News Category
From Date
To Date
Maximum Number of Result

වැටෙන රට යළි ගොඩගත හැක්කේ 'ජවිපෙ'ට පමණයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

Feb 15, 2024 at 03:16 PM
|

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම පසුගිය දින ඉන්දීය රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ නිල සංචාරය කර ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර්, විදේශ ලේකම්, ආරක්ෂක උපදේශක, ඉහල පෙලේ රාජ්‍ය නිළධාරීන් සහ ලංක මිල්කෝ සමාගම මිලදී ගැනීමට පිඹුරුපත් සකසන අමුල් ඇතුලු ව්‍යාපාරිකයින් මුණගැසීම සිදුවුනා. 

එසේම හරීන් ප්‍රනාන්දු ඇමතිවරය ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආරක්ෂක මර්මස්ථාන ඉන්දියාවට අලෙවි කිරීම ගැන එතුමා ඉන්දියාවට ගොස් සිදුකළ ප්‍රකාෂ පිළිබඳවත් දේශපාලන වේදිකාවේ සඳහන් වුනා. මේ පිළිබඳව ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාෂකර සිටියේ ශ්‍රී ලංකාව මේ වැටී තියෙන අගාධයෙන් ගොඩ ගැනීම, බෙදුම්වාදීන්ගේ ගොදුරට හසුව නව යටත් විජිත වාදීන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබෙන, රටේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන ඉන්දියානුකරණයෙන් බේරා ගැනීම සහ එට්කා ආදී රට හිරවෙන ගිවිසුම් වලින් රට බේරා ගැනීමට හැක්කේ ජාතිකත්වයට මුල් තැන දෙන ජවිපෙ නැවත පිහිටුවුවහොත් පමණක් බවයි. 

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

"ජාතික ජනබල පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ විද්වත් කණ්ඩායමක් ඉන්දියාවෙ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක් කිරීම පිළිබඳව මාලිමා සහ ජවිපෙ පාක්ශිකයො ඉතාමත් උද්යෝගයකින්, උනන්දුවකින් සහ උත්කර්ෂයකින් තමයි මේ දිනවල පසුවන්නෙ. ඒ උත්කර්ශය කෙසේද යත් හරීන් ප්‍රනාන්දුගේ රට ඉන්දියාවට බිලිදීමේ ප්‍රකාෂය පිළිබඳව කතිකාවතක් ඇත්තේම නැති තරම්.

1967 ජවිපෙ පිහිටවපු දා පටන් ඉන්දීය ආක්‍රමණයකට විරුද්ධව සිටි ජවිපෙ තිඹිරිගෙයින් බිහිවුන මාලිමාව මේ එට්කා ගිවිසුම අත්සන් කරන්න ඔන්න මෙන්න කියල තිබියදී ඉන්දීය නිල සංචාරයක් කිරීම විරෝධාභාසයක් ලෙස සළකන්න පුළුවන්. එවන් වාතාවරණයක් පවතින අතරෙ මාලිමා/ජවිපෙ කේඩරයින් පෙර නොවූ විරූ උද්‍යෝගයකින් සමාජ මාධ්‍ය පුරා මාලිමා ඉන්දීය සංචාරය සාධාරණීය කිරීමට අවි අමෝරන් ඉන්නව දකින්න පුළුවන්. මේ තත්ත්වය ජවිපෙ ජාතිකත්ව භූමිකාව මාලිමාව විසින් නැවත පීලි පැන්නීමක් ලෙසට සැළකිය හැකියි.

