2027 අයවැයට කැබිනට් අනුමැතිය..
2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ කැබිනට් මණ්ඩලය අද (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 26 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට 20 වැනිදා දක්වා දින 7ක් පැවැත්වෙන අතර, දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන 20 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය එළඹෙන 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින හතරක් ද ඇතුළුව දින 19 ක් පැවැත්වෙන අතර තුන්වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරුවේ පැවැත් වේ.
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය.
ඒ අනුව, මෙවර රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4982 කට අධිකයි. එය 2026 වසරේ ඇස්තමේන්තුගත වියදමට වඩා රුපියල් බිලියන 558 ක වැඩිවීමකි.
මේ අතර මෙම වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.
අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ සහන ලැබිය යුතු කොටස් සඳහා උචිත සහන , මෙවර අයවැයෙන් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව ජනතාවට තබාගත හැකි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..