ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වී වේගයෙන් ආණ්ඩුවෙන් ඉවත් වෙමින් සිටිනවා.. - පුබුදු ජයගොඩ
2024 මැතිවරණයේදී ජාතික ජන බලවේගය වටා එක්වූ වැඩකරන ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව මේ වනවිට වේගයෙන් ආණ්ඩුවෙන් ඉවත් වෙමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, අයවැයට එරෙහිව පෙර පාසල් ගුරුවරියන්ගේ සිට ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සහ ගණකාධිකාරීවරුන් දක්වා විවිධ වැටුප් තලවල රාජ්‍ය සේවකයන් පාරට බැස ඇති බවයි.
එම සටහන පහළින්,
අද වනවිට අයවැයට එරෙහිව පෙර පාසල් ගුරුවරියන්ගේ සිට ඉංජිනේරුවන්ගේ දක්වාත්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සිට ගණකාධිකාරිවරු දක්වාත් විවිධ වැටුප් තලවල, විශාල පරාසයක වැටුප් ශ්‍රමික රජයේ සේවකයන් පාරට බැස තිබෙනවා. 2024දී ජාතික ජන බලවේගය වටා එක්වූ මේ බලවේග අපේක්ෂා භංගත්වයට පැමිණ වේගයෙන් ආණ්ඩුවෙන් ඉවත් වෙමින් සිටින බවක් පෙනෙනවා. සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමක් නොවුනත් දිශානතිය සැකසී තිබෙන්නේ ඒ පැත්තට බව පැහැදිලියි.
මේ විවේචනයේ ප්‍රධාන පැති දෙකක් දැකිය හැකියි. එකක් ආණ්ඩුව මේ සෑම බලවේගයකටම විවිධාකාර පොරොන්දු ලබාදී ඒවා කඩ කිරීම. දෙවැන්න රාජ්‍ය සේවයේ ඉහළම කොටසකට පමණක් වැටුප් - දීමනා වැඩිකර විෂමතාවය පුළුල් කිරීම. ආර්ථිකය යථාවත් වී නොමැති නිසා කිසිවෙකුට වැටුප් වැඩිවීම් දිය නොහැකි බව ප්‍රකාශ කර, ජීවන වියදම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක පියවර කිහිපයක් ගත්තේනම් මෙතරම් විරෝධයක් පැන නොනගින්නත් ඉඩ තිබුණා. ආණ්ඩුව මෙයට මුහුණ දෙන්නට යන්නේ මර්දන අණ පනත් සම්මත කරමින්, වෘත්තීය සමිති වලට තර්ජනය කරමින්, කම්කරු විරෝධතා ගැන විපක්ෂයට චෝදනා කරමින් සහ පසුගිය ආණ්ඩු වලට දෙස්දෙවොල් තබමින්. එය මේ අර්බුදයට විසඳුමක් නොවනවා සේම මේ ක්‍රියාමාර්ග නිසා විරෝධය වැඩි වෙනවා.
වැඩකරන ජනතාවගේ බලවේග වලින්, මේ දිනවල පාරේ සටන්වදින වෘත්තීය සමිති වලින්, මාස කිහිපයකට පෙර අරගල කළ ගොවීන්ගෙන් අපට ඉල්ලන්නට ඇත්තේ එක දෙයයි. ආණ්ඩුවෙන් ඉවත් වූවාට, අරගලයෙන් වර්ධනය වූ, 2024 මැතිවරණ වලදී ප්‍රකාශයට පත්කළ, ප්රගතිශීලී සම්ප්‍රදායන්, හර පද්ධති සහ දේශපාලන අවබෝධයේ මට්ටම් වලින් ඉවත් වෙන්න එපා. සමාජ බලවේග ඒ දේශපාලන ප්රමිතියෙනුත් ඉවත් වන අන්දමේ වැඩ නොකරන ලෙස ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටීම තේරුමක් නෑ. ඔවුන් සමාජ බලවේග විනාශ කරන පාරට ඇතුළුවී හමාරයි. ඒ පාරේ ඇති මාර්ග සංඥා හෝ අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් ගන්නා බවක් පෙනෙන්නත් නෑ..ඒ නිසා හැරෙන්න තියෙන්නේ පාරට එමින් සිටින බලවේග වෙත පමණයි.
ආණ්ඩුවෙන් ඉවත් වුණාට දේශපාලනයෙන් ඉවත් වෙන්න එපා, මෙතෙක් අත්පත් කරගත් ප්රගතිශීලී වටිනාකම් පද්ධති වලින් ඉවත් වෙන්න එපා. ඉතිහාසයේ පසුපසට යාම වෙනුවට ඉදිරියට යාම උදෙසා සචේතනිකව මැදිහත් වෙමු. දේශපාලනයේ ප්රමිතීන් තව වර්ධනය කරමු..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..