News Category
From Date
To Date
Maximum Number of Result

"සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම" පනත් කෙටුම්පත සම්මත වුණොත් "යුද්ධයට අණ දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ ජිනීවා යාන්ත්‍රණය" සම්පූර්ණ වෙනවා - විමල් අනතුරු අඟවයි!

Jan 18, 2024 at 07:52 AM
|

2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව අනුව යමින්, 2015 සිට මේ වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දුන් - නියෝග දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කිරීමට නීතිමය රාමු හතක්  එනම් පනත් හතක් සකස් කර අවසන් බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනවාරි පළමුවැනිදා ගැසට් කරනු ලැබූ "ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' පනත් කෙටුම්පත සම්මත වුවහොත්  අදාළ යාන්ත්‍රණය සර්ව සම්පූර්ණ වන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

ආර්ථික අර්බුදය හමුවේ වුවද බෝම්බ නොපිපිරෙන රටක අප ජීවත් වෙන්නේ ඉහත කී ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ කැපකිරීම මත බව විශ්වාස කරන කවරෙකුට වුව ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට ඉඩදී නිහඬව සිටිය නොහැකි බව ද ඒ මහතා අවධාරණය කරයි.

අද(17) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

'ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' 

"අප සියලුදෙනාම ආර්ථික අර්බුදයක ගොදුරු බවට පත්ව තිබෙන වෙලාවක, 'රනිල් වික්‍රමසිංහ - බැසිල් රාජපක්ෂ පාලනය' බලනවා සාමාන්‍ය තත්ත්වයකදී ඉටුකර ගත නොහැකි පහත්, දීන, නිහීන ක්‍රියාවන් සියල්ල ඉටුකර ගැනීමට. ඒ අනුව සිදු කරන එක් ක්‍රියාවක් ලෙස තමයි 'ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' කියන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරගැනීමට හදන්නේ. එම පනත් කෙටුම්පත මනාව අධ්‍යයනය කළාම පෙනෙනවා, එය තවත් පනත් කීපයක් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබෙන බව. 'ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත, 2018 අංක 24 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම(සංශෝධන) පනත, 2018 අංක 05 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටු කිරීම පනත,  2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්‍ෂා කිරීමේ පනත යන ඒවා එසේ ඉහත පනත් කෙටුම්පත හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබෙනවා.

'30/1 යෝජනාව දෙසට හැරෙමු!'

මේ පනත් කෙටුම්පත සහ ඒහා බැඳුණු ඉහත කී පනත්වලින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපි දන්නවා, 2015 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනවිත් තිබුණු ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාවට එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පක්ෂපාතීත්වය දක්වනු ලැබුවා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේම හෝ අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුමැතියට යටත්ව තමයි මංගල සමරවීර එසේ පක්ෂපාතීත්වය දැක්වූයේ. එම යෝජනාවට එරෙහිව අපේ මිත්‍ර රටවල් රැසක් ඡන්දය දීමට සිටියදී තමයි එදා මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කිව්වේ, 'අපි මේ යෝජනාව පිළිගන්නවා, ඒකට අපි එකඟයි' කියා. එම යෝජනාවේ තිබුණා, අපේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම පිළිබඳව. නමුත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුකළ නොහැකි නිසා තමයි පසුව එම උවමනාව ඉටු කර ගැනීමට අදාළව මේ ඉහත කී පනත් පිළිවෙළින් පැමිණෙන්නේ.

බොරු සාක්ෂි ෆැක්ටරියක්!

දැන් බලන්න, 'අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත' 2016 දී ආවා. එමගින් බලාපොරොත්තු වන්නේ 'සාක්‍ෂි ආඥා පනත අදාළ නොවන ලෙස' ඊනියා අතුරුදහන් වීම් පිළිබඳව ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ දේශීය යාන්ත්‍රණය සකස් කිරීමයි. සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස මෙවැනි යාන්ත්‍රණයක් සකසනු ලැබුවාම බොරු සාක්ෂි නිෂ්පාදනය කිරීමේ ෆැක්ටරියක් නිර්මාණය වූවා. 2017 දී පිටුවහල් කිරීමේ(සංශෝධන) පනත ආවා. එම පනත මගින් තමයි යුධ අපරාධ චෝදනාවලට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන් වෙනත් රටක ඉල්ලීම පරිදි පිටුවහල් කිරීමට අවශ්‍ය නීතිමය පදනම හදාගන්නේ. ඒ වගේම 'වන්දි ගෙවීම පිළිබඳ කාර්යාලය පිහිටුවීම පනත' ආවා 2018 දී. ඒ මඟින් යුධ අපරාධවලට ගොදුරු වූ බවට සැලකෙන අතුරුදහන්වූවන්ට සහ සෙසු වින්දිතයන්ට සහන ලබාදීමට අදාළ නීතිමය ප්‍රතිපාදන සැලසුවා.

