News Category
From Date
To Date
Maximum Number of Result

රට ඉල්ලන්නේ "ලන්සි-පැපොල්" හෝ "කයිවාරු" නායකත්වයක් නොවෙයි - රට ඉල්ලන අනාගත නායකත්වය ගැන විමල්ගෙන් ඉඟියක්

Jan 22, 2024 at 04:34 PM
|

නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මෙරට කුඩා ආර්ථිකය ඉදිරි දශක කිහිපය තුළ ලොව බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමේ දැක්ම සහිත නායකත්වයක් අද රට ඉල්ලා සිටින බවත් එසේම "ලන්සි -පැපොල්" වර්ගයේ හෝ "කයිවාරු" පන්නයේ නායකත්වයන්ට රට හමුවේ වන අභියෝගය ජයගත නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(21) සවස පිළියන්දල, මාවිත්තර දී පැවති "9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?" යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

'වැට් ගහලා ප්ලැට් කිරීම'

"අද දේශීය කර්මාන්තකරුවාව, දේශීය සේවා සපයන ව්‍යාපාරිකයාව තමයි 'වැට්' ගහලා 'ප්ලැට්' කරන්න පටන් අරන් තියෙන්නේ. මේ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවට්ටන තීරණ අරන් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? දැන් බලන්න වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් අද රට හැර යනවා. ඒ අතරේ මේ පාලකයන් ඉන්දියාව සමග එට්කා(ETCA) ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට පුළුවන් වෙනවා, ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට සහ වෙළඳාමට නිදහසේ ඇවිත් සම්බන්ධ වෙන්න. 'එට්කා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයන්ටත් පුළුවන් ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ සේවා ආර්ථිකය සහ වෙළඳාමට සම්බන්ධ වෙන්න' කියා ඇතමුන් කිව්වාට ඉන්දියාව එය වළක්වන විදිහ දන්නවා. නිදසුනක් විදිහට ඉන්දියානුවකුට ශ්‍රී ලංකාවට එන්න ගුවන්තොටුපළෙන් වීසා ගන්න පුළුවන් වුණාට, ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දියාවට යන්න වීසා ගන්න ඕනේ මේ රටේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් පමණයි. එට්කා ගිවිසුම අත්සන් කළාම රට ගියපු වෛද්‍යවරයාගේ, ගුරුවරයාගේ පුරප්පාඩුවට ඉන්දියානු වෛද්‍යවරුන්, ගුරුවරුන් ඒවි. ඒ විතරක් නොවෙයි පොල් කඩන්න කෙනෙක් නැත්නම් ඒකටත් ඉන්දියානුවකු පැමිණේවි. එට්කා ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය සහ වෙළඳාම තුළ ඉන්දියානු බලපෑම බරපතළ ලෙස වැඩි වෙනවා.

'ශීඝ්‍ර ඉන්දියානු ව්‍යාප්තවාදය'

ඉන්දියාව අතීතයේ සිටම බලන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ 29 වැනි ප්‍රාන්තය ලෙස නොනිල විදියට තියාගන්න; ඔවුන්ගෙන් යැපෙන පරාධීන රටක් ලෙස තියාගන්න. අදානි සමාගම හරහා ඉන්දියාව අද අපේ බලශක්ති සුරක්ෂිතතාව  බිඳවට්ටන මැදිහත්වීමක් සිදු කර අවසන්. ඒ විතරක් නොවෙයි අදානි සමාගම අපට විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් පනහකට නම් ඊට ඉහළ මිල ගණන්වලට තමයි අනෙකුත් මිලදී ගැනීම් සිදුවන්නේ. මෙසේ විදුලි පිරිවැය ඉහළ යාමෙන් අවසානයේදී සිදුවන්නේ සියලු දේශීය නිෂ්පාදනවල පිරිවැය ඉහළ යෑම. එමඟින් අපේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරග කිරීමේ හැකියාව නැති වෙනවා. මේ විදිහට යනකොට ඉන්දියාව කියයි 'ශ්‍රී ලංකාවේ රුපියල වගේම ඉන්දියානු රුපියලත් ශ්‍රී ලංකාව තුළ පිළිගත් මුදල් ඒකයක් බවට පත් කරන්න' කියලා. ඊට පසුව කියයි 'දෙරටේ රේගු ඒකාබද්ධ කරන්න' කියලා. නොනිල විදිහට වුවත් අද ඉතා වේගවත්ව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වෙමින් තිබෙනවා.

