2027 අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වූ කිසිදු සහනයක් හිමි වී නැහැ.. - හර්ෂ ද සිල්වාගෙන් චෝදනා..
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති 2027 අයවැය යෝජනා හරහා මැදි ආදායම් ලබන ජනතාව බලාපොරොත්තු වූ කිසිදු සහනයක් හිමි වී නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඊයේ (16) රාත්‍රී ටීවී දෙරණ '360' කාලීන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙරට සාමාන්‍ය මැද පන්තියේ පවුල් මේ වන විට අතිශය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම සහ වැට් (VAT) බද්ද ශුන්‍ය කිරීම වැනි මැතිවරණ පොරොන්දු මෙවර අයවැයෙන් ඉටු කර නොමැති බව හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.
2019 වසරේදී සාමාන්‍ය මැදි ආදායම්ලාභී පවුලක මාසික ආදායම සහ වියදම අතර රුපියල් 5,700ක ඉතිරියක් පැවතුණද, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, අද වන විට එවැනි පවුලක මාසික ආදායමට වඩා වියදම රුපියල් 18,170කින් ඉහළ ගොස් තිබේ.
මෙම ආර්ථික හිඟය පියවා ගැනීම සඳහා ජනතාවට ණය වීමට, සිය වියදම් කපා හැරීමට හෝ වටිනා දේපළ උකස් කිරීමට සිදුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනතාව මුහුණ දී සිටින සැබෑ ආර්ථික දුෂ්කරතා තේරුම් ගනිමින්, පීඩාවට පත් මැද පන්තියට යම් සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබූ බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..