දේශීය යුද අපරාධ මහාධිකරණයක්!

ඒ වගේම 2018 දී ආවා 'බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත'. එමඟින් අතුරුදහන් කිරීම්වලින් වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අන්තර්ගත ප්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කරනු ලැබුවා. ඊට අමතරව එකී '2018 අංක 05 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත' මගින් දේශීය යුද අපරාධ මහාධිකරණයක් ද පිහිටුවීමට හැකියාව ලැබුණා. මේ ගැන කවුරුත් විශාල අවධානයක් යොමු නොකළත් එම නීතිය අනුව ඕනෑම මොහොතක දේශීය යුධ අපරාධ මහාධිකරණයක් පිහිටුවිය හැකියි. ඒ වගේම 'අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත' 2018 දී ආවා. මෙම නීතිය මගින් යුද අපරාධ චෝදනාවලට ලක් වූ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අදාළ චෝදනා සහ සාක්ෂි, විදේශ රටවල අභිචෝදකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බැඳීමක් ඇති කළා. ඒ වගේම එමගින් එසේ විදේශ රටවලදී නඩු ඇසීමෙන් වරදකරුවන් වන අපේ රටේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට නියම කරනු ලැබූ දඬුවම් ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බැඳීමක් ඇතිවෙනවා.

'30/1' තවදුරටත් ශක්තිමත් කළ හැටි

මෙම රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම යහපාලන ආණ්ඩුව එසේ පෙරට ගෙන ආවා. ඉන්පසුව එම මෙහෙයුම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අඩපණව ගියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පැමිණි පසු යළි සක්‍රියව තිබෙනවා. 'වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත' ගෙන ආවේ පසුගිය වසරේදීයි. එම පනත මගින් 2015 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව තවදුරටත් ශක්තිමත් කරනු ලැබුවා. මෙමගින් අධිකරණයේදී හෝ අනාගතයේදී පිහිටුවනු ලබන 'සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම' වැනි කොමිසමකදී සාක්ෂි ලබාදෙන අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සහ වද බන්ධනයට ලක් වූවා යැයි පිළිගන්නා පුද්ගලයන්ට විශේෂිත ආරක්‍ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ශ්‍රව්‍ය - දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් ලබාදීමට නිත්‍යනුකූලව ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව විදෙස්ගත පුද්ගලයන්ට හරස් ප්‍රශ්න ඇසීමකට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමට අවස්ථාව ලැබෙනවා.

සම්පූර්ණ පින්තූරය බලමු!

සම්පූර්ණ පින්තූරය පෙනෙන්නේ මේ පනත් සියල්ල එකවර කියවා ගත්තාමයි. දැන් මේ 'ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' කියන පනත් කෙටුම්පත ගැසට් කරනු ලබන්නේ ඉහත කී සියලු නීතිමය රාමු සකස් කර ගනු ලැබීමෙන් අනතුරුවයි. මේ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කරගනු ලැබීමෙන් පසුව, ඉහත කී පනත් හතම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් ලබාදීම, සහාය ලබාදීම හා එකඟතාව ලබාදීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන ව්‍යුහය පිහිටුවීම සිදු වෙනවා.

යුද්ධයට අණ දීපු - නියෝග දීපු නිලධාරීන්ට වෙන දේ

අපි දන්නවා, දැනටමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනාවලට ලක්වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ සිටින සහ සිටිය හමුදා නිලධාරීන් ගණනාවකගේ නාමලේඛනයක් ප්‍රකාශයට පත් කරල තිබෙනවා. එම නාමලේඛනයට අදාළව බොරු චෝදනා ගොනු කරන්න, බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න මේ ක්‍රියාවලියට අනුව පුළුවන්. මේ පනත මගින් ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බලගන්වනවා. මේ අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දීපු, නියෝග දීපු සරත් ෆොන්සේකා හැර(ඉහත කී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නාමලේඛනයේ ඔහුගේ නම නැහැ) සෙසු හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීන් බොහොමයකට නඩු පැවරීමට පුළුවන්; බොරු සාක්ෂි ගොතන්න පුළුවන්; ඉහත කී දේශීය යුද අපරාධ මහාධිකරණයෙන් නඩු අසා දඬුවම් කිරීමට පුළුවන්. එපමණක් නොවෙයි, වෙනත් රටක අධිකරණයක ඒ අයට විරුද්ධව තීන්දුවක් ලබා දුන්නොත් ඒ තීන්දුව ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කිරීමටත් මේ අනුව ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා.

