හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු හෝ ඊට ආසන්න කාලවකවානුව තුළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර තිබේ නම්, එය ඉදිරියේදී ඔහුට විශාල ගැටලුවක් විය හැකි බව වරුණ රාජපක්ෂ පවසයි.
සමාජ මාධ්‍ය වීඩියෝවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත. තමන්ට සුනිල් වටගල සමඟ කිසිදු පෞද්ගලික ගැටුමක් හෝ ඊර්ෂ්‍යාවක් නොමැති බවත්, අතීතයේ බස්නාහිර පළාත් සභා කණ්ඩායමේ තමන් සමඟ සිටි සාමාජිකයෙකු ලෙස ඔහු සමඟ සුහදත්වයක් පවතින බවත් රාජපක්ෂ පෙන්වා දෙයි.
එහෙත් වටගල අමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලය තුළ යම් ව්‍යාජ ගමන් බලපත්‍ර සිදුවීමක් සිදුව ඇත්නම්, එය රහසක් ලෙස පවතිනු ඇතැයි සිතීම සුදුසු නොවන බව ඔහු අවධාරණය කරයි.
නොවැම්බර් 25 වැනිදා වටගල අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමට ගිය අවස්ථාවේදී, එහි සිටි නිශාන්ත නමැත්තෙකු ජනාධිපති කාර්යාලයේ අයෙකු ලෙස පෙනී සිටිමින් හොරෙන් විදේශ ගමන් බලපත්‍ර 17ක් සකස් කර ගෙන ගිය බවට වටගල මීට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබූ බව රාජපක්ෂ සිහිපත් කරයි.
එම සිදුවීම සම්බන්ධයෙන් පසුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේද යන්න හෝ ඒ පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය කුමක්ද යන්න පැහැදිලි නොමැති බව ද ඔහු සඳහන් කරයි.
තමන් සිදු කළ සොයා බැලීමකදී එම ගමන් බලපත්‍ර සිදුවීම්වලට අදාළව ජනාධිපති කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු, ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානියෙකු මෙන්ම නුවර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු පවා සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බව රාජපක්ෂ පවසයි.
වටගල අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු, විශේෂයෙන් නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි වැනි කාලවලදී සැක කටයුතු ලෙස හෝ පවුල් පිටින් සකස් කරන ලද ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් වී තිබේදැයි සොයා බලන ලෙස ඔහු ඉල්ලා සිටී. එවැනි තොරතුරු පසුකාලීනව පොලිසියට හෝ අධිකරණයට වාර්තා වුවහොත් එය අමාත්‍යවරයාට අහිතකර විය හැකි බව පෙන්වා දෙන රාජපක්ෂ, මෙය අනතුරු ඇඟවීමක් ලෙස වුවද ගත හැකි බවත් අනාගත ගැටලු වළක්වා ගැනීම සඳහා මේ පිළිබඳව විමසිලිමත් වීම වැදගත් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..