News Category
From Date
To Date
Maximum Number of Result

යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණක් ද? - ඇමැති ටිරාන් අලස් උත්තර බඳී... අගරදගුරුතුමාටත් ප්‍රතිචාර

Jan 19, 2024 at 06:55 AM
|

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම්  පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම  සඳහා සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක්‌ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.

“මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම හේතුවෙන් පසුගිය මාසය තුළ සිදුවී ඇති සමස්ථ අපරාධ ප්‍රමාණය 17%කින් අඩුවී තිබෙනවා.

” යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණ ද? ” යන්න පිළිබඳ මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

ප්‍රධාන, පිළිගත් මාධ්‍ය කිසිවකින් මෙතෙක් එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල මුදල් මත යැපෙන අතලොස්සක් පිරිස් එවැනි චෝදනා එල්ල කරනවා.

නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ මාධ්‍යවේදීන් වෙත වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කරන විට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම ආරම්භ කරන තුරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මටද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබී නොතිබුණත් දිවයින පුරා ගම් නගර භේදයකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් මා වෙත ලැබෙන දුරකථන ඇමතුම් තුළින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජනතාව කොපමණ පීඩාවකින් පසු වූවාද යන්න පිළිබඳ  අවබෝධ කරගත හැකියි.

කිසිදු අවස්ථාවක  පෞද්ගලික ගැටලු මත අප වැටලීම් සිදු කරන්නේ නැහැ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධව හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් සමඟ කාර්යාලයට පැමිණ මා මුණ ගැසී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කළා. මා ඔහුට අවවාද කළේ තමන්ගේ ස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි. නැවත වරක් එම ස්ථානය පරීක්ෂා කරන විට මත්ද්‍රව්‍ය තිබී හමුවොත් එහි හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මම ප්‍රකාශ කළා. කිසිවෙකුත් සමග මාගේ පෞද්ගලික අමනාපයක් නැහැ.නමුත් වැරදිකරුවන් සමඟ හිඳ හසු වුවහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. අදාළ සිදුවීම සිදුවනතුරු එහි හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා දැන සිටියේ නැහැ. හිමිකරු කවුද යන්න මා දැනුවත් වූයේ සිදුවීමට පසු දින යම් යම් පුද්ගලයින් මා හට දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේදී.

අප කිසිදු අවස්ථාවක පදනමක් නොමැති චෝදනා පිළිබඳ කරදර වන්නේ නැහැ. මේ මෙහෙයුම තුළින් ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණයි. කොතරම් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කලත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ. ඉතාමත් අතලොස්සක් වූ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, නීතිඥ වැනි පිරිසක් මෙවැනි කටයුතුවල නිරත වනවා.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන 90%ක්‌ පමණ අවසන් බව මා ප්‍රකාශ කළා.  ඉන් අනතුරුව අගරද ගුරුතුමාත් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අමාත්‍ය ධූරය භාරගත් අවස්ථාවේ සිට මා ප්‍රකාශ කරන්නේ මේ වන විට පොලිසිය පාර්ශවයෙන් විමර්ශන 90%ක් පමණ අවසන් බවයි. නමුත් සිදුකළ විමර්ශනවල අප නොදකින දේ තිබිය හැකියි. උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව එවැනි තොරතුරු තිබිය හැකියි. එම නිසා අගරදගුරුතුමාටත් කතෝලික සභාවටත් මා ආරාධනා කළා අප සමග සිදුකළ විමර්ශන පිළිබඳ නිරීක්ෂණය කර නිරත වන ලෙසත් ඉන් අනතුරුව එහි කිසියම් අඩුපාඩුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර උන්වහන්සේලා සතුව තවත් තොරතුරු තිබේ නම් ඒ පිළිබඳව එක්ව විමර්ශන සිදුකර මෙය විසඳීමට සහාය වන ලෙස.

විශේෂයෙන්ම සියලු බොරැල්ල ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ලේඛන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට අගරදගුරුතුමා දැනුවත් නොමැති බව මා විශ්වාස කරනවා. ඊට අමතර යම්කිසි තොරතුරක් උන්වහන්සේ සතුව තිබෙනවා නම් ඒ පිළිබඳවද විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස අප ඉල්ලීමක් කරනවා.

වසර දෙකක් යනතුරු ලබා නොදුන් බව කියූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික සභාව වෙතට මා විසින්ම භාරදෙනු ලැබුවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා විසින් ලිඛිතවද ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් තවදුරටත් ඒ පිළිබඳව පවතින තොරතුරු ලබාදී ඉතිරි කටයුතු කිරීමට දායක වන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. සැබවින්ම එහි සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ එයයි. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව සමස්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එවකට පොලිසියේ ඇතැම් පිරිස් නිවැරදි ලෙස කටයුතු කර තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාවක්  තිබුණා. එය පොලිසියේ අතපසුවීමක් බව පිළිගත යුතුයි.

මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ලබාගත හැකි ස්ථාන 51ක් දිවයින පුරා විවෘත කර තිබෙනවා. ඉදිරි මාස හය තුළ එම ස්ථාන ප්‍රමාණය 335ක්‌ දක්වා වර්ධනය කිරීම අපේ අරමුණයි. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙන හැදුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය හා සමානව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවද පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.”

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශ

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ප්‍රධාන පුවත්

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.