රටේ උද්ධමනය පාලනය කරන්න බැරිවුන මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි.. - ආචාර්ය සුරේන් රාඝවන්
රටේ උද්ධමනය සියයට 7 සීමාව ඉක්මවා යාම පාලනය කිරීමට අපොහොසත් වීම සහ ආයතනය තුළ අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකර ගැනීම යන කරුණු මුල් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය ධුරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීම සඳහා නව පනතක් සම්මත කර දුන් නමුත්, එහි නිලධාරීන් එම ස්වාධීනත්වය අවභාවිත කරමින් සියයට 112කින් පමණ වැටුප් වැඩිකර ගැනීමට පමණක් කටයුතු කර ඇති බවයි.
රටේ සාමාන්‍ය ජනතාවගෙන් සියයට 90කට අධික පිරිසක් දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එළඹෙන අලුත් අවුරුදු උත්සවය සැමරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන මොහොතක, මහ බැංකු නිලධාරීන් මෙලෙස අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගැනීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නව මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව උද්ධමන අනුපාතිකය නියමිත සීමාවන් ඉක්මවා යන අවස්ථාවලදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කිරීමටත්, එය සමනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වාර්තා කිරීමටත් මහ බැංකු අධිපතිවරයා බැඳී සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එම වගකීම පැහැර හරිමින් අධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බව රාඝවන් මහතා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..