
දුමින්ද සිල්වාට දුන් ජනපති සමාව බලරහිත කරමින් අධිකරණ තීන්දුවක්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.
ඒ අනුව දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවය.
මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් තීන්දුවේ සඳහන් වුණි.
එසේම පෙත්සම්කරුට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරුණු අධිකරණයට පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවත් එහි සඳහන් වුණි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩණය නියම කර තිබුණි.
එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට තීන්දු කර තිබුණි.
ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට තීන්දු කර තිබුණි.
එම සමාව ප්‍රදානය කිරීමේදී නිසි නීතිමය පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සුමනා ප්‍රේමචන්ද්‍ර ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නීතිඥ ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
