
රුසියාවේ ලිසිචන්ස්ක් නගරයේ බේකරියකට යුක්රේනය එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 28ක් මරුට
රුසියාවේ ලුගන්ස්ක් මහජන ජනරජයේ (LPR) ලිසිචන්ස්ක් නගරයට එල්ල වූ යුක්රේන මිසයිල ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව කළාපයේ වැඩබලන ප්‍රධානියා සහ හදිසි සේවා අංශ ප්‍රකාශ කරයි.
පසුගිය 03 වනදා කාර්යබහුල වේලාවකාදී බේකරියකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ගොඩනැගිල්ල අර්ධ වශයෙන් විනාශ විය. රුසියාවේ විමර්ශන කමිටුවේ මූලාශ්‍ර මාධ්‍ය වෙත පැවසුවේ, බටහිර රටවල් විසින් කියෙව් වෙත සැපයූ ප්‍රතිපාදන මගින් මිළදී ගෙන තිබූ එක්සත් ජනපදයේ නිෂ්පාදිත HIMARS නැමැති බහු රොකට් දියත් කිරීමේ පද්ධතියක් භාවිතයෙන් බෝම්බ හෙලීම සිදු කර ඇති බවයි.
සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් දස දෙනෙකු බේරාගෙන ඇති අතර තුවාල ලබූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ලිසිචන්ස්ක් නගරයට එල්ල කළ "ම්ලේච්ඡ" යුක්රේන ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ලුගන්ස්ක් මහජන ජනරජය ඊයේ (4) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද වාර්තා වේ.
මේ අතර රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා මහත්මිය බෝම්බ ප්‍රහාරය සිදුවී සුළු මොහොතකට පසු ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ යුක්රේන හමුදා හිතාමතාම බේකරිය ප්‍රහාරක ඉලක්කයක් කර ගත් බවයි. “සෙනසුරාදා දිනවල ප්‍රදේශවාසීන් සාම්ප්‍රදායිකව පේස්ට්‍රි සහ සිල්ලර බඩු මිළදී ගැනීම සඳහා වැඩිහිටි පුද්ගලයින් දරුවන්ද සමඟ එහි පැමිණෙන බව හොඳින් දන්නා” බව අනාවරණය කළ අතර බෝම්බ හෙලීම යුක්රේනයේ තවත් "ත්‍රස්තවාදී ක්‍රියාවක්" බව අවධාරණය කළාය.
2022 සැප්තැම්බර් මාසය වන විට පුද්ගලයින් 93,000ක් පමණ වාසය කළ ලිසිචන්ස්ක් නගරය 2022 ජූලි මස මුලදී රුසියානු හමුදාව විසින් නිදහස් කරගන්න ලද නගරයකි. යුක්‍රේන රුසියා දේශසීමාව අසලම පිහිටි ලුගන්ස්ක් මහජන ජනරජයට අයත් ලිසිචන්ස්ක් නගරය යුක්රේන ෂෙල් වෙඩි සහ මිසයිලවල නිරන්තර ඉලක්කයක් වී ඇත. පසුගිය 03 වනදා එල්ල වූ ප්‍රහාරය මෙම නගරයට මෙතෙක් යුක්‍රේනය එල්ල කළ දරුණුම ප්‍රහාරය වන්නේය.
https://www.rt.com/russia/591815-lisichansk-lugansk-bakery-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
