කස්සප හිමි උසාවියට ගෙනඑයි..
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම ආසන්නයේ අධිකරණ නියෝග නොතකා උපවාසයක නිරතව සිටියදී ඇති වූ ගැටුම්කාරී සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) පෙරවරුවේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ සිට දැඩි ආරක්ෂක රැකවල් මැද උන්වහන්සේ මෙලෙස අධිකරණය හමුවට රැගෙන ආවේය.
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනාත්මක බුදු පිළිමයක් සම්බන්ධයෙන් වන නඩුවක් පසුගිය 11 වනදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, ඊට පෙනී නොසිටීම හේතුවෙන් බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට විරෝධය පළ කරමින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ සත්‍යග්‍රහයක් සහ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණි.
එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය නියෝග කර තිබියදීත් උපවාසය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, පසුගිය 12 වනදා රාජාංගණයේ සද්ධාරතන හිමි ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ දෙපිරිස අතර දැඩි කලහකාරී තත්ත්වයක් සහ පහරදීමක් සිදුවිය.
එම ගැටුමෙන් අනතුරුව, පොලිස් රාජකාරියට බාධා කිරීම සහ පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ ගිහියන් තිදෙනෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් නිරීක්ෂණය කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා, ඔවුන් එළඹෙන නොවැම්බර් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
එසේම, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳ වාර්තාවක් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..