'13 පූර්ණ ලෙස බලා‍ත්මක කිරීම'

ඒ අතරේ අලුත් අවුරුද්දේ යාපනයට ගියපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කීවේ කුමක්ද?' 'ඔයගොල්ලෝ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දී තිබෙන සියලු බලතල භුක්ති විඳින්න. මම ඒවාට ඇඟිලි ගහන්න එන්නේ නැහැ.' කියලයි. ඒ කියන්නේ 'පළාතට අදාළ පොලිස් ප්‍රඥප්තිය, ඉඩම් ප්‍රඥප්තිය, මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය වැනි ඕනෑම ප්‍රඥප්තියක් සම්මත කරගන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ' කියන එකයි. දැන් බලන්න වයඹ පළාත් සභාව මීට ඉහතදී වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියක් සම්මත කරනු ලැබුවා. දැන් වයඹ පළාත තුළ මධ්‍යම පරිසර අධිකාරියට ක්‍රියාත්මක වීමට බැහැ. අද වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන්නේ ඒ පරිසර ප්‍රඥප්තිය අනුව පිහිටුවනු ලැබූ වයඹ පළාත් පරිසර අධිකාරියයි. මේ විදියට විවිධ පළාත්වල විවිධ ප්‍රඥප්ති ක්‍රියාත්මක වීමට පටන් ගත්තාම මධ්‍යම රජයේ බලය හෙවත් 'මුදුනේ බලය' ඒ පළාත්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙපමණ කලක් මෙවැනි ප්‍රඥප්ති සම්මත කළත් ක්‍රියාත්මක නොවුණේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ පළාත් ආණ්ඩුකාරවරයා ඊට අනුමැතිය ලබා නොදුන් නිසයි. අපි දන්නවා, 'උතුරේ හිටපු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය සම්මත කළා' කියා. නමුත් එවකට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එයට අනුමැතිය ලබා දුන්නේ නැහැ. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ 'මම දාන ආණ්ඩුකාරවරයා ඔයාලාට කිසිම බාධාවක් කරන්නේ නැහැ. ඔයාලා 13 වැනි සංශෝධනයෙන් ලබා දී තිබෙන බලතල කැමති විදිහට භුක්ති විඳින්න.' කියලයි. බඩගින්නට, සාගතයට, ජීවත් වීම පිළිබඳ අනවරත අභියෝගයකට ලක්ව ඇති මිනිසුන්ගෙන් පිරුණු මේ රටට රනිල් වික්‍රමසිංහ අද මොකද කරන්නේ? එක පැත්තකින් ආර්ථිකයේ අන්තිම පණ නළ ටිකත් නැත්තටම නැති කරනවා. අනෙක් පැත්තෙන් 13 වැනි සංශෝධනය උතුරු නැගෙනහිර පළාත්වල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන තැනට ඇදවට්ටනවා.

'ගණිකා වෘත්තිය ගැන ෆිදෙල් කියූ කතාව' අමතක වෙලාද?

මේ ඇත්ත අභියෝගයන් ජයගැනීමට අපට අද සිදුව තිබියදී ඇතමුන් කියනවා, 'අපේ ආණ්ඩුවක් ආවාම ගණිකා වෘත්තිය නීතිගත කරනවා' කියලා. මේක අහපුවාම මට මතකයට ආවේ සමාජවාදී කියුබාවේ අසහාය නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හා බැඳුණු කතාවක්. කියුබානු විප්ලවය ජයග්‍රහණය කළාට පසු කාලයේ දිනයක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හවානා නුවර එක්තරා ආපනශාලාවකට ගියා රාත්‍රී ආහාරය ගන්න. රාත්‍රී ආහාරය ගන්නා ගමන් ඔහු තමා සමඟ සිටි සහෝදරවරුන්ට කියනවා, 'අපි කියුබාව තුළ ගණිකා වෘත්තිය නැති කරන්න ඕනේ. ඒක තහනම් කරන්න ඕනේ.' යනුවෙන්. කෙසේ නමුත් එදින ඒ ආපනශාලාව තුළ  සිටියා ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ රාත්‍රී ආහාරයට වස දැමීමට සූදානම්ව සිටි සේවකයෙක්. ඒ සේවකයාගේ බිරිඳ ගණිකා වෘත්තියේ යෙදෙන්නියක්. නමුත් ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් කරපු කතාව අහගෙන සිටියාට පසු මේ වස දෙන්න හිටපු සේවකයාට හිතෙනවා, 'අනේ මගේ බිරිඳත් දැන් මේකෙන් බේරෙනවා නේද?' කියා. ඉන්පසුව ඒ සේවකයා ෆිදෙල් කස්ත්‍රෝ  සහෝදරයා ඉදිරියට ඇවිත් කියනවා, 'නැවත මෙවැනි තැන්වලට ආහාර ගන්න එන්න එපා! අද මෙතැනදී ඔබගේ ආහාරයට වස දැමීමට මට තමයි  බාර දී තිබුණේ. නමුත් ඔබ ගණිකා වෘත්තිය ගැන කියපු කතාව ඇහුවාම මම ඒ වස දීමේ තීරණය වෙනස් කළා' කියා. අපි දන්නා බල පෙරළිවලින් කළේ කාන්තාව එවැනි තත්ත්වයකට ඇද වැටීම වළක්වාලීමයි. නමුත් මෙයාලා අද කියනවා, 'ගණිකා වෘත්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තියයි' කියා. 

