය කියලා. පළාත් බද පොලිස් කොමිසමක් තියෙනවා. නමුත් එහි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම මහ ඇමතිවරයාට අවශ්‍ය ආකාරයටයි පත්වෙන්නේ. ඒ නිසා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීමට පසුගිය වසර තිස්පහක් පුරා ගත් උත්සාහයන් සියල්ලම පළාත් සභාවලට වලට පොලිස් බලතල ලබාදීම හරහා නිරර්ථක වෙනවා. ඒනිසා ජාතික ආරක්ෂාව සහ යහපාලනය පැත්තෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන සංශෝධනය යෝධ පියවරක් ලෙසින් අප දකිනවා.
ප්‍රශ්නය
මෙච්චර කාලයක් මේ දෙය සිදු නොවුණේ ඇයි?
පිළිතුර
වසර තිස් හතක් පුරාවට ජාතිකවාදීන් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට වාද විවාද කළාට ආණ්ඩුවට බලපෑම්ම කලාට කිසිම මන්ත්‍රීවරයෙක් වසර තිස්හතක් පුරාවට මේ සඳහා සාධනීය පියවරක් අරගෙන පෞද්ගලික කෙටුම්පතක් හරහා ඒ දේ කිරීමට උත්සාහ කළේ නෑ. අඳුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වටිනවා කියල හිතලා ආණ්ඩුවට බැන බැන ඉන් නැතුව අපිම වැඩේ අතට ගත්තා.
ප්‍රශ්නය
මේක ආණ්ඩුවෙම උගුලක් නෙවෙයිද?
පිළිතුර
කිසිසේත්ම නැහැ. මොකද ජනාධිපතිවරයා කියා තිබෙනවා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම එතුමාගේ ප්‍රතිපත්තිය කියලා. ඒවාගේම 13 ඉක්මවා බලය බෙදීම පිළිබඳවත් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එතුමා අදහස් ඉදිරිපත් කළා. එතකොට ඒ ජනාධිපතිවරයාගේ උත්සාහයට එරෙහිව යොදන පළමු මාර්ග භාදකය විදිහටයි මෙම උත්සාහය හඳුන්වන්න පුළුවන් වෙන්නෙ.
ප්‍රශ්නය
මෙය සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ තිබෙනවා කියා ඔබතුමා හිතනවාද?
පිළිතුර
පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225න් අවම වශයෙන් 150 කගේ කැමැත්ත මේ සඳහා අවශ්‍ය වෙනවා. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නිසා. මුළු රටම ඉල්ලා සිටින දෙයක් පොලිස් බලතල ඉවත් කරන්න කියන එක. දෙමළ බෙදුම්වාදීන් පමණයි මේ අවශ්‍ය බවට විශ්වාස කරන්නේ. දේශප්‍රේමීන් වැඩිද බෙදුම්වාදීන් වැඩිද කියලා පාර්ලිමේන්තුව පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවක් විදිහට මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වන්න පුළුවන්
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි