සත්ව ආහාර පනත ක්‍රියාත්මක නොවීම හා නිලධාරීන්ගේ අක්‍රියතාවට එරෙහිව පශු වෛද්‍යවරයෙකුගෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවට පැමිණිල්ලක්..
රට තුළ සත්ව ආහාර පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන ලිපිවලට හා තොරතුරු ඉල්ලීම්වලට බලධාරීන් පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරී එම්.පී. කීර්තී කුමාර මහතා විසින් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ සභාපතිතුමන් වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල මගින් මූලික කරුණු තුනක් දැඩිව අවධාරණය කර ඇත:
සත්ව ආහාර පනත ක්‍රියාත්මක නොවීම:
සත්ව ආහාර ලියාපදිංචි කිරීම, තත්ත්ව පාලනය සහ නියාමනය සිදු විය යුතු වුවද, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රායෝගිකව එම පනත ක්‍රියාත්මක නොකරන බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම සත්ව ආහාරවල 'ඇෆ්ලාටොක්සින්' (Aflatoxin) වැනි සතුන්ට මෙන්ම කිරි, බිත්තර හා මස් හරහා මිනිසුන්ට ද පිළිකා ඇතුළු බරපතල රෝග ඇති කළ හැකි විෂ ද්‍රව්‍ය අඩංගු වීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රමවත් පරීක්ෂාවක් හෝ නියාමනයක් සිදු නොවීම මහජන සෞඛ්‍යයට සෘජු තර්ජනයක් බව එහි සඳහන් වේ.
තොරතුරු දැනගීමේ පනත උල්ලංඝනය කිරීම සහ ලිපිවලට පිළිතුරු නොදීම:
මෙම නියාමන නොවීම සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, අධ්‍යක්ෂවරුන්ට සහ සත්ව ආහාර ලියාපදිංචි නිලධාරියාට (Feed Registrar) ලිඛිතව දැනුම් දී ඇතත් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නැත. තවද, 2016 අංක 12 දරණ තොරතුරු දැනගීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු මාස දෙකකට අධික කාලයක් ගත වී ඇතත් ලබා දී නොමැති අතර, එය හිතාමතා රාජකාරිය පැහැර හැරීමක් බව පැමිණිලිකාර වෛද්‍යවරයා පවසයි.
රාජකාරිය පැහැර හැරීම:
වගකිවයුතු නිලධාරීන් තම නීතිමය වගකීම් පැහැර හැරීම හේතුවෙන් පශු වෛද්‍ය වෘත්තියේ ගෞරවයට මෙන්ම රටේ සත්ව හා මහජන සෞඛ්‍යයට බරපතල හානියක් සිදුවී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
අදාළ පැමිණිල්ල පහළින්..
එම්.පී.කීර්ත කුමාර
පශු වෛද්‍ය නිළධාරි
අංක 522/6 , ප්‍රිමන් මාවත, දෙවනි පියවර
අනුරාධපුර
දිනය: 2026 නොවැම්බර් 11
සභාපතිතුමන්,
ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව,
පේරාදෙනිය
ගරු සභාපතිතුමනි,
සත්ව ආහාර පනත ක්‍රියාත්මක නොකිරීම සහ ලිපිවලට පිළිතුරු නොලැබීම පිළිබඳව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් පුරවැසියෙකු ලෙස කරන පැමිණිල්ලක් / ඉල්ලීමක්!
මම ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස, රටේ සත්ව සෞඛ්‍යය මෙන්ම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ වගකීමෙන්, මෙම පැමිණිල්ල ඔබතුමාගේ සභාවට ඉදිරිපත් කරමි.
මෑතකදී කැබිනට් ප්‍රකාශකතුමාද ප්‍රකාශ කළ පරිදි, පශු වෛද්‍යවරයෙකුට / පුරවැසියෙකුට දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු සේවාව සැලසුම් සහගතව මග හැරියහොත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවට පැමිණිලි කළ හැකි බව දක්වා ඇත. එම පදනම මත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමි.
1. සත්ව ආහාර පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම
සත්ව ආහාර පනත යටතේ සත්ව ආහාර ලියාපදිංචි කිරීම, තත්ත්ව පාලනය සහ නියාමනය සිදු විය යුතු වුවද, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රායෝගිකව එම පනත ක්‍රියාත්මක නොකරයි.
විශේෂයෙන්ම සත්ව ආහාරවල Aflatoxin අඩංගු වීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රමවත් පරීක්ෂාවක්, නියාමනයක් හෝ දඬුවම් කිරීමක් සිදු නොවේ. Aflatoxin යනු සතුන්ට මෙන්ම, කිරි, බිත්තර සහ මස් හරහා මිනිසුන්ට ද පිළිකා ඇතුළු බරපතල රෝග ඇති කරන විෂ ද්‍රව්‍යයකි. මෙය හුදු පරිපාලන අඩුපාඩුවක් නොව, මහජන සෞඛ්‍යයට සෘජු තර්ජනයකි.
2. මා විසින් ඉදිරිපත් කළ ලිපිවලට පිළිතුරක් නොලැබීම
මෙම නියාමනය නොවීම පිළිබඳව මා විසින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම Feed Registrar (සත්ව ආහාර ලියාපදිංචි නිලධාරී) ටද ලිඛිතව කිහිප වතාවක්ම දැනුම් දී ඇත.
තවද 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා මාස දෙකකට අධික කාලයක් ගත වී ඇතත්, අදාල තොරතුරු තවමත් ලබා දී නොමැත. තොරතුරු නිලධාරියාගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වන්නේ, කිහිප වතාවක්ම Feed Registrar ගෙන් විමසුවද, ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවයි.
මෙය තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කිරීමක් මෙන්ම, රාජකාරිය හිතාමතාම පැහැර හැරීමකි.
3. රාජකාරිය නොසලකා හැරීම
අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ඔහුගේ නිලධාරීන්, තමන්ට නීතියෙන් පැවරී ඇති වගකීම ඉටු නොකර, ලිපිවලට පිළිතුරු නොදීමෙන් සහ නියාමනය මග හැරීමෙන්, පශු වෛද්‍ය වෘත්තියේ ගෞරවයට මෙන්ම රටේ සත්ව හා මහජන සෞඛ්‍යයටද බරපතල හානියක් සිදු කර ඇත.
පුරවැසියෙකු ලෙස මට දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු සේවාව සැලසුම් සහගතව මග හැරීම, පශු වෛද්‍ය සභාවේ ආචාර ධර්ම සංග්‍රහයට පටහැනි ක්‍රියාවක් ලෙස මා සලකමි.
ඉල්ලීම
එබැවින් පුරවැසියෙකු ලෙස ගරු සභාවෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ:
1. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව පශු වෛද්‍ය සභා පනත යටතේ ගත හැකි විනය ක්‍රියාමාර්ග ගැනීම,
2. සත්ව ආහාර පනත වහාම ක්‍රියාත්මක කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කිරීම,
3. මා ඉල්ලා සිටි තොරතුරු වහාම ලබා දීමට මැදිහත් වීම.
මෙම කාරණය සම්බන්ධයෙන් ඔබතුමාගේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරමි.
මෙයට,
විශ්වාසී,
කීර්තී කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..