විදුලි ගාස්තු වැඩිවීම පිටුපස තිබූ කුමන්ත්‍රණය ගැන හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා හෙළිකරයි (වීඩියෝ)
විදුලි ගාස්තු වැඩිවීම පිටුපස කුමන්ත්‍රණක් ඇති බවත්, 2022 ජුනි මාසයේ සිට 2023 ජුනි මාසය දක්වා කාලය තුළ විදුලි ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය නිරීක්ෂණය කිරීමේ දී එය හොඳින් දැකගත හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටින ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් සිදුකළ අනීතික ලෙස හා අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම සහ එමගින් සිදුකෙරන විදුලි විසංධිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට ඊයේ(29) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
2022 ජුනි මස ඒකක 43ක් පරිභෝජනය කළ තැනැත්තෙකුට විදුලි ගාස්තුව ලෙස අය වූයේ රුපියල් 200ක වැනි මුදලක් බවත්, එහිදී ඒකකයක මිල රු. 4යි ශත 60ක් වූ බවත් ජලවිදුලි උත්පාදනයට වැයවන්නේ රු.3යි ශත 40ක් වන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
2022 සැප්තැම්බර් මාසයේදී එම ඒකකයක මිල රු. 12 යි ශත 13කට වැඩිවී ඇති බවද, එහි ප්‍රතිශතය ලෙස සියයට 263කින් වැඩිවී ඇති බවද මෙම ඒකක 43ක් පරිභෝජනය කරන පිරිස මෙරට දිළිඳු ජනතාව හෙයින් එම පිරිසගේ විදුලි ඒකකයක මිල රු.12 යි ශත 13 කින් ඉහළ යාම දැවැන්ත ප්‍රශ්නයක් බවද සරත් එන්. සිල්වා මහතා පවසයි.
2023 පෙබරවාරි මාසය වන විට එම ඒකකයක මිල රු.15 යි ශත 40ට වැඩිවූ බවත්, එය ප්‍රතිශතයක් ලෙස සියයට 334ක වැඩිවීමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි. 2023 මාර්තු මාසය වන විට ඒකක 38ක් පරිභෝජනය කළ තැනැත්තාට රු1374 ක් ගෙවීමට සිදුවූ බවත්, අප්‍රේල් මාසය වන විට මෙම මුදල තවත් ඉහළ ගිය බවත් ඒ මහතා පවසයි. මෙම මිල ඉහළ දැමීම නිසා විදුලිය පරිභෝජනය කරන්නන්ට විදුලි ගාස්තු ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බවද, රටේ ලක්ෂ 51ට විදුලිය රතු බිල් ලැබී ඇත්තේ මේ නිසා බවද සරත් එන් සිල්වා මහතා පවසයි.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද 'අඳුරට එළියක් එළියට සවියක් සංවිධානය' මගින් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM