ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාව එළියට
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද(08) එළිදැක්වීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණි.
එහිදී මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බවය.
එමෙන්ම එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
එසේම අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර, භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.
මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
එසේම සංඝයා වහන්සේ ගැන භක්තිවන්තයෙකු ගැන එම ශිලා ලේඛනයේ සඳහන්ව තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
බරජය නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන් ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.
එහි පළමු සහ දෙවන පේළිවල සඳහන් අකුරු කියවාගැනීමට අපහසු වූ බව සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහි දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව, ශිව නම් පුද්ගලයෙකු ගැන මෙන්ම බඝුබශිග නැමැත්තෙකුගේ බිරිඳ පිළිබඳව එහි සඳහන් ව ඇති බවය.
මෙම ලිපිය තුළ මැණික් ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් ව ඇති අතර එහි සිව්වැනි පේළියේ ගම්පාලක කෝලිත නමැති පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ගම්පාලක කෝලිත නමැති පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර තිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සටහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.
සූරතිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
මේ අතර ගම්දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයෙකු ගැනද තෙරුන් වහන්සේ නමක් පිළිබඳවද එහි සඳහන් ව තිබූ බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු දිශාව ගැන යම් සඳහනක් අදාළ සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවත්, විශාකා නම් කුමාරයෙකු පිළිබඳවත් බ්‍රාහ්මණ ගමෙහි ඇති අරිය නම් වෙළෙඳ ආයතනයක් ගැනත් මෙම සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවත් මහාචාර්යවරයා පවසයි.
2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා