News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ආදායමෙන් 64% ක් භුක්ති විඳින්නේ ඉහළම ධනවතුන් 10% ක්... පහළම ස්තරය 50%ක පිරිස භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4%යි - විමල් වීරවංශ

Jan 31, 2024 at 06:41 AM
|

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් එළිදක්වා ඇති බවත් එහි "ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිනු ලබන්නේ ඉහළම ධනවතුන් සියයට 10කි. පහළම ස්තරය වූ සියයට 50ක පිරිස භුක්ති විඳිනු ලබන්නේ ජාතික ආදායමෙන් සියයට 4කි." යන කරුණු ද අන්තර්ගතව ඇතැයි අනාවරණය කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරන්නේ, රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවයි.

මෙම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු "තොග පිටින්" පැටවීමෙන් මේ පහළම සිටින සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් දැනට භුක්ති විඳිනු ලබන සියයට 4 ද අහිමි වීමට හැකි බවත් මෙමගින් පැහැදිලි වන්නේ "වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරවය" යන්න බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද(30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

"ධනවත්ම සියයට 10ට ජාතික ආදායමෙන් සියයට 64ක්"

"තවමත් පොදු ජනතාව අතට පත්ව නොමැති වුවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. එම කරුණු අතර ශ්‍රී ලංකාවේ ධනවත්ම සියයට 1 ජාතික ආදායමෙන් සියයට 31ක් භුක්ති විඳින බවත් එම ඉහළම ධනවතුන් සියයට 1ත් ඇතුළුව ධනවත්ම සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳින බවත් සඳහන් වෙනවා.  මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සියයට 40ක පිරිස ජාතික ආදායමෙන් සියයට 32ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය හෙවත් යටම සිටින සියයට 50 භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4ක් බවත් එහි සඳහන්. මෙමගින් අපට පෙනී යනවා, 'මේ රටේ ආදායම් බෙදී යෑමේ විෂමතාව කොතරම් බරපතළ ද?' කියා.

"විෂම බදු ක්‍රියාවලියක්!" 

මේ කනගාටුදායක තත්ත්වය තවදුරටත් විමසා බැලුවොත් ඔබට පෙනේවි, දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වය ලබා දෙන්නේ මේ ජාතික ආදායමෙන් සියයට 4ක් භුක්ති විඳින ඉහත කී සියයට 50ක පහළම ස්තරය බව. මේ සියයට 50ක පිරිස තමයි වැඩිපුරම ශ්‍රමය වගුරවන්නේ; කෘෂිකාර්මික නිෂ්පාදනයේ ප්‍රධානතම බලවේගය වන්නේ. ඉහළම ධනවතුන් සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිද්දී පහළම ස්තරය වූ සියයට 50 භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4ක් නම් මේ රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ඊට සරිලන ආකාරයට නොවේද? මේ විෂමතාව පිළිබඳව කිසිසේත්ම නොසිතා වක්‍ර බදු 'තොග පිටින්' පැටවීමෙන් මේ යටම සිටින සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් දැනට භුක්ති විඳින සියයට 4ක ප්‍රමාණයත් අහිමි වීමට පුළුවන්. මේකෙන් පැහැදිලියි, 'අපේ රටේ පාලකයෝ පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් නොවෙයි' කියා. ඒකයි මෙවැනි විෂම බදු ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ.

වැට් බදු  පරාසය පුළුල් කළාම...

දැන් බලන්න, සියයට 18ක වැට් බද්ද  බලපාන පරාසය පුළුල් කර තිබෙනවා. ඒ අනුව දේශීය ටින්මාළු නිෂ්පාදනයට, දේශීය පොල්තෙල් නිෂ්පාදනයට, දේශීය ටැක්සි සේවාවන්ට(PickMe එකට වැට් බදු ගහනවා. Uber එකට නැහැ.) වැට් බද්ද ගහනවා. මේකෙන් වෙන්නේ දේශීය නිෂ්පාදන, දේශීය සේවා සපයන ආයතන බිඳවට්ටලා විදේශීය නිෂ්පාදන, විදේශීය සේවා සපයන ආයතන දිරිගැන්වීම. දේශීය ටින්මාළු නිෂ්පාදකයන් පවසා තිබෙනවා, 'මේ වැට් බද්ද නිසා අපේ ටින්මාළු කර්මාන්ත ශාලා 16ක් වසා දැමීමට සිදු වෙනවා' කියා. මේ විදිහට දේශීය කර්මාන්ත, සේවා සපයන දේශීය ව්‍යවසායන් වැසී යන විට අවසානයේ සිදු වන්නේ  ඉහත කී සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් හිමි වන සියයට 4ක කොටස ද පහළ වැටීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම... 

මේ අනුව පැහැදිලියි, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුව මේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව අපේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වැටෙනවා මිසක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නේ නැහැ' කියා. දැන් බලන්න, නිදසුනක් ලෙස තේවලට ගහන පොහොර ටිකටත් වැට් බද්ද ගැහුවාම අපේ අපනයන ආදායම වැඩි වෙයිද? ඒ වගේම ඉන්දියාවේ අදානි සමාගමෙන් සුනිත්‍ය බල විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 50ට නම්, එය අවුරුදු 9ක ගිවිසුමකට යටත් නම් ඒකෙන් සිදුවන්නෙත් දේශීය නිෂ්පාදනවල පිරිවැය ඉහළ යාමයි. අවසානයේ අධික බදු ගැසීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම විසින් දේශීය නිෂ්පාදනවලට විදේශීය වෙළඳපොළ තුළ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙනවා.

"එට්කා පැමිණීම : හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටීම"

මේ විදිහට දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට සලස්වා ඇති මේ ආණ්ඩුව දැන් සූදානම් වෙනවා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන්න. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට හා වෙළඳාමට සම්බන්ධ වීමට අවස්ථාව උදාවෙනවා. ඉන්පසු සිල්ලර වෙළඳාමට, තොග බඩු වෙළඳාමට, ටැක්සි සේවා, හෙද සේවා ඇතුළු සියලු සේවාවන්ට ඉන්දියානුවන් නිදහසේ පැමිණේවි. එට්කා ගිවිසුම අත්සන් කළොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට නිසැක ලෙසම පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝක ආර්ථික සමුළුවේදී කිව්වා, 'ඉන්දියාව සමග අපි බලශක්ති ඒකාබද්ධකරණයකට යනවා. ඒ විතරක් නොවෙයි දෙරටෙහි රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා' කියලා. රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා කියන්නේ, රේගු දෙක ඒකාබද්ධ කිරීමටයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මේ වෙලාවෙ එට්කා ගිවිසුම අත්සන් කළොත් ඒක 'හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටුණා  වගේ' වෙයි.

මේ සියල්ල පිළිබඳව හොඳ අවධානයෙන් නොසිටියොත් අපේ රට තවදුරටත් දරුණු අගාධයකට ඇදවැටෙන එක වළක්වන්න බැහැ. 'එය වළක්වාගැනීම සඳහා මුළු වෙර යොදා කටයුතු කිරීමට පෙරට එන්න' කියා මේ රටේ ජනතාවට ආයාචනය කරනවා"

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.