
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දුන් කෝටි 15කින් 12ක් පිට වැඩවලට යොදවලා
කොවිඩ් සමයේ පාසල් අධ්‍යාපනයට ඇති වූ බාධා මඟහරවා ගැනීම සඳහා වැඩසටහන් මෙහෙයවීමට ජාතික අධ්‍යාපන ආයතනයට 2020 වසරේදී ලබාදුන් රුපියල් පාළොස් කෝටියක මුදලින් කෝටි 12ක්ම එම අරමුණට පරිබාහිර කටයුතු සඳහා වෙන්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.
අධ්‍යාපනයේ ඇති වූ බාධා මඟහරවා ගැනීමට ගුරු ගෙදර වැනි රූපවාහිනී සහ වෙනත් වැඩසටහන් මෙහෙයවීම සඳහා මෙම මුදල් දෙනු ලැබූවේ අධ්‍යාපන අමාත්‍යංශය සහ වෙනත් සංවිධාන විසින් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනය 2006 වසරේ සිට 2015 දක්වා කාලයට අදාළව ගෙවිය යුතු රුපියල් හත් කෝටියකට ආසන්න හිඟ අර්ථසාධක හා අධිභාර මුදල 2020 වර්ෂය අවසාන වන විටත් නිරවුල් කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.
නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ මාස 6 ඉක්මවූ රුපියල් කෝටියකට ආසන්න වටිනා චෙක්පත් 44ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබූ බවත් විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
