ශ්‍රීලන්කන් ගුවන් සේවය දැවැන්ත මූල්‍ය පාඩුවක.. – මුල් කාර්තු අලාභය බිලියන 35 ඉක්මවයි..
ගුවන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී.
මුදල් අමාත්‍යාංශයේ මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාවට අනුව, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් සමාගමේ බදු පෙර අලාභය රුපියල් බිලියන 35.6ක් වේ.
සමස්ත ආදායම රුපියල් බිලියන 82.8ක් දක්වා වර්ධනය වී තිබුණද, ඉහළ යන මෙහෙයුම් පිරිවැය, ඉන්ධන සහ නඩත්තු ගාස්තු මෙන්ම විදේශ විනිමය අලාභ හේතුවෙන් මෙම දැවැන්ත පරතරය නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත්, අනුබද්ධිත 'ශ්‍රීලන්කන් කේටරින්' සමාගම රුපියල් බිලියන 3.4ක ශුද්ධ ලාභයක් ලැබීම හේතුවෙන් සමස්ත සමූහයේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 32.2ක් දක්වා මඳක් අවම කර ගැනීමට හැකි වී ඇත.
2026 ජූනි වන විට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 209.9ක් වුවත්, සමස්ත වගකීම් ප්‍රමාණය බිලියන 561.4ක් දක්වා ඉහළ යාම නිසා ප්රාග්ධනය බරපතළ ලෙස ඛාදනය වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල් මිස්රා මහතා පෙන්වා දෙන්නේ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා ඛනිජ තෙල් පිරිපහදු සමාගම් පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනයට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් ගුවන් ඉන්ධන සැපයුම සීමා වී, මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.
රජය විසින් මෙතෙක් බැංකු ණය ගෙවීම් සඳහා විවිධ මැදිහත් වීම් සිදු කර ඇති අතර, කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් මුදා හැරීමට සහ ඩොලර් මිලියන 126.5ක වටිනාකම රජයේ ණය තොගයට පවරා ගැනීමටද පියවර ගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..