
එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් අමරවීර සහ තිලංග ඉවත් වීමට කැමැත්තෙන්
එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් අද (30) උදෑසන එම ධුරවලින් ඉවත් වනු ඇති බව වාර්තා වේ.
පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.
එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී තිබේ.
ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී යෝජනා 03ක් සම්මත කරගෙන ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
"අද ප්‍රධාන වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව තමා කැඳවුයේ. ඒ කියන්නේ පුටුව ලකුණින්. පොදුජන එක්සත් පෙරමුණ විදියට පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා ඇතුළු වෙන්න. ඒ අනුව අපි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තියෙනවා. අපේ පක්ෂ මුලස්ථානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය අපි කරගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය කරගෙන සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්න පොදුජන එක්සත් පෙරමුණට. බුලත්කොළේ ලකුණට දැන් නඩුනේ. මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි. අද නම් කිව්වා අපිට භාරදෙනවා කියලා. අපි බලාපොරාත්තු වෙනවා නඩු දාගෙන ඉන්න දෙන්නා ඉල්ලා අස්වෙලා බුලත්කොළේ සන්ධානය ගන්නත්."
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
