එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් අමරවීර සහ තිලංග ඉවත් වීමට කැමැත්තෙන්
එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් අද (30) උදෑසන එම ධුරවලින් ඉවත් වනු ඇති බව වාර්තා වේ.
පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.
එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී තිබේ.
ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී යෝජනා 03ක් සම්මත කරගෙන ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
"අද ප්‍රධාන වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව තමා කැඳවුයේ. ඒ කියන්නේ පුටුව ලකුණින්. පොදුජන එක්සත් පෙරමුණ විදියට පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා ඇතුළු වෙන්න. ඒ අනුව අපි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තියෙනවා. අපේ පක්ෂ මුලස්ථානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය අපි කරගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය කරගෙන සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්න පොදුජන එක්සත් පෙරමුණට. බුලත්කොළේ ලකුණට දැන් නඩුනේ. මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි. අද නම් කිව්වා අපිට භාරදෙනවා කියලා. අපි බලාපොරාත්තු වෙනවා නඩු දාගෙන ඉන්න දෙන්නා ඉල්ලා අස්වෙලා බුලත්කොළේ සන්ධානය ගන්නත්."
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..