අරලිගහ මැදුරට හාමුදුරුවරු වඩම්මව ගන්න OICලා පන්සල් ගානෙ යවලා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත සර්ව ආගමික වැඩසටහනක් සඳහා දිවයින පුරා විහාරස්ථානවලින් මහා සංඝරත්නය වැඩමවා ගැනීමට රජය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු රාජ්‍ය බලය දැඩි ලෙස යොදවමින් සිටින බව ජාතික විද්වත් භික්ෂු සංසදයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ චෝදනා කරති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