News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරයට ජවිපෙ කොළඹ දිස්ත්‍රික් නායකයෙකුයි ඔහුගේ පුතුන් තුන්දෙනයි සම්බන්ධ වුණා... ජවිපෙ කතෝලික මිනිස්සුව මැරුවේ ගෝඨාභය දිනවන්න ද? - ප්‍රසන්න අසයි

Feb 6, 2024 at 07:05 AM
|

මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු තම පක්ෂයේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බවත් එසේ සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදිය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා පවසන්නේ මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවයි. වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා ඉහළම සුදුසුකම් ඇති බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනෙහිමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ අනුර කුමාර දිසානායකලා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හෝ රට සංවර්ධනය කරන වැඩපිළිවෙලක් ගැන කිසිදාක කතා නොකරන බවයි. එවැනි කයිවාරු කාරයකුගෙන් රටක සංවර්ධනයක් බළාපොරොත්තුවිය නොහැකි බවද ඔහු කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට දේශපාලන සිස්ටම් එකක් හැදුවා. දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. එතුමා දේශපාලනය කරන්න පටන් ගත්තේ ඔක්කොටම එක තැනක වාඩි වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න කියන ඉල්ලීම කරලයි. ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි රටට හොඳ දේ කරනව කිව්වා. අපි ගත්ත තීන්දු ජනප්‍රිය තීන්දු නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ රටේ මිනිස්සුන්ට සිස්ටම් එක පුරුදු කළ එකයි. මිල සූත්‍රයක් දුන්නා මිල වැඩිවෙනකොට වැඩි වෙන්නත් අඩුවෙනකොට අඩු වෙන්නත්. රුසියාව යුක්රේන යුද්ධය නිසා ඉන්ධන මිල වැඩි වෙනවා.

අනුර කුමාර දිසානායක අද කතා කරන්නේ ඒ අය ආණ්ඩුවල හිටියේ නෑ වගෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එනකොට මෙයා තමයි විහාරමහා දේවිය කියලා ගෙනාවේ. එතුමිය දිනවලා ඇමතිකම් හතරකුත් ගත්තා. ඒ මැතිවරණයේදී රෙජි මහත්තයා පැරදුනා. ඒ අය ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණා.

මහින්ද රාජපක්ෂ මහත්තයා ගේනකොට දකුණේ දුටුගැමුණු කියලා ගේනාවා. මහින්ද චින්තනය තමයි රටට ගැලපෙන්නේ කියලා ඔවුන්ගේ නායකයෝ කියනවා දකිනවා. අපිත් එක්ක එකතු වෙලා පස්සේ සරත් ෆොන්සේකා එක්ක එකතු වුණා. එතැනින් ගියේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල හදපු යහපාලන ආණ්ඩුවට ගියා. ඊට පස්සේ දුෂණ කමිටුවේ සභාපති ලෙස අනුර කුමාරගේ ලේකම් කටයුතු කළා. අනුර කුමාරයි එය මෙහෙයුවේ. ඒ අණ්ඩුවෙත් හිටියා. අපි 225 හිටියේ නෑ ආණ්ඩු කළේ නෑ කියලා ඔවුන්ට කියන්න බෑ. අලුත් මතයක හදන්න හදනවා අද. 88/89 කාලවලදී වුණ දේවල් 2000 පස්සේ පරම්පාරාව දන්නේ නෑ.

තමන්ගේ දේශපාලන මතවාදයට ගරු කරන්නේ නැත්තම් තුණ්ඩුවට කඩේ වැහුවේ නැත්තම් ඒ මිනිහව වෙඩි තියලා මැරුවා. රෑට ගෙවල් වලට ගිහින් මිනිස්සු මැරුවා. අපේ පක්ෂ කවදාවත් මිනී මරලා, රාජ්‍ය දේපළ ගිනි තියලා විනාශ කරලා නෑ. ඒ හැම අපරාදයක්ම කරපු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. අද ඔවුන්ට ඒ පාපයෙන් ගැලවෙන්න බෑ. ඒ ඉතිහාසය දන්න මිනිස්සු හැමදාම ජනතා විමුක්ති පෙරමුණ 3% තියන්නේ ඒ නිසයි. ඊයේ පෙරේදා මහගම කාන්තා සම්මේලනයක් තිබුණා. බයිසිකල්වලින් කාන්තාවෝ 300ක් විතර ගියා. මම මේ රැස්වීමට කලින් ගියේ ඒ ගමට. මම ගිහින් ඇහුවේ ඒ ගමේ පවුල් කීයක් තියෙනවද කියලා. ඡන්ද නාමලේඛනය ගත්තම ඉන්නේ කාන්තාවෝ 170යි. මම ඇහුවේ මේ ගමේ පිරිමින්ට ගෑණු දෙන්නා දෙන්නා ඇති නේද කියලා.

