චීනයට එකට එක කිරීමට ඉන්දියාව ප්‍රහාරක සබ්මැරීනයක් ලංකාවට එවයි
ඉන්දීය නාවික හමුදාවේ INS Karanj, ඩීසල් ප්‍රහාරක සබ්මැරීනය සති අන්තයේ ශ්‍රී ලංකාවේ නැංගුරම් ලා ඇති බව වාර්තා වේ. එම සබ්මැරීනයේ ශ්‍රී ලංකා සංචාරය නවදිල්ලිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක සිරවී ඇති ඉන්දීය සාගරයේ තවත් දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනට චීන නාවික යාත්‍රාවක් පැමිණීම සමග සමපාත වේ.
මෙම ප්‍රහාරක සබ්මැරීනය සෙනසුරාදා විධිමත් සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව X (කලින් ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළේය.ශ්‍රී ලංකා නාවික හමුදාව චාරිත්‍රානුකූල සබ්මැරීන් යාත්‍රාව පිළිගත් අතර ඉන්දියානු සබ්මැරීන් යාත්‍රාවට ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් දුසිම් ගනණක් ගොඩවී සිටිනු දක්නට ලැබුණි.
චීනය ඉන්දියන් සාගරයේ සිදු කරන බවට වාර්තා වන පර්යේෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කරන පසුබිමක මෙම ඉන්දියානු ප්‍රහාරක සබ්මැරීන් යාත්‍රාව පැමිණ තිබේ. මේ අතර ජනවාරි 1දා ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ, කිසිදු චීන පර්යේෂණ යාත්‍රාවකට ශ්‍රී ලංකා වරායේ නැව්ගත කිරීමට හෝ එහි සුවිශේෂී ආර්ථික කලාපය තුළ (EEZ) වසරක කාලයක් තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවයි.
චීන නෞකාවක් වන Xiang Yang Hong 03, මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබී ඇති අතර ජනවාරි මාසයේදී මාලදිවයිනට ගමන් කරමින් සිටි බව විවෘත මූලාශ්‍ර බුද්ධි (OSINT) නිරීක්ෂකයින් සහ සමුද්‍ර ලුහුබැඳීමේ ද්වාර විසින් නිරීක්ෂණය කරන ලදී. එම අවස්ථාවේ යාත්‍රාවේ ගමන් මග පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පැවසුවේ සංවේදී දත්ත එක්රැස් කිරීම සඳහා නෞකාව භාවිතා කළ හැකි බවට ඇති කනස්සල්ල මධ්‍යයේ ඔවුන් එළඹ තිබෙන තත්වය “හඹා යමින්” සිටින බවයි. පසුගිය ජනවාරි මාසයේ දකුණු චීනයෙන් පිටත් වූ මෙම යාත්‍රාව මේ සතිය අග වන විට මාලේ නුවර වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, මාලදිවයින පසුගිය සතියේ ප්‍රකාශ කළේ Xiang Yang Hong 03 නෞකාව සාගර තලයේ හිඳ පර්යේෂණ සිදු නොකරන බවත්, “කාර්ය මණ්ඩලය මාරු කිරීම” සහ අවශ්‍ය ඉන්ධන ඇතුලු වෙනත් කළමනා නැවත පිරවීම සඳහා වරායට පිවිසීමට අවසර ලබා දෙන ලෙස චීනය කළ ඉල්ලීම පරිදි නැව් තටාකයට ඇතුළු වීමට අවසර දුන් බවයි. බීජිං සමඟ මාලේ අතර සබඳකම් වල මෙම වර්ධනීය තත්වය ඇතිවන්නේ නවදිල්ලිය සමඟ මාලේ නුවර සබඳතා නරක අතට හැරෙන තත්වයන් මධ්‍යයේ ය. මාලේ දූපත් සමූහයේ ක්‍රියාත්මක වන ඉන්දීය හමුදා සාමාජිකයන් 80ක් පමණ ඉවත් කර ගන්නා ලෙස පසුගියදා මාලදිවයින ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.
මතභේද සමනය කිරීම සඳහා පසුගිය සතියේ ඉන්දියාව සහ මාල දිවයින අතර පැවති දෙවන ඉහළ මට්ටමේ හමුවකින් පසුව, මාලේ පැවසුවේ මාර්තු මාසයේ සිට අදියර වශයෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගන්නා බවයි. මෙම තත්වයන් වර්ධනය වන්නේ බීජිං පරිපාලනය පසුගියදා මාලදිවයිනෙහි සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 130 ක් ලබා දෙන බවට කොළ එළි දැල්වීමත් සමඟ මාලේ බීජිං සබඳතා ගැඹුරු ඉමකට ගමන් කරමින් සිටින විට ය.
‘පර්යේෂණ යාත්‍රා’ සමීක්ෂණ සඳහා පමණක් නොව අවට ස්ථානවලින් අත්හදා බලන මිසයිල හෝ චන්ද්‍රිකා නිරීක්‍ෂණයට මෙන්ම සෝදිසියෙන් සිටීමට ද භාවිත කරන බව ඉන්දියාව විශ්වාස කරන හෙයින්, චීනය ඉන්දියන් සාගරයේ සිටීම ඉන්දියාවේ කනස්සල්ලට හේතුවක් ලෙස සලකයි. පසුගිය වසරේ, ඉන්දීය නාවික හමුදාව පාර්ලිමේන්තු කමිටුවකට අනතුරු ඇඟවූයේ, චීනයේ පර්යේෂණ යාත්‍රා වලට අමතරව, චීන නැව් පහක් හෝ නවයක් ඉන්දියානු සාගර කලාපයේ ඕනෑම මොහොතක ක්‍රියාත්මක වන බවත් එය ඉන්දියාවට ආරක්ෂක අවදානම් ඇති කරන බවත්ය.
https://www.rt.com/india/591880-india-sends-attack-sub-to-sri-lanka/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා