නාමල් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම දේශපාලන පළිගැනීමක්.. වාචික ප්‍රකාශය හැරුණු කිසිඳු ස්වාධීන සාක්ෂියක් හමුවී නෑ.. - ගම්මන්පිල
එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම දේශපාලන පළිගැනීමක් බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරන අතර, රජය ආරම්භ කර ඇති මෙම ක්‍රියාවලිය හරහා අනාගතයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පවා බරපතළ නීතිමය අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවයි.
පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇති බවයි.
මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ලබා දුන් ඇප මහාධිකරණයට ගොස් අවලංගු කරවා ගැනීමට රජය කටයුතු කිරීම තුළින්, මෙය දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියක් නොව අමානුෂික දේශපාලන පළිගැනීමක් බව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර අවසන් බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
එයාර්බස් සමාගමෙන් පොරොන්දු වූ බව කියන අල්ලස් මුදලින් කොටසක් ලෙස කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමට ඩොලර් මිලියන දෙකක් බැර වූ බවත්, ඉන් ඩොලර් ලක්ෂ අටක් අතරමැදි තැරැව්කරු වූ නිමල් පෙරේරා නමැත්තාට ලැබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.
එම සම්බන්ධතාව හෙළිදරව් වීමත් සමඟ ඕස්ට්‍රේලියාවට පලා ගිය නිමල් පෙරේරාගෙන් වත්මන් රජයේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව කී ගම්මන්පිල මහතා, එම මුදල් ලබාගත්තේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බවත්, ඊට හිලව් වශයෙන් අවස්ථා තුනකදී රුපියල් මිලියන සීයක් ඔහුට ලබාදුන් බවත් නිමල් පෙරේරා එහිදී පවසා ඇති බව සඳහන් කළේය.
එහෙත් එම වාචික ප්‍රකාශය හැරුණු විට දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, දුරකථන කුලුනු වාර්තා හෝ සී.සී.ටී.වී. දර්ශන වැනි කිසිදු ස්වාධීන සාක්ෂියක් විමර්ශකයින්ට හමුවී නොමැති බව ඔහු චෝදනා කළේය.
රජය මෙලෙස ඉතා භයානක ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බවට අනතුරු ඇඟවූ ගම්මන්පිල මහතා, මෙම වැරදි පූර්වාදර්ශය අනුව යමින් අනාගත රජයක් යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, තමන් එම ජාවාරම සිදු කරන්නේ හිටපු ජනාධිපති අනුර දිසානායක මහතාගේ මුදලින් බවත් ලැබෙන මුදල් ඔහුට ලබාදෙන බවත් පවසමින් රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්වුවහොත්, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අනුර දිසානායක මහතාට මරණ දඬුවම පවා හිමිවීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව කියා සිටියේය.
එවැනි අවස්ථාවකදී රටේ ජනතාව කනගාටු වනු වෙනුවට 'කළ කළ දේ පල පල දේ' යනුවෙන් පවසනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
තවද, නිමල් පෙරේරාට හෝ අල්ලස් ලබාදුන් එයාර්බස් සමාගමට එරෙහිව මෙතෙක් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..