කොටි සමරද්දී මාලිමාව නිහඬ වූ රහස එළියට.. සහල් අතිරික්තයේ ඇත්ත කතාවත් ගම්මන්පිල හෙළිකරයි..
වත්මන් රජයේ අනුග්‍රහය ඇතිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. (LTTE) සැමරුම් සිදුවන බවටත්, වී වගාව සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා කරන යෝජනා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
සිය යූටියුබ් නාලිකාවේ 'සතියේ විත්ති' වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති 'මහවිරු දිනය' යනු මියගිය ඥාතීන් සැමරීමක් නොව, එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනයට පසුදින ත්‍රස්තවාදය වීරත්වයට නැංවීම සඳහා නිර්මාණය කළ දිනයක් බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
මෙවර උතුරු නැගෙනහිර ප්‍රදේශවල එම සැමරුම් ඉතා උද්යෝගයෙන් සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවන බවට ඔහු චෝදනා කළේය.
උතුරේ සැමරුම් නතර කිරීමට රජයට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඉවත් කළ යුතු බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදු කළ බව කියන ප්‍රකාශය ද දැඩි විවේචනයට ලක් කරමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, ප්‍රධාන ආහාරය රට තුළ නිෂ්පාදනය කිරීම ජාතික ආරක්ෂාවේ ප්‍රධාන අංගයක් බවයි.
වී නිෂ්පාදනය තුනෙන් එකකින් අඩු කළහොත් සහල් මිල 50% කින් පමණ ඉහළ ගොස් රට තුළ නොසන්සුන්තාවක් ඇතිවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
මෙරට පවතින්නේ සහල් අතිරික්තයක් නොව නිසි තොග කළමනාකරණයක් නොමැතිකමේ ගැටලුවක් බවත්, 2024 වසර සහල් ආනයනය කරන අවසන් වසර බවට වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවද 2025 වසරේදී සහල් මෙට්‍රික් ටොන් 181,000 ක් ආනයනය කර ඇති බවත් ඔහු පැවසීය.
කුඹුරු ඉඩම් අඩු කිරීම වෙනුවට සහල් ආනයනය නතර කිරීමටත්, වාර්ෂිකව ආනයනය කරන තිරිඟු පිටි (ටොන් ලක්ෂ 11ක් පමණ) සහ සත්ව ආහාර සඳහා ගෙන්වන බඩඉරිඟු (ටොන් 335,000ක් පමණ) වෙනුවට දේශීය සහල් ආදේශකයක් ලෙස භාවිත කිරීමටත් රජය පියවර ගත යුතු බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් යෝජනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..