බෝයිං ගුවන් යානා සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කරන්නේ නැහැ - එක්සත් ජනපද ගුවන් සේවා නියාමන අධිකාරිය
එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA ) මගීන්ගේ ආරක්‍ෂාව ගැන සඳහන් කරමින් බෝයිං සමාගමට එහි 737 MAX ගුවන් යානා නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම තාවකාලිකව තහනම් කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ, සමාගමේ එක් යානයක කොටසක් අහිමි වූ ජනවාරි මාසයේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් බව වාර්තාවේ.
ජනවාරි 5 වන දින, පෝට්ලන්ඩ්, ඔරිගන්හි සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි ඇලස්කාන්ගුවන් සේවයේ 1282 ගුවන් යානයට හදිසි ගොඩබෑමක් කිරීමට සිදු වූ ජනේල පුවරුවක් ගැලවී යාමේ සිද්ධියයි. මෙම සිදුවීමෙන් බරපතල සිදුවීම කිසිවක් සිදු නොවූ අතර, එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් දැඩි පරීක්‍ෂා කිරීම් සඳහා බෝයිං 737-9 MAX වර්ගයේ ගුවන් යානා 171 ක් දැනටමත් ගුවන්ගත කිරීම් අත්හිටුවා ඇත. කෙසේ වුවද බෝයිං සමාගම විසින් සිය "වැරැද්ද" පිළිගෙන ඇත.
ඇලස්කා ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තිබූ ගැටලුවට සමානම දෝෂ අවම වෂයෙන් තවත් ගුවන් සමාගම් දෙකකට අයත් බෝයිං ගුවන් යානාවල ඇති බවට දැනටමත් වාර්තා වී තිබේ.
පසුගිය 24 වනදා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ගුවන් සේවා නියාමකයා අවධාරණය කළේ එවැනි තත්වයන් “නැවත කිසිදා සිදු නොවිය යුතු” බවයි.
"737-9 MAX ඇතුළුව බෝයිං ගුවන් යානා වල කිසිදු නිෂ්පාදන ප්‍රසාරණයක් ලබා නොදෙන" බව බෝයිං සමාගම වෙත දැනටමත් දන්වා ඇති බව එක්සත් ජනපද ගුවන් සේවා නියාමකයා වැඩිදුරටත් සඳහන් කළේය.
බෝයිං ගුවන් යානා වල නව ගොඩබිම්ගත කිරීම් සහ ආරක්ෂණ පරීක්ෂාවන් සම්බන්ධයෙන් රෙගුලාසි පනවා ඇත්තේ බෝයිං නැමැති එක්සත් ජනපද ගුවන් යානා නිෂ්පාදකයා මීට වසර කිහිපයකට පෙර ඔවුන් නිෂ්පාදකයා කළ ගුවන් යානා දෙකක් ඉතියෝපියාවේ (2019) සහ ඉන්දුනීසියාවේ (2018) කඩා වැටී පුද්ගලයින් 346 දෙනෙකු මරු මුවට පත් වීමත් සමඟය. එම ඛේදවාචක දෙකේ ප්‍රතිඵලයක් ලෙස 737 MAX ගුවන් යානා මාස 20ක් පුරා ගුවන්ගත නොකර සිටීමට ගුවන් සමාගම් කටයුතු කරනු ලැබීය.
https://www.rt.com/news/591249-boeing-no-business-usual-faa/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..