අවසන් පනත් කෙටුම්පත...

අපි අද බඩගින්නට, සාගතයට, ජීවත්වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින ජනතාවගෙන් පිරුණු රටක්. ඒ අර්බුදය මැද්දේ වුවත් අපි මහ පාරේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක ජීවත් වෙනවා. ඒ ජීවිතය අපට ලබා දුන්නේ මේ රටේ ආරක්ෂක හමුදා නිලධාරීන් බව අපට අමතක කරන්න බැහැ. අද ආබාධිත රණවිරුවෙකු මියගියාට පසු ඔහුගේ විශ්‍රාම වැටුප බිරිඳට ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒ නීතිය වෙනස් කරලා. රණවිරුවන්ට එහෙම කාලකන්නි විදිහට සලකන ආණ්ඩුවක් මේ පනත් සියල්ල සම්මත කරලා කරන්නේ රණවිරුවන් යුද අපරාධකරුවන් කරන එකයි. දැන් අවසානයේදී මේ ඊනියා සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරපු ගමන් ඉහත කී දේශීය යුද අපරාධ මහාධිකරණයට පණ එනවා; බොරු සාක්ෂි සියල්ල වලංගු සාක්ෂි බවට පත් වෙනවා;  බොරු සාක්ෂිවලට විරුද්ධව සාක්ෂි ආඥා පනත ක්‍රියාත්මක කරන්නත් බැරි වෙනවා. මේ ක්‍රියාවලියට විරුද්ධව රිට් ආඥාවක් ලබා ගැනීමේ ඉඩකඩ ද ඇහිරෙනවා.

උතුරේ ඡන්ද කුට්ටිය බලාගෙන කරන කැත වැඩේ!

රනිල් වික්‍රමසිංහ මේ විදියට දෙමළ ඩයස්‌පෝරාව සතුටු කරලා, මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉවර කරපු හමුදා ප්‍රධානීන් බිල්ලට දීලා කොතැනටද යන්න හදන්නේ? පසුගියදා උතුරට ගිහිල්ලා ඔහු පැවසුවේ කුමක්ද? '13 වැනි සංශෝධනය ඔයාලා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ' කියලයි. ඒ කියන්නෙ, 'උතුරට පොලිස් ප්‍රඥප්ති, ඉඩම් ප්‍රඥප්ති, පරිසර ප්‍රඥප්ති හදාගන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ. මගේ ආණ්ඩුකාරයා ඒ සියල්ලට අනුමැතිය දෙනවා.' කියලයි. ඊළඟ ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද ටිකට ඉව අල්ලන වික්‍රමසිංහ බලන්නේ රටේ අනාගතය සම්පූර්ණයෙන් පාවලා දීලා, ඒ 'ඡන්ද කුට්ටිය' කඩාගන්නයි.

ඊනියා අරගලයේදී ආරක්ෂක හමුදාවලට  ගැරහුවේ, ඔවුන් පිළිබඳ ගෞරවය නැති කරලා මේ විනාශය සිදු කරන්න තමයි. දැන් බලන්න, ප්‍රතිත්‍රස්ත පනත ගෙන එනවා; සමාජ මාධ්‍ය පාලනයට තවත් පනතක් ගෙන එනවා. මේ සියල්ලෙන් සිදු කරන්නේ මාධ්‍ය නිදහස උදුරා ගැනීම, සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම. නමුත් අද බටහිර රටවල 'මානව හිමිකම් පුටුව' රත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපට සාමකාමී රටක් නිර්මාණය කරලා දීපු ආරක්ෂක හමුදා ප්‍රධානීන් බිල්ලට දීලා නිහඬව සිටියොත් අපි මිනිස්සු වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි අකෘතඥ ජාතියක් ලෙස ඉතිහාසය තුළ ලියැවෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා මේ පාවාදීමට එරෙහිව පෙරට එන්න කියා ලක්වැසි සියලු ජනයාගෙන් අපි ඉල්ලා සිටිනවා"

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.