ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් ඉතා කඩිනමින් අවසන් කරනවා.. මුලින්ම BIT.. ඊළගට ETCA, CEPA.. - විදේශ ඇමති
වර්තමාන ගෝලීය සහ කලාපීය ආර්ථික වෙනස්වීම්වලට ගැළපෙන පරිදි ඉන්දියාව සමඟ අත්සන් කර ඇති සහ යෝජිත සියලු ගිවිසුම් යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, එහිදී ඉන්දියාව සමඟ වන ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම ඉතා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට ආර්ථිකයට උපරිම ප්රතිලාභ අත්වන ආකාරයෙන් ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රතිසංස්කරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව පැහැදිලි කළ අමාත්‍යවරයා, ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත්කර සම්පූර්ණ සමාලෝචනයක් ආරම්භ කර ඇති බව දැනුම් දුන්නේය.
එහිදී පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
"ඉන්දියාවත් එක්ක අපි අත්සන් කරපු ගිවිසුම් සහ කලාපීය එකඟතාවන් අද ආර්ථිකය වෙනස්වීමත් එක්ක අනිවාර්යයෙන්ම යාවත්කාලීන විය යුතුයි. ඒ නිසයි මේ ගැන පුළුල් සමාලෝචනයක් කරලා වාර්තාවක් ලබාගැනීමට අපි විශේෂ කමිටුවක් පත්කළේ. ඒ වාර්තාව මත පදනම් වෙලා වෙනස් විය යුතු තැන් වෙනස් කරලා, අලුත් විය යුතු අංශ අලුත් කරලා තමයි ඒ ගිවිසුම් ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාවත් එක්ක ETCA ද, CEPA ද ආදී වශයෙන් විවිධ නම්වලින් හඳුන්වන ගිවිසුම් සහ යෝජනා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නේ ඒ සෑම එකකින්ම අපේ රටට සහ ජනතාවට ලැබෙන නිශ්චිත වාසිය සලකා බලා පමණයි. විශේෂයෙන්ම, ETCA හෝ CEPA වලට කලින් ඉන්දියාව සමඟ වන ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම (BIT) කඩිනමින් සාකච්ඡා කර අවසන් කරගැනීමට අවශ්‍ය මූලික පියවර අපි දැනටමත් තබා තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..