ගෝඨාභයලා, මහින්දලා දැන් රනිල්ට බයයි... රනිල්, රාජපක්ෂලාව දණගස්වා ඉවරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම පනත රාජපක්ෂලාගේ ප්‍රශ්නයක් නොවන බවත්, එහි අනතුර ඇත්තේ මේ රටේ යුද්ධය අවසන් කළ හමුදා නයකයන්ට හා රණවිරුවන්ට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රාජපක්ෂලාගේ නාමය තවදුරටත් මේ රටේ දේශපාලනයට අදාළ නොවන බවද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔවුන් යටත් වී බයෙන් සිටින බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගේ ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදීමෙන් පාවාදුන් බවත්, අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම 69 ලක්ෂයක ජනතාවට එරෙහිව ක්‍රියාන්විතයක් දියත්කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සත්‍ය සෙවීමේ කොමිසම පනත මේ රටේ රණවිරුවන් පාවාදෙන දුෂ්ඨතම පනත බවද පවසන ඒ මහතා, මේ පනත සම්බන්ධයෙන් තම සංවිධානය හරහා හමුදා නායකයන් දැනුම්වත් කරමින් සිටින බවද සඳහන් කරයි.
එහිදී රාජපක්ෂවරු මෙම පනත සම්බන්ධයෙන් කුමක් පවසන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ " සත්‍ය සෙවීමේ කොමිසම් පනත කියලා භයානක පනතක් එනවා සරත්... ඔයගොල්ලො ඒ ගැන මොනවත් නොකර ඉන්නේ ඇයි?" දැයි ගෝඨාභය රජපක්ෂ මහතා විමසූ බව සරත් වීරසේකර මහතා පැවසූ බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා, සරත් වීරසේකර මහතාගෙන් එසේ විමසනවාට වඩා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් විමසීමට තිබූ බවත්, එසේ විමසීමක් නොකරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඇති බය නිසා බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..