
ගෝඨාභයලා, මහින්දලා දැන් රනිල්ට බයයි... රනිල්, රාජපක්ෂලාව දණගස්වා ඉවරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම පනත රාජපක්ෂලාගේ ප්‍රශ්නයක් නොවන බවත්, එහි අනතුර ඇත්තේ මේ රටේ යුද්ධය අවසන් කළ හමුදා නයකයන්ට හා රණවිරුවන්ට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රාජපක්ෂලාගේ නාමය තවදුරටත් මේ රටේ දේශපාලනයට අදාළ නොවන බවද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔවුන් යටත් වී බයෙන් සිටින බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගේ ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදීමෙන් පාවාදුන් බවත්, අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම 69 ලක්ෂයක ජනතාවට එරෙහිව ක්‍රියාන්විතයක් දියත්කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සත්‍ය සෙවීමේ කොමිසම පනත මේ රටේ රණවිරුවන් පාවාදෙන දුෂ්ඨතම පනත බවද පවසන ඒ මහතා, මේ පනත සම්බන්ධයෙන් තම සංවිධානය හරහා හමුදා නායකයන් දැනුම්වත් කරමින් සිටින බවද සඳහන් කරයි.
එහිදී රාජපක්ෂවරු මෙම පනත සම්බන්ධයෙන් කුමක් පවසන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ " සත්‍ය සෙවීමේ කොමිසම් පනත කියලා භයානක පනතක් එනවා සරත්... ඔයගොල්ලො ඒ ගැන මොනවත් නොකර ඉන්නේ ඇයි?" දැයි ගෝඨාභය රජපක්ෂ මහතා විමසූ බව සරත් වීරසේකර මහතා පැවසූ බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා, සරත් වීරසේකර මහතාගෙන් එසේ විමසනවාට වඩා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් විමසීමට තිබූ බවත්, එසේ විමසීමක් නොකරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඇති බය නිසා බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
