ඥානසාර හිමියන්ගේ සිවුර යළි පොරවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කිවුවට තාම උත්තරයක් නෑ.. ඔය විදිහට නම් විසඳන්න යන්නෙ ආණ්ඩුවට ඉතිං අඹ සරණයි.. - පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධව අග්ගමහා පණ්ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත යවන ලද ලිපි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග විමසීම සඳහා සංඝයාවහන්සේ පිරිසක් අද (16) කොළඹ බන්ධනාගාර මූලස්ථානය වෙත වැඩම කළහ.
දාපනේ සුමනවංස හිමි, අමුණුමුල්ලේ ජිනරතන හිමි, අක්මීමන දයාරතන හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, හිග්ගොඩ උදයධම්ම හිමි, දෙහිගොල්ලේ රතන හිමි ඇතුළු සංඝයාවහන්සේ පිරිසක් මේ අවස්ථාවට වැඩම කර තිබුණි.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි මෙසේ පැවසුහ.
‘ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කළ නිසා උන්වහන්සේගේ සිවුර බන්ධනාගාරයෙන් ඉවත් කරලා තිබුණා. බන්ධනාගාර නීතියටත් පටහැනිව තමයි ඒක කරලා තියෙන්නේ. ඥාණසාර හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා සිවුර දාන්න ආවාම. මොකද සිවුර ගලවන්න අදින්න එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිකං හිතුමතේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. භික්ෂූන්වහන්සේගේ නමකගේ සිවුර අනීතික ලෙස ගැලෙව්වා නම් ඒක නැවත පැළදවීම සදහා ශාසනික නීති සම්ප්රදායක් තියෙනවා. ඒ සම්ප්රදාය තුළ තමයි නැවතත් උන්වහන්සේ පැවිදි කරලා උපසම්පදා කරන්න වෙන්නේ.
නිකායෙන් ඉල්ලීමක් කරලා තියෙනවා 2026. 10. 19 වැනිදින උන්වහන්සේ පැවිදි කරන්න සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බන්ධනාගාරයෙන් කටයුතු කරන්න කියලා. නමුත් ඒකට උත්තරයක් අද වනතුරු නෑ. ඒ නිසා අපි ආවා කොමසාරිස්තුමා හම්බවෙලා මේක සාකච්ඡා කරන්න. කොමසාරිස්තුමා නෑ. ඒ නිසා අපි කතා කළා නියෝජ්‍ය කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශතුමා එක්ක. එතුමා කිව්වා ඊට අදාල ලියුම බුද්ධ ශාසන අමාත්‍යාංශයටත් අධිකරණ අමාත්‍යාංශයටත් යවලා තියෙනවා කියලා.
නමුත් එතුමන්ලා සිවුර ගලවනකොට අධිකරණ අමාත්‍යාංශයෙන්වත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන්වත් ඇහුවේ නෑ සිවුර ගලවන්න ඕන කොහොමද කියලා. සුමානයක් ඇතුළත ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන අපිට දැනුවත් කරනවා කියලා සඳහන් කළා. මේක සංවේදී කාරණාවක්. මේ රටේ සම්බුද්ධ ශාසනයටයි මෙහෙම කරලා තියෙන්නේ. ඒක ඉතිං ඔය විදිහට විසදන්න යනවා නම් අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවට ඉතිං අඹ සරණ තමයි තියෙන්නේ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..