රාජපක්ෂලා හොරා කෑව කියන ජනතා විමුක්ති පෙරමුණට තමන් කරපුව අමතකයි. ඔවුන් 88/89 කාලයේදී දේපලවලට ගිනි තිබ්බා. ඒක නිසා මේ ආර්ථික අර්බුධයට ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතුයි. ආර්ථික ගැටළුව ගෝඨාභය මහත්තයාගේ කාලයේ සිද්ධ වුණ දෙයක් නෙමෙයි. වසර 30ක යුද්ධයක් තිබුණා. යුද්ධය තමයි හොරකන් කරන්න තිබුණ හොඳම මාර්ගය. 2005 වසරේ මහින්ද මහත්තයා දිනලා 2009 වසරේදී අපි යුද්ධය අවසන් කළා. එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා කොටින්ට ආයුධ සහ මුදල් ලබා දුන්නා.  දීපු ආයුධවලින් අපේ පොලිස් නිලධාරීන් 600කට වඩා මැරුණා ඔබට මතක ඇති. එහෙම ඉතිහාසයක් අපිට තිබුණා. ලෝකයේ රටවල් ආධාර කරනකොට අපිට යුද්ධය කරන්න ආධාර කළේ නෑ. අපේ රටේ ලැබෙන ආධායම වියදම් කළේ යුද්ධයට. යුද්ධය නිසා, ස්භාවික විපත්, 83 කලු ජූළිය වැනි දේ නිසා අපේ ආර්ථිකය ආපස්සට ගියා.

ජනතා විමුක්ති පෙරමුණ මැයි 9 වැනිදා කළෙත් 88/89 කාලයේ කරපු දේමයි. අරගලකාරයෝ වැඩි හරියක්ම ගෙවල් ගිනි තිබ්බේ ගම්පහ. මිනුවන්ගොඩ ආසනයේ ගෙවල් 13ක් ගිනි තිබ්බා. ඔවුන් ඒ හැමදේම කළේ අපිව ජනතාවගෙන් ඈත් කරන්නයි. ඔවුන් තේරුම් ගත්තේ නෑ අපිව තලන්න තලන්න තමයි මුවහත් වෙන්නේ කියලා. සංචාරකයෝ දැන් වැඩි වශයෙන් ලංකාවට එනවා. දැන් විරෝධතා, උද්ඝෝෂණ පවත්වනවා. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒකත් කඩා කප්පල් කරන්න හදයි. ජනතා විමුක්ති පෙරමුණ ගමේ වැඩක් කරන්න දෙන්නෙත් නෑ. ඔවුන් කරන්නෙත් නෑ. ඔවුන් කටයුතු කරන්නේ සමාජ වෛරක්කාරයෝ විදියටයි. මලකඩ කාපු දේශපාලන කරන්න එපා. රට ගැන හිතලා වැඩකරන්න කියලා මම අනුර කුමාර කියනවා.

මගේ දේශපාලන මතයට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා නිර්පාක්ෂිකයෙක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට එන්න ඕනි. අපි ඔක්කොම එකතු වෙලා එතුමට උදව් කරන්න ඕනේ. එදා අපි මහින්ද මහත්තයව දිනෙව්වේ යුද්ධය ඉවර, බයක් සැකක් නැතුව සාමයෙන් මේ රටේ ජීවත් වෙන්න වතාවරණය හදන්නයි. අපි ජාතික නායකයෝ තොරනකොට ජාතික ප්‍රශ්නයක් ඉල්ලක කරගෙනයි තෝරා ගත්තේ. යුද්ධය ඉවර වුණාම යටිතල පහසුකම් හදලා රට සංවර්ධනය කරන්න මහින්ද මහත්තයව මිනිස්සු තෝරා ගත්තා. රට සිස්ටම් එකකට ගේන්න යහපාලනයක් ඇති කරන්න කියලා මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝර ගත්තා. මම එදා ඔහුට විරුද්ධව කටයුතු කළ කෙනෙක්. ඔහු වැඩ කළාද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරය එක්ක, ජාතික ආරක්ෂාව කඩන් වැටෙන කොට තමයි ගෝඨාභය මහත්තයව ගෙනාවා. පාස්කු ප්‍රහාරය කළේ අපි කියලා අද අපිට චෝදනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊබ්‍රහීම් කියන මනුස්සයයි එයාගේ පුත්තු තුන්දෙනා එකතු වෙලා බෝම්බ තිබ්බේ. පුත්තු තුන්දෙනාම ජවිපෙ බල මණ්ඩලවල හිටපු අයයි. ගෝඨභාය දිනවන්නද ජවිපෙ කතෝලික මිනිස්සුව මැරුවේ කියල මම ජනතා විමුක්ති පෙරමුණේන අහනවා."

– ප්‍රදීප් අනුර කුමාර

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.