දේවානිගේ නියෝගයෙන් තණ නැතිව කිරි ගොවීන් අමාරුවේ..
අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ කිරි ගොවීන්ට සිය කිරි ගවයින් සඳහා තෘණ භූමි නොමැති වීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති අතර, අදාළ ගැසට් නිවේදනය නිවැරදි කර නැවත ප්‍රකාශයට පත් කරන තෙක් බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතය සියලු දෙනාට තාවකාලිකව තහනම් කිරීමට තීරණය කර අති බව වාර්තා වේ.
තම ජීවනෝපායට එල්ල වී ඇති මෙම බලපෑමට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස කිරි ගොවීන් බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලා සිටියි.
1976 වසරේදී අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 4,000ක මෙම භූමි ප්‍රමාණය කිරි ගව පාලනය සිදු කරන ගොවීන් සඳහා තෘණ භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පසුව යුද්ධය හේතුවෙන් කිරි ගොවීන්ට අදාළ ප්‍රදේශය තහනම් කර තිබූ අතර, එම කාල සීමාවේදී වෙනත් පිරිසක් එහි අනවසරයෙන් වී වගාවේ නිරත වූහ.
මේ අතර තෘණ භූමිය සඳහා වෙන් කෙරුණු එම ප්‍රදේශය 2010 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයට ඇතුළත් කර ගැසට් කළ අතර, පසුව එම ප්‍රදේශයේ වී ගොවීන්ට ඒ සඳහා අවසර හිමි විය.
තෘණ භූමිය අහිමි වූ කිරි ගොවීන් ඊට එරෙහිව අදාළ වී වගාව ඉවත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර, වී ගොවීන් තමන් නීත්‍යානුකූලව වගාවේ නිරත වන බව පවසමින් ඊට අදාළ බලපත්‍ර ඉදිරිපත් කළහ.
2015 වසරේදී මේ පිළිබඳව සිදු කළ විමර්ශනයකදී හෙළි වූයේ එම බලපත්‍රවල නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි කිසිදු රාජ්‍ය ආයතනයක නොමැති බවයි. ඒ අනුව එම ප්‍රදේශයේ වී වගාව අත්හිටුවීමට පියවර ගැනිණි.
කෙසේ වෙතත් 2023 වසරේදී තිරසාර ඉඩම් කළමනාකරණ වැඩසටහන මගින් රක්ෂිත ඉඩම් රක්ෂිත භාවයෙන් නිදහස් කිරීම යටතේ මෙම ඉඩමෙන් හෙක්ටයාර් 400ක් නිදහස් කිරීමට යෝජනා කෙරුණු අතර, ඒ අනුව වී වගාව සඳහා යළි අවසර හිමි විය.
වී ගොවීන්ට කිරි ගව පාලකයන් අඛණ්ඩව විරෝධය එල්ල කරමින් පවතින පසුබිමක, තම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය 18 වැනිදා කිරි ගොවීන් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක් භාර දෙනු ලැබීය.
ඉන් අනතුරුව පසුගිය 19 වැනිදා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නැගෙනහිර සහ ඌව පළාත භාර වන සංරක්ෂක දේවානි ජයතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී තීරණය වූයේ ගැසට් නිවේදනය නිවැරදි කර නැවත ප්‍රකාශයට පත් කරන තෙක් සියලු දෙනාට මෙම රක්ෂිතය තාවකාලිකව තහනම් කිරීමටයි.
එසේ වුවද, සිය තෘණ භූමිය අහිමි වීමෙන් කිරි ගොවීන් පත්ව ඇති දැඩි අසරණ භාවයට ස්ථිර පිළියමක් මෙතෙක් ලැබී නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..