වගාකරන කුඹුරු ප්‍රමාණය අවම නොකළොත් බරපතල අර්බුදයක් එනවා.. කවුරු අකමැති වුනත් වගා කරන කුඹුරු අඩුකරන්න වෙනවා.. - ඇමති ලාල් කාන්ත
දැනට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් කඩිනමින් අඩු නොකළහොත් ගොවි ජනතාව, මෙරට කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට 'පෙරදිග ධාන්‍යාගාරය' ලෙස හැඳින්වුවද එය හුදෙක් 'වී ගාරයක්' පමණක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වී හැර අනෙකුත් සියලුම ධාන්‍ය වර්ග විදේශ රටවලින් ආනයනය කර පරිභෝජනය කිරීමට සිදුව තිබීම හේතුවෙන් ජාතියක් ලෙස අප අසමත් වී ඇති බව පැවසීය.
වී නිෂ්පාදනය මේ වන විටත් ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, මින්නේරියේ සිට හිඟුරක්ගොඩ දක්වා පැමිණෙන අතරතුර ගොවීන් තවදුරටත් විශාල වශයෙන් වී වගා කරනු දුටු බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම අස්වැන්න අලෙවි කිරීමට මෙරට තුළ ඉල්ලුමක් හෝ වෙළඳපොළක් නොමැති වීමේ බරපතල ගැටලුවක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය.
වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග මේ අවස්ථාවේදී වෙළඳපොළට මුදා හැරියහොත් වී සහ සහල් මිල තවදුරටත් පහළ බසිනු ඇති බවත්, සහල් මිල ඕනෑවට වඩා පහළ දැමීමෙන් ක්ෂේත්‍රය පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
එළඹෙන මාස් කන්නයේ අස්වැන්න ලැබීමට පෙර සිටම දැනටමත් වෙළඳපොළේ වී සහ සහල් තොග පිරී පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කවුරුන් කැමති වුවද අකමැති වුවද කුඹුරු වලින් සැලකිය යුතු පංගුවක් වී වගා කිරීම නතර කිරීමට සිදුවන බව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..