රටේ අර්බුදයට විසඳුම රනිල් වික්‍රමසිංහගේ රට විකුණාගෙන කන, නියෝ ලිබරල් ගමනද? - විමල් පැහැදිලි කරයි (වීඩියෝ)
රටේ ඇතිවන අර්බුදය කළින්ම දැක ගෝඨාභය රාජපක්ෂ පාලනය ඇහැරවීමට උත්සාහ දැරූ බවත්, එහෙත් එය කළ නොහැකි තැනකට ඒ වන විට ගෝඨාභය පාලනය පත්ව තිබූ බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජනහමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ආර්ථික අර්බුද ලෝකයට අලුත් දෙයක් නොවන බවත්, 1990 දී ඉන්දියාවේ ද මෙවැනිම ආර්ථික අර්බුදයක් ඇති වූ බවත් ය.
එහිදී එවකට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වූ වජ්පායි මහතා විසින් එරට ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතාව ගෙන්වාගත් බවත්, ආර්ථිකය ගොඩනැගීමට ඔහුට පවරා වජ්පායි මහතා දේශපාලනයේ නිරත වූ බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
එහෙත් ලංකාවේ සිදුවූයේ මොළහතක් ඇති බව පැවසූ බැසිල් රාජපක්ෂ ගෙන්වාගෙන ආර්ථිකය භාරදීම බවද, ඔහු රටේ ඩොලර් හිඟය සතියෙන් විසඳන බව පැවසූ බවද ඒ මහතා සඳහන් කරයි.
අද වන විට පාකිස්තානයේ ද දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බවත්, ණය ගෙවීමට නොහැකි බව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ නායකයාට ද පවසා ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැති බවද වීරවංශ වහතා පවසයි.
රටේ ආර්ථික අර්බුදයක් ඇති වීමට ප්‍රධානතම හේතුවක් වූයේ 2018 වසරේ රනිල් වික්‍රමසිංහලා, සිරිසේනලා, අනුර දිසානායකලා එක්ව ගොඩනැගූ යහපාලන ආණ්ඩුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය 12.5ක ප්‍රමාණයක් ලබාගැනීම බවද, අද මෙම අර්බුදයට ප්‍රතිකාර ලෙස රනිල් වික්‍රමසිංහ ලබා දෙමින් සිටින්නේ ඔහුගේ නියෝ ලිබරල්, රට විකුණාගෙන කන, රට යටත් විජිත කොළණියක් බවට පත්කරමින් යන ගමන බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා