කුලය සඳහන් කරන මංගල දැන්වීම් රජයෙන් තහනම් කරනවාද?.. - ඇමැතිනි පෝල්රාජ් ගෙන් පැහැදිලි කිරීමක්..
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් කුලය සඳහන් කරමින් පළ කෙරෙන විවාහ දැන්වීම් තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දෙන බව සඳහන් කළේ යැයි ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව 2026 නොවැම්බර් 25 වැනිදා නිකුත් කළ පැහැදිලි කිරීමේ නිවේදනයක දැක්වෙන්නේ, අමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම සන්දර්භයෙන් බැහැර කර විකෘති කරමින් ඇතැම් මාධ්‍ය මෙලෙස අසත්‍ය පුවත් වාර්තා කර ඇති බවයි.
2026 නොවැම්බර් 23 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ දින 16ක ජාතික ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී මාධ්‍යවේදියෙකු විසින් විවාහ දැන්වීම් තුළ කුලය වැනි සමාජ නිර්ණායක සඳහන් කරමින් පළ කරන දැන්වීම් හරහා සමාජයේ පිරිස් හිංසනයට සහ වෙනස්කම් කිරීම්වලට ලක්වන බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු නොවේදැයි විමසා තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, විවාහ මංගල දැන්වීම් වැනි දෑ සම්බන්ධයෙන් පෞද්ගලිකව ගන්නා තීරණයක් නොසලකා හැර කටයුතු කළ හැකි කාරණා පවතින බවයි. කෙසේ වෙතත් ඊට සමගාමීව ලංකාවේ සමාජයේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම නොමඟ යවන, මිථ්‍යාව වපුරන වෙළෙඳ දැන්වීම් ඕනෑ තරම් පවතින බවත්, වශී ගුරුකම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන "තෙල් බින්දුවක් ආලේප කරගත්තම..." වැනි සමාජය හා දරු පරපුර නොමඟ යවන ඉතා පහළ මට්ටමේ වෙළෙඳ දැන්වීම් පවතින බවත් අමාත්‍යවරිය එහිදී පෙන්වා දී ඇත.
මේ සියල්ලම සැලකිල්ලට ගෙන මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමේ නීතිය ගෙන එන බවට ප්‍රකාශ කළේ එබැවින් බවත්, මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කරමින් ඕනෑම සමාජයක් ගමන් කළ යුත්තේ ආපස්සට නොව ප්රගමනය කරා ඉදිරියට බවත් අමාත්‍යවරිය එම මාධ්‍ය හමුවේදී පවසා ඇති බව අමාත්‍යාංශ නිවේදනයේ උපුටා දක්වා තිබේ.
ඒ අනුව අමාත්‍යවරියගේ ප්‍රකාශය තුළ කිසිදු ආකාරයකින් විවාහ මංගල දැන්වීම් නියාමනය කිරීමක් හෝ කිසිදු සංස්කෘතික අනන්‍යතාවක් විවේචනය කිරීම, ප්‍රශ්න කිරීම හෝ තහනම් කිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කර නොමැති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..