ඒ වගේම ඒ පක්ෂයේ දෙන්නෙක් 'ගණිකා වෘත්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තියයි' කියලා කියනකොට තවත් කෙනෙක් කියනවා, 'නැහැ. ඒක නොවෙයි අපේ ප්‍රතිපත්තිය' කියා. අද මේ අය කරන්නේ ප්‍රතිපත්ති විරහිත දේශපාලනයක්.

"එට්කා ගිවිසුමට පක්ෂද? නැද්ද?"

දැන් මේ විදිහට ප්‍රතිපත්ති විරහිත, කවුරු කවුරුත් රටේ පාලන සුක්කානම අතට ගන්න හදනවානම් අපි කොහොමද මේ ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් එළියට එන්නේ? ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ETCA(Economic and Technology Co-operation Agreement) අත්සන් කරනවාට විරුද්ධ ද නැද්ද කියා, මේ අය කියන්නේ නැහැ. මේ නිහඬතාව මැද්දෙ එට්කා අත්සන් කළාම 'හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත් වුණා වගේ' අපේ රටේ ආර්ථිකයේ අන්තිම පණ නළ ටිකත් උදුරාගන්න ඉන්දියාවට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ, කොතරම් දුෂ්කර මොහොතක් වුවත් සිහිබුද්ධිය නැති කරගන්නේ නැතුව ඉඳලා, ලැබෙන පළමුව අවස්ථාවේදීම මේ රට නිවැරදි මාවතට ගෙනඒමට අපි සමත් විය යුතුයි, කියලා.

'බ්‍රික්ස් සමඟ සිටගැනීම'

හෙට දවසේ අපි ස්වශක්තියෙන් නැගී සිටින රාජ්‍යයක් ගොඩනගන්න ඕනේ. ඒ වගේම අපි ලෝකයේ සිටින අපේ හොඳම මිත්‍රයන් සමඟ සිටගත යුතුයි. අද BRICS නමින් ලෝකයේ අලුත් බලකේන්ද්‍රයක් ගොඩනැගෙමින් තිබෙනවා. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ගොඩනගපු බ්‍රික්ස් හවුලට අද ලෝකයේ වෙනත් රටවල් ද එකතු වෙමින් තිබෙනවා. අද අපේ විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ බ්‍රික්ස් සංවිධානය සමඟ සිටගැනීම. එම සංවිධානය අපව බෙල්ල මුලින් අල්ලාගෙන නටවන සංවිධානයක් නොවෙයි, එක මිත්‍ර සංවිධානයක්. බ්‍රික්ස් සමග සිටගැනීමට අසල්වැසි ඉන්දියාවට විරුද්ධ වෙන්නත් බැහැනේ. එයත් එහි සාමාජිකයෙක්නේ. අද බ්‍රික්ස් සංවිධානය සූදානම් වෙනවා, ජාත්‍යන්තර ණය දෙන බැංකුවක් ඇරඹීමට. එය රටවල් බෙල්ල මුලින් අල්ලාගෙන නටවන වෙනත් ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන වගේ නොවෙයි, රටවලට නැගීසිටීමට උදව් කරන එකක්. එවැනි සැබෑ මිතුරන් සමඟ සිටගන්නා නායකත්වයක් තමයි අද මේ රටට ඕනේ. 'කාගේත් සුන්දරී විදෙස් ප්‍රතිපත්තිය' ගෙන යන නායකයන්ට මේ රට හදන්න බැහැ.

'Boycott Maldives'

දැන් බලන්න, පළමු වතාවට ඉන්දියාවට ඕනේ විදියට නටන්නේ නැති නායකයෙක් මාලදිවයිනේ නායකත්වයට පැමිණ තිබෙනවා. ඒ නිසා අද 'Boycott Maldives' කියා ඉන්දියාව තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා. අද ඉන්දියානු සංචාරකයන් මාලදිවයිනට යන්නේ නැහැ . ඒ තත්ත්වය හමුවේ මාලදිවයිනේ නව ජනාධිපතිවරයා චීනයට ගිහින් චීන ජනාධිපතිවරයාට කියනවා, 'සංචාරකයන් වැඩි වැඩියෙන් මාලදිවයිනට එවන්න' කියා. මාලදිවයිනේ නායකයාට තිබුණු කොන්ද මේකෙ ඉන්න හාදයන්ට නැහැ. නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මේ රටේ පුංචි ආර්ථිකය ඉදිරි දශක කිහිපයේදී ලෝකයේ බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමට අවශ්‍ය දැක්ම, වුවමනාව සහිත නායකත්වයක් තමයි අද මේ රට ඉල්ලන්නේ. එහෙම නැතුව 'ලන්සි පැපොල්' නායකත්වයකට හෝ 'කයිවාරු' නායකත්වයකට මේ රට මුහුණ දී ඇති අභියෝගය ජය ගැනීමට බැහැ.

"නිසි නායකත්ව මග පෙන්වීම"

ඔබ දන්නවා, අපි අමාත්‍ය ධුර දරපු අමාත්‍යාංශවල වැඩ කරලා පෙන්වූවා. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය බලගන්වන්න අපට කළ හැකිව තිබූ උපරිම දේ කළා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියයි. නමුත් ඒ කර්මාන්ත පද්ධතිය බලාසිටියදී අද කඩා වැටෙනවා. එහෙම වුණාම විරැකියාව වැඩි වෙනවා පමණක් නොවෙයි, සියලු නිෂ්පාදන පිටරටින් බලාපොරොත්තු වෙන්න වෙනවා. අද මේ රටට ඕනෑ ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතිය පමණක් නොවෙයි, සත්ව නිෂ්පාදනය හා කෘෂිකර්මාන්තය බලගන්වන්න පුළුවන් සෑම ක්ෂේත්‍රයකටම දෙන්න පුළුවන් සියලු ධෛර්යය, ශක්තිය ලබාදිය හැකි නායකත්ව මඟ පෙන්වීමක්. ඒ නායකත්ව මඟ පෙන්වීම මේ රටට නිසි පරිදි ලබාදෙන්න පුරෝගාමීව කැපවන බවට අපි ඔබට සහතික වෙනවා.

"ගැසිය යුතු එකම මැච් එක"

'පපඩම් අරගල වෙනුවට ඉහත කී සමාජ - ආර්ථික - දේශපාලන ආක්‍රමණයෙන් 'ලක් අම්මා' සැබෑ ලෙසම බේරාගත හැකි නිවැරදි නායකත්ව මග පෙන්වීමකට ගෙන එන්න පුළුවන් අරගලයක් තමයි මේ රට අද ඉල්ලන්නේ. ඔබට මතක ඇති ජවිපෙ මේ 'පපඩම් අරගලයෙන්' පසුව කීවා, 'අපි මැච් එක ගැහුවා. කප් එක වෙන එකෙක් අතට ගියා' කියලා. කප් එක වෙන එකෙක් අතට යන්න මැච් ගහන්නෙ මෝඩයොනේ. ඒ අරගලයෙන් ඔටුන්නට කුරුමානම් අල්ලමින් හිටපු 'තනි අලියා රනිල්' ඔටුන්න ඔළුවට දමාගත්තා. අපි ඉදිරි අනාගතයේදී ගහන්න ඕනේ එකම මැච් එක තමයි ඔටුන්න මේ රටේ පොදු ජනතාවගේ හිස මත පළඳවන්න පුළුවන් මැච් එක. ඒ මැච් එක ගහන්න අපි සූදානම්. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා."

ඉහත ජන හමුව අමතා ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු වන අතුල සේනානායක හා රංජිත් පත්මසිරි මහත්තුරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පිරිස් මහතා ඇතුළු උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂචල මහජන නියෝජිතයෝ පිරිසක් ද සහභාගී වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.