ජවිපෙ පංති පහේ ඉන්දියානු ආක්‍රමණය පිළිබඳව කුමක් කීවත්; ජවිපෙ ඓතිහාසික මතවාදය වුනේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි බිහි වූ ත්‍රස්තවාදයට සහ බෙදුම්වාදයේ බීජයවූ 'සුළු ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය' පිළිගැනීමයි. කෙසේ වෙතත් 1983 දී පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් ජවිපෙය අසාධාරණ ලෙස තහනම් කිරීමෙන් පසු සූක්ෂම ලෙස තම 'ලයින් එකට' එසේත් නැත්නම් තම මතවාදයට ජාතිකවාදී ලේබලයක් ඇලවීමට ජවිපෙට හැකිවුනා. (ගුණදාස අමරසේකර උපහාර සංග්‍රහය, 446 පි). 

මාලිමාව විසින් ජවිපෙට මේ ජාතිකත්ව භූමිකාව අත හැරෙව්ව වෙන්න පුළුවන්. ඉතිහාසයේ ජවිපාවුන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට ගියේ ජාතිකත්වය වෙනුවෙන් ඔවුන්ගේ භූමිකාව පැවතුන කාලයෙයි. මව්බිම නැතිනම් මරණය වැළඳගත් 88/89 ය භීෂණයෙන් පසුව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය මතින් ගොඩ නැගුන ජවිපෙට චන්ද්‍රිකාගෙ සංධානය යටතෙ මංත්‍රීවරුන් 32ක් පාර්ලිමේන්තු යවන්න හැකි වුනා. 

2008 වනවිට ජවිපෙ නැවත ජාතිකවාදයෙන් පිට පැන ඔවුන්ගෙ 83 ට පෙර තිබුන භූමිකාවටත් වැඩිය අන්තගාමී ස්ථාවරයකට පිවිසුනා. එයයි ඔවුන් 2008 අය වැය පරාජය කර ඉටුකරන්න හැදුවෙ. නමුත් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ආභාශය ලද ජවිපෙ ජාතිකවාදීන් ඒ දේ සිදුවීමෙන් වලක්වා ගත්ත. ඔවුන්, එනම් ජවිපෙ ජාතිකවාදින්, ත්‍රස්තවාදය අවසන් කිරීමට තෝරාගත්‍ රජයත් සමග එක පිළක රැඳුන.

එදා 2004 දී චන්ද්‍රිකා රනිල් ආණ්ඩුව බිඳවැටී 2005 දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිකවාදී රජය පිහිටවා 2009 දී අවුරුදු 30 ක් පැවති යුද්ධය හමාර කරා. 2010දී නෝර්වේ හි නෝර්වීජියානු ලන්ඩන් විශ්ව විද්‍යාලය විසින් 'සටන් විරාම ගිවිසුම හරහා තාවකාලික ආණ්ඩුවක් ලබාදීමට කළ සැළසුම 2004 දී අසාර්ථක වීමට හේතු මොනවද' යන්න අධ්‍යයනය කරා. සුඩානයේ සාර්ථකව අත්හදා බැලුව ක්‍රමය ලංකාවේ අසාර්ථක වේ යැයි ඔවුන් සිතුවේ නෑ. සුඩානයේ එම සැළසුම කොතෙක් අසාර්ථකද යත් අද වෙනවිට සුඩානය උතුර සහ දකුණ වශයෙන් කොටස් දෙකකට බෙදී නොනවතින යුද්ධයක පැටලී තිබෙනව. අපේ රටේද එම මොඩලය ක්‍රියාත්මක වුනානම් මේ වනවිට ශ්‍රී ලංකාවටත් අනිවාර්යයෙන්ම එම තත්ත්වය හිමිවන්න ඉඩ තිබුන. සුඩානය බෙදීමේ මෙහෙයුමත්, 2014 යුක්‍රේනයේ සිදුවූ මයිදාන් කහ විප්ලවයත්, 2022 ලංකාවේ සිදුවූ ගාලුමුවදොර අරගලයත් පිටුපස එකම කාන්තා හස්තයක් පැවති බව සඳහන් වෙනව. 

