සුදුස්සන් ඉදිරිපත් නොවීමෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම කොටඋඩ..
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සුදුස්සන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දිනෙන් දින කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ කාර්යාලය සඳහා සුදුස්සන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීම් පළ කළත් ගැළපෙන පුද්ගලයන් නොපැමිණි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මේ අනුව මෙම කාර්යාලය ගොඩනැඟීම කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ජාත්‍යන්තර පළපුරුදුකම් සහිත අයවැය නිලධාරියෙකු අවශ්‍ය බව මන්ත්‍රීවරයා කීය.
අයවැය කාර්යාලයේ වැටුප් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මුදල් කාරක සභාවට මේ සම්බන්ධයෙන් ඇති වෘත්තීමයභාවය ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය:
"මේ සඳහා අයවැයෙන් වෙන්කර ඇත්තේ මිලියන අටයි. ඇමෙරිකා අයවැය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙතනට ඇවිල්ල කරන දේවල් කියලා දුන්නා. මුදල් කමිටුවේ සාමාජිකයොත් ඇමෙරිකාවට ගියා. අපේ කණ්ඩායමට ඒ ගැන යම් හැකියාවක් අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි මේක කරමු."
ශ්‍රී ලංකාවේ 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත යටතේ පිහිටුවනු ලබන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ (Parliamentary Budget Office - PBO) ප්‍රධානතම අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ස්වාධීන හා නිර්පාක්ෂික විශ්ලේෂණාත්මක සහාය ලබා දීමයි.
මීට අමතරව පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීමට සහාය වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල සහ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය තාක්ෂණික හා විශ්ලේෂණාත්මක තොරතුරු සැපයීමද ඊට පැවරෙනු ඇත. (මූලාශ්‍රය: ලංකාදීප)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..