"ඇතුළේ කතා කර බේරා නොගත්තොත් එළියේ කතා කරනවා!" - ඇමති හඳුන්ට මහ කුඹලාගෙන් විවෘත අභියෝගයක්..
වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන සුනිල් හඳුන්නෙත්ති දිවුරුම් දුන් මොහොතේ සිට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ බැවින්, පොදු මාධ්‍යයක් ඔස්සේ මෙම පණිවිඩය තැබීමට සිදුවූ බව සඳහන් කරමින් ‘Professionals Without Borders’ (සීමා මායිම් නැති වෘත්තිකයෝ) නියෝජනය කරන මහ කුඹලා හෙවත් අජිත් පෙරේරා විසින් සමාජ මාධ්‍ය වෙත විවෘත සටහනක් එක් කර තිබේ.
පුද්ගලයන්ට වඩා සංවිධානය සහ පක්ෂය වැදගත් බවත්, දැන් ආණ්ඩුව රැකගත යුතු බවත් මෙම දේශපාලන ව්‍යාපාරය තමන්ට කියා දුන් ප්‍රධානම පාඩම බව ඔහු එහි සඳහන් කර ඇත. කෙසේ වෙතත්, අදාළ අමාත්‍යවරයාගේ වගකීම යටතේ පවතින රටට වැදගත් ආයතන කිහිපයක සිදුවන "විනාශකාරී හැසිරීම් සමූහයක්" හේතුවෙන් අමාත්‍යවරයාගේ මෙන්ම ආණ්ඩුවේද කීර්ති නාමය විනාශ වෙමින් පවතින බවටයි ඔහු දැඩි ලෙස චෝදනා කරන්නේ.
තමන් අමාත්‍යවරයා හමුවීමට උත්සාහ කරන්නේ පුද්ගලික කටයුත්තකට නොව රටට වැදගත් එම ආයතනවල ගැටලු වහාම විසඳා ගැනීමට බව අවධාරණය කරන ඔහු, තමන්ට හමුවීමට වේලාවක් ලබා නොදුනහොත් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට සිදුවන බවට අනතුරු අඟවා තිබේ.
එමෙන්ම, මෑතකදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සමඟ ද ව්‍යවසායකත්වය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බව සිහිපත් කරන ඔහු, අලුතින් ව්‍යවසායකයින් බිහි කිරීමට වඩා දැනට ව්‍යාපාර ආරම්භ කර අතරමංව සිටින පිරිස ගොඩගැනීම වඩාත් ඵලදායී බවද එහිදී සාකච්ඡා වූ බව සඳහන් කරයි.
ආණ්ඩුවට අපහසුතාවයක් ඇති කිරීමට බලා සිටින විපක්ෂ කණ්ඩායම්වලට තමන් කතා කරන දෑ රසමසවුළු විය හැකි බැවින්, එළිමහනේ කතා කිරීමට පෙර ඇතුළත සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වඩාත් යහපත් බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..