ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම ගැන උරණ වීමට හේතුවක් නැහැ.. බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරනවා.. - හිටපු අමාත්‍ය අලි සබ්‍රි
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු ලෙස තමන් මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත් හිටපු අමාත්‍ය, නීතිඥ අලි සබ්‍රි පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මොහොමඩ් ෆසාල් නමැත්තෙකු විසින් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි හිටපු අමාත්‍යවරයා මෙම සටහන තබා ඇත්තේ.
"රත්නදීප ජන්ම භූමි" යනුවෙන් සිය සටහන ආරම්භ කරන අලි සබ්‍රි පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ උපන් මුස්ලිම් ජනතාවට ද අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම මෙම රට තම මව්බිම ලෙස අභිමානයෙන් හැඳින්වීමට සම්පූර්ණ අයිතියක් පවතින බවයි.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු ලෙස තමන් මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත්, වසර දෙදහසකට අධික කාලයක් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතික උරුමයේ කොටස්කරුවෙකු වීම තමන්ට ද අභිමානයක් බවත් ඔහු සඳහන් කරයි.
මේ අතර, ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය සිදුකළ පුද්ගලයාගේ අදහස් තමන් තරයේ හෙළා දකින බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
සෑම පුද්ගලයෙකුටම තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් පැවතියද, අන්‍ය ආගමිකයින් පූජනීය ලෙස සලකන දේවලට ගෞරව කිරීමේ වගකීමක් ද පවතින බව ඔහු පෙන්වා දෙයි.
අදාළ පුද්ගලයාට තමන් වෙනුවෙන් හෝ මෙරට සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු වරමක් නොමැති බවත්, එම ප්‍රකාශයෙන් සිත් රිදුණු ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් අලි සබ්‍රි සඳහන් කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 වැනි ව්‍යවස්ථා පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා සිය සටහනෙන් පැහැදිලි කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ සහ පෝෂණය කිරීමේ වගකීම රජයට පැවරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම 10 වැනි ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස සහ හෘදය සාක්ෂියේ නිදහස තහවුරු කරන අතර, 12 වැනි ව්‍යවස්ථාව මගින් නීතිය ඉදිරියේ සියලු දෙනාගේ සමානාත්මතාව සහතික කරන බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර, එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම විවේචනයට හෝ ප්‍රහාරයට ලක් නොකරන ලෙස හිටපු අමාත්‍යවරයා බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
වසර ගණනාවක් පුරා බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර ගොඩනැගී ඇති අසල්වැසි සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් හේතුවෙන් පළුදු වීමට ඉඩ නොදිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..