භාණ්ඩාගාරය පිරී ඉතිරී යනව නම් ඇයි වැටුප් සහ දීමනා දෙන්න බැරි?.. පොලිසියට, බන්ධනාගාරයට දීමනා දෙන්නේ ජනතාව පාලනය කරන මර්ධන උපකරණ නිසා ද?.. - පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි..
වැටුප් සහ දීමනා වැඩිවීම් ඉල්ලා ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, සංවර්ධන නිලධාරීන් සහ කළමනාකරණ සහකාර නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සේවකයන් දියත් කළ උද්ඝෝෂණය සාර්ථක මට්ටමක පැවති බවත්, එම ඉල්ලීම් අතිශය සාධාරණ බැවින් තම පක්ෂය ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම වැරදි බව සහ දිය හැකි ප්‍රමාණය දී ඇති බවත් ආණ්ඩුව සඳහන් කළද, එම ප්‍රකාශය පිළිබඳව ඔහු ප්‍රශ්න කිරීම් කිහිපයක් ඉදිරිපත් කළේය. භාණ්ඩාගාරයේ ඕනෑ තරම් මුදල් පිරී ඉතිරී ඇති බවත්, ආර්ථිකය ස්ථාවර වී ප්රතිලාභ බෙදීමේ හා සංවර්ධනයේ "පරිවර්තනීය අයවැයක්" ඉදිරිපත් කළ බවත් ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ආරම්භයේදී පැවසුවේ ඇයිද යන්නත්, එසේ තිබියදී සේවකයන් ප්රතිලාභ ඉල්ලන විට ආර්ථික අවදානමක් සහ රට වැටීමේ අවදානමක් ගැන පවසන්නේ ඇයිද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.
එසේම, ආර්ථිකය සැබෑ ලෙසම අවදානම් නම්, ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමේ ඉතිරි තුනෙන් දෙකෙන් කොටසක් මෙවර අයවැයෙන් ලබා දෙන බවටත්, පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන බවටත් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට කලින් පොරොන්දු දුන්නේ ඇයිද යන්න පුබුදු ජයගොඩ ප්‍රශ්න කළේය.
සැබෑ ලෙසම ආර්ථික අර්බුදයක් පවතී නම් රාජ්‍ය සේවයේ කිසිවකුටත් කිසිවක් දිය නොහැකි විය යුතු බව පෙන්වා දුන් ඔහු, පොලීසියට, බන්ධනාගාරයට සහ රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ ස්ථරවලට පමණක් වැටුප් හා දීමනා වැඩි කළේ ඇයිදැයි විමසීය. ජනතාව පාලනය කිරීමට අවශ්‍ය මර්දන හා දෘෂ්ටිවාදී උපකරණ වෙනුවෙන් ආණ්ඩුව මුදල් වැය කරන නමුත්, ජනතාවගේ බඩගින්න වෙනුවෙන් වැය නොකරන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.
මේ වන විට උද්ධමනය සියයට 8 ඉක්මවා ගොස් ඇති පසුබිමක, කම්කරුවන්ගේ ක්‍රියාමාර්ගය මෙන්ම එළඹෙන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති සංකේත වැඩ වර්ජනය ද ඉතා සාධාරණ බවත්, ඒ සියල්ල වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටින බවත් පුබුදු ජයගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..