ජනාධිපතිවරණයේ දී අපේ උදව් නැහැ - පොහොට්ටු මහ ලේකම් සාගර, ජනපති රනිල්ට කියයි
ඉදිරි ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව ඔහු වෙත පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ජාතික පුවත්පතකට පවසා තිබේ.
මහලේකම්වරයා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 01 වැනිදා පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති රැස්වීමේදීය.
එහිදී ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ විමසා ඇති අතර එහිදී තවදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කරනවා නම් ඒ සඳහා සර්ව පාක්‍ෂික සමුළු නොකැඳවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමග වෙනම සාකච්ඡා කළ යුතු බවයි.
එම රැස්වීම ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව පවත්වා ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අමතරව එම පක්‍ෂයෙන් වෙන්වී ගිය නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ටිරාන් අලස් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයේ සාමාජිකයන් සහභාගි වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා