අපි උද්ධමනය සෘණ කළා.. ඒක 8.3% දක්වා ඉහළ නැග්ගේ මැදපෙරදිග යුද්ධය නිසා.. - ඇමති විජිත
වත්මන් වෙළෙඳපොළ උද්ධමනය 8.3% දක්වා ඉහළ යාම රජයේ වරදක් නිසා සිදු වූවක් නොවන බවත්, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම ඊට සෘජුව බලපා ඇති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය පාලන සමයේදී රට ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ බවයි. 2048 දක්වා රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත්, කිසිවෙකුට වැටුප් වැඩි කිරීමට හෝ සංවර්ධන කටයුතු කිරීමට මුදල් නොමැති බවත් පවසමින් පළාත් පාලන ඡන්දය පවා කල් දැමූ බංකොලොත් රටක් වත්මන් රජයට භාරදුන් බව ඒ මහතා සිහිපත් කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි රට භාරගෙන කෙටි කලක් ඇතුළත උද්ධමනය සෘණ මට්ටමකට ගෙන ආවා. ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දුන්නේ උද්ධමනය දිගින් දිගටම සෘණ අගයක පැවතීම රටක නිෂ්පාදන ක්‍රියාවලියට හිතකර නොවන බවයි. ඒ අනුව උද්ධමනය සියයට 2ක මට්ටමක පාලනය කරගෙන යද්දී තමයි මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් උත්සන්න වුණේ. ඇමරිකාවෙන් ඉරානයටත්, ඉරානයෙන් ඇමරිකානු කඳවුරුවලටත් එල්ල වූ ප්‍රහාර සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල සීඝ්රයෙන් ඉහළ ගියා. තෙල් මිල වැඩි වන විට ප්‍රවාහන වියදම් ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම ස්වාභාවික තත්ත්වයක්. අද උද්ධමනය සියයට 8.3 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඒ ගෝලීය බලපෑම නිසයි,"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..