කෙසේවුවද රටේ වාසනාවකට එදා, 2008 දී, ඒදේ සිදුවීම වැළකුණා. එම වැලැක්වීම ඉබේ සිදුවුනේ නෑ. දෙමල නිජබිම සංකල්පයට හා බෙදී වෙන්වීමේ සංකල්පයට සහයෝගයෙන් සිටි ජවිපෙ  ඉන් ඉවත්ව ජාතිකත්ව භූමිකාව වැළඳ ගැනීමෙන් පසුව 1987 තේ ඉන්දු-ලංකා ගිවිසුමේ සිට ඉන්දියානු ආක්‍රමණයට න්‍යායිකව පමණක් නොව ප්‍රායෝගිකවද එරෙහිවුනා. එදා 88/89 දී ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මව් බිම නැතිනම් මරණය වෙනුවෙන් සටන්කර ජීවිත බේරා ගැනීමට හැකිවූ නායකත්වය එහිදී විශාල කාර්‍යභාරයක් ඉටුකළා. දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පාර්ලිමේන්තු දේශපාලනය නොවූ ජාතික ව්‍යාපාරයක් ලෙස ජන මතය ගොඩ නැගීමට ගෙන ගිය අනවරත දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සහ එස්. එල්. ගුණසේකරයන් හා තිලක් කරුණාරත්නයන් විසින් මෙහෙයවු සිහල උරුමයත්, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්ථවිරයන් මූලික කරගෙන සංඝ රත්නය පාර්ලිමේන්තුව කරා ගෙනයන වැඩපිළිවෙළත් ක්‍රියාත්මකව පැවතුන. කවදත් ජනප්‍රිය මතවාදය අතට ගන්න ජවිපෙ; දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය, සිහල උරුමය හා සෝමහිමියන් ඇතිකල පුනර්ජීවයේ ගාමක බලය අතට ගෙන තවදුරටත් ජාතිකවාදී වීමට මැලිවුනේ නෑ. මෙයින් සිදුවුනේ ජවිපෙය තව තවත් ජාතිකත්ව මතයේ ස්ථාවර වීමයි.

කුප්‍රකට සාම ගිවිසුමෙන් පසු තාවකාලික ආණ්ඩුව පැකේජය පරාද වීමට හේතු ලෙස නෝර්වීජියානු ලන්ඩන් සරසවියට ඒ අනුව ප්‍රධාන කරුණු තුනක් හඳුනා ගැනීමට හැකිවුනා. ඒවානම්: ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ගැටුම, ජනතා විමුක්ති පෙරමුණ ජාතිකවාදී වීම සහ සිහල උරුමය හරහා සංඝයා වහන්සේලා ජාතිකවාදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමයි. ඒ අනුව ඔවුන්ගේ රෙකමදාරුව වූයේ ජවිපෙ, සංඝරත්නය සහ ජාතිකවාදීන් එකිනෙකාට බිඳවීම, කෙටවීම සහ දියකර හැරීමයි. මෙම කටයුත්ත ඉතා සීඝ්‍රයෙන් හා සූක්ෂමව ක්‍රියාත්මක වුනා.

ප්‍රථිඵලය උනේ 2015 දී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව සහයෝගය දුන් මෛත්‍රී, රනිල්, අනුර පිල ජයගැනීමයි. මෙහිදී ජාතික මතවාදයේ සිටි සුළුතරයක් රාජපක්ෂ වරුන්ට ටොක්කක් ඇන්නවීම පිණිස සූක්ෂමව මෙහෙයුව.

