News Category
From Date
To Date
Maximum Number of Result

යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණක් ද? - ඇමැති ටිරාන් අලස් උත්තර බඳී... අගරදගුරුතුමාටත් ප්‍රතිචාර

Jan 19, 2024 at 06:55 AM
|

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම්  පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම  සඳහා සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක්‌ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.

“මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම හේතුවෙන් පසුගිය මාසය තුළ සිදුවී ඇති සමස්ථ අපරාධ ප්‍රමාණය 17%කින් අඩුවී තිබෙනවා.

” යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණ ද? ” යන්න පිළිබඳ මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

ප්‍රධාන, පිළිගත් මාධ්‍ය කිසිවකින් මෙතෙක් එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල මුදල් මත යැපෙන අතලොස්සක් පිරිස් එවැනි චෝදනා එල්ල කරනවා.

නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ මාධ්‍යවේදීන් වෙත වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කරන විට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම ආරම්භ කරන තුරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මටද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබී නොතිබුණත් දිවයින පුරා ගම් නගර භේදයකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් මා වෙත ලැබෙන දුරකථන ඇමතුම් තුළින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජනතාව කොපමණ පීඩාවකින් පසු වූවාද යන්න පිළිබඳ  අවබෝධ කරගත හැකියි.

කිසිදු අවස්ථාවක  පෞද්ගලික ගැටලු මත අප වැටලීම් සිදු කරන්නේ නැහැ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධව හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් සමඟ කාර්යාලයට පැමිණ මා මුණ ගැසී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කළා. මා ඔහුට අවවාද කළේ තමන්ගේ ස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි. නැවත වරක් එම ස්ථානය පරීක්ෂා කරන විට මත්ද්‍රව්‍ය තිබී හමුවොත් එහි හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මම ප්‍රකාශ කළා. කිසිවෙකුත් සමග මාගේ පෞද්ගලික අමනාපයක් නැහැ.නමුත් වැරදිකරුවන් සමඟ හිඳ හසු වුවහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. අදාළ සිදුවීම සිදුවනතුරු එහි හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා දැන සිටියේ නැහැ. හිමිකරු කවුද යන්න මා දැනුවත් වූයේ සිදුවීමට පසු දින යම් යම් පුද්ගලයින් මා හට දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේදී.

අප කිසිදු අවස්ථාවක පදනමක් නොමැති චෝදනා පිළිබඳ කරදර වන්නේ නැහැ. මේ මෙහෙයුම තුළින් ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණයි. කොතරම් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කලත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ. ඉතාමත් අතලොස්සක් වූ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, නීතිඥ වැනි පිරිසක් මෙවැනි කටයුතුවල නිරත වනවා.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන 90%ක්‌ පමණ අවසන් බව මා ප්‍රකාශ කළා.  ඉන් අනතුරුව අගරද ගුරුතුමාත් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අමාත්‍ය ධූරය භාරගත් අවස්ථාවේ සිට මා ප්‍රකාශ කරන්නේ මේ වන විට පොලිසිය පාර්ශවයෙන් විමර්ශන 90%ක් පමණ අවසන් බවයි. නමුත් සිදුකළ විමර්ශනවල අප නොදකින දේ තිබිය හැකියි. උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව එවැනි තොරතුරු තිබිය හැකියි. එම නිසා අගරදගුරුතුමාටත් කතෝලික සභාවටත් මා ආරාධනා කළා අප සමග සිදුකළ විමර්ශන පිළිබඳ නිරීක්ෂණය කර නිරත වන ලෙසත් ඉන් අනතුරුව එහි කිසියම් අඩුපාඩුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර උන්වහන්සේලා සතුව තවත් තොරතුරු තිබේ නම් ඒ පිළිබඳව එක්ව විමර්ශන සිදුකර මෙය විසඳීමට සහාය වන ලෙස.

විශේෂයෙන්ම සියලු බොරැල්ල ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ලේඛන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට අගරදගුරුතුමා දැනුවත් නොමැති බව මා විශ්වාස කරනවා. ඊට අමතර යම්කිසි තොරතුරක් උන්වහන්සේ සතුව තිබෙනවා නම් ඒ පිළිබඳවද විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස අප ඉල්ලීමක් කරනවා.

වසර දෙකක් යනතුරු ලබා නොදුන් බව කියූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික සභාව වෙතට මා විසින්ම භාරදෙනු ලැබුවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා විසින් ලිඛිතවද ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් තවදුරටත් ඒ පිළිබඳව පවතින තොරතුරු ලබාදී ඉතිරි කටයුතු කිරීමට දායක වන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. සැබවින්ම එහි සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ එයයි. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව සමස්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එවකට පොලිසියේ ඇතැම් පිරිස් නිවැරදි ලෙස කටයුතු කර තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාවක්  තිබුණා. එය පොලිසියේ අතපසුවීමක් බව පිළිගත යුතුයි.

මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ලබාගත හැකි ස්ථාන 51ක් දිවයින පුරා විවෘත කර තිබෙනවා. ඉදිරි මාස හය තුළ එම ස්ථාන ප්‍රමාණය 335ක්‌ දක්වා වර්ධනය කිරීම අපේ අරමුණයි. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙන හැදුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය හා සමානව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවද පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.”

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශ

සම්බන්ධිත පුවත් | Related News

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.