රට නෝර්වේ උගුලට හසු වුවද ජාතිකවාදයෙන් විතැන්වුන ජවිපෙට පාර්ලිමේන්තුවේ තෙවැනි බලවේගයක් ලෙස පෙනී සිටින්නට තරම් ජනතා විශ්වාසයක් ලැබුනේ නෑ. ජාතිකත්ව භූමිකාවට පසුව ජවිපෙ ලබාගත් ඉහලම ජනතා ප්‍රචාරය ලැබුනේ 2014 සිට ගෙනගිය 'මහින්ද හොරා' ප්‍රචාරයයි. ඇත්ත වශයෙන්ම මෙහිදීත් ජවිපෙ සිදුකරේ නැසීගිය මංගල සමරවීරයන් විසින් ඇතිකළ සංකල්පයක් ජනප්‍රියවුන පසුව තම ග්‍රහණයට ගැනීමයි. මහින්ද හොරා ප්‍රචාරයේ උච්චතම කාළය වුන 2015 මැතිවරණෙදි ජවිපෙට අත්වුන ඉරණමෙන් ජාතිකත්වයෙන් තොර ජවිපෙට ඇති පිළිගැනීම කුමක්දැයි පැහැදිලි වුනා.

2015 දී නෝර්වේ ව්‍යාපෘතිය නොසිතූ ආකාරයේ ක්‍රියාවක් සිදුවුනා. බලතල නිලතල ලත් ජවිපෙ ජාතිකවාදී නොවූ ව්‍යාපෘති අනුව කටයුතු කළත් ජවිපෙන් විතැන්වුන විමල් වීරවංශ පිළ ජාතිකවාදීන් සමග අවසාන මොහොතේ එක පෙරමුණක සිටගත්ත. මෙය දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය සමග විමල්ලාගේ තිබුන දැඩි බැඳීම හේතුව වන්නට හැකියි. එසේම හෙළ උරුමයේ කණ්ඩායමක්ද ඇමරිකන්, බ්‍රිතාන්‍ය හා ඉන්දු සහයෝගය ලැබූ පිලෙන් ඉවත්වුනා. පසුව ජවිපෙන් නෙරපාහරින හෝ ඉල්ලා අස්වූ සෝමවංශ අමරසිංහයන්ද ජාතිකවාදී පෙල සමග සිටගනිමින් ජවිපෙ විවේචනය කළා. කෝට්ටේ නාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත හිමියන් ඇමරිකන් ව්‍යාපෘති පිළට සහයෝගය දුන්නා වුවත් ජාතිකවාදී පිල සහ මහා සංඝරත්නය බෙදීමට ඇමරිකන් හස්තයට හැකියාවක් ලැබුනේ නෑ. එසේම මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ හදිසි අභාවයද සංඝයාවහන්සේලා ඇමරිකන් ව්‍යාපෘති පක්ෂයට ඇදී යෑම අඩාල කිරීමට හේතුවුනා.

එහි ප්‍රථිඵලයක් ලෙස 2015 දී සිදුවූ ඇමරිකන් ඉන්දියන් ආක්‍රමණයේ ප්‍රථිඵලයවූ යහපාලන රජය 2019 දී අන්ත පරාජයකට පත්කිරීමට හැකිවුණා. ජාතිකවාදීන් ගෙනගිය දැනුවත් කිරීම හමුවේ, ඇමරිකන් හස්තයන් මගින් හසුරුවන්නේ යැයි චෝදනා ලැබූ බැසිල් රාජපක්ෂගේ අදහසවු සුලුජාතීන්ගේ මහ කොටසක් දිනාගැනීමේ කිසිදා ඉටුනොවන අභිප්‍රාය වෙනුවට, 2015 දී අහිමිවුන මහජාතියේ සුළු කොටස දිනාගැනීමේ අභිප්‍රාය ජයග්‍රහණය කිරීමට හැකිවුනා. ජාතිකවාදී මහා සංඝරත්නයේද ආශිර්වාදය ඒ සඳහා නොඅඩුව ලැබුනා. 2015 දී ප්‍රතිගාමී කඳවුර වෙත නැඹුරුව තිබූ කෝට්ටේ නාගවිහාරයේ සහයද 2019 වන විට නැවත ජාතිකවාදී පාර්ශවයට ලැබුණ.

2019 දී ජාතිකවාදින්ගේ නැවත නැගිටීමට මුලික හේතුව වුනේ රටේ ආරක්ෂාව බිඳවැටී තිබීම සහ රට සීඝ්‍රයෙන් බෙදුම්වාදයට නතුවෙමින් තිබෙන බව මහජනතාවට අවබෝධ වීමයි. 2015 දී යහපාලන රජය විසින් ජිනීවාහි සිදුකරන ලද රණවිරු දඩයම පිළිබඳව රටේ විශාල විරෝධයක් ඒවනවිට ගොඩනැගී තිබුන. ජාතිකත්වයෙන් විතැන්වසිටි ජවිපෙට අවමාන සහගත පරාජයකට මුහුණ දෙන්නට සිදුවුනා. ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කිරීමට නැවත ජවිපෙන් විතැන්වූ ජාතිකවාදීන්ද, සෙසු ජාතිකවාදීන්ද සමත්වුනා.

අද වෙනවිට ජවිපෙ/මාලිමාව ඉන්දියන් ආක්‍රමණය හමුවේ දන නමා අවසන්. ජවිපෙ නායකයින්ට අනුව එය කාළය අනුව හැඩ ගැසීමක්. මාලිමා වෘතිකයින්ට අනුව ගෝලීය අවශ්‍යතාවයක්. ජවිපෙ/මාලිමාවේ ස්තාවරය එයනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනයන ඉන්දියානුකරණය කිරීමේ වැඩපිළිවෙළින් ඔවුන් වෙනස් වෙන්නේ කෙසේද? හරින් ඇමතිතුමාට අද බයනැතිව ඉන්දියාවට ගොස් පැවසිය හැකියි ලංකාව ඉන්දියානුවන්ට අවශ්‍ය දේ ලබාදෙන බවට.

අවාසනාවකට එදා ගුණදාස අමරසේකරයන් 'ගනඳුර මැදියම දකිනෙමි අරුනළු' තුල දකින ලද ජවිපෙයක් නොමැති බව මේ වනවිට සනාථ වෙමින් පවතී. අද ජවිපෙ යනු විදග්ධ දේශපාලන දහමක් විසින් මෙහෙයවනු ලබන මැනවින් සංවිධානය වූ දේශපාලන පක්ෂයක් බව සනාථ වෙමින් පවතී. ඊට 'මෙරට ඉන්නා සමාජවාදය පතන දහස් සංඛ්‍යාත ගැමි තරුණ පිරිසක් නියෝජනය කරන සංකීර්ණ ජන සංඝයක්' නියෝජනය කිරීම වෙනුවට ජාතිකත්වය මතක්කළ සැනින් ණයාට අඳුකොළ වැනි තරුණ පිරිසක් බිහි කිරීමට සමත්ව ඇත. ඔවුන්ට ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්දැයි වැටහීමක් නොමැත. උතුරේ සහ නැගෙනහිර පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම ජාතිවාදය යැයි ජනගත කිරීම අරගලය සමයේදී ජවිපෙ/මාලිමාව විසින් සිදුකිරීම ජවිපෙ 83ට පෙර පැවති සුළු ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීම හෙවත් බෙදුම්වාදීන්ට පක්ෂ මගට නැවත හැරීමක් සේ දැකිය හැක.

එසේනම් මේ විජාතිකවීමේ මගෙන් හැරීමට, බෙදුම්වාදී ගමන් මගෙන් ඉවත්වීමට, එට්කා ආදී ගිවිසුම් පලවා හැරීමට, හරීන්ලාගේ උම්මත්තක කතා අවසන් කිරීමට නම් එදා උතුර හා නැගෙනහිරට තාවකාලික රජයක් ලබාදීමට විරුද්ධව කටයුතුකල බලවේග නැවතත් එකතුවිය යුතුයි. එනම් මාලිමාව ගිලනොගත් ජාතිකවාදී ජවිපෙ සහ දේශ හිතෛශී සියළු ජාතික බලවේග වහා කොන්දේසි විරහිතව එකතුවිය යුතුයි."

සම්බන්ධිත පුවත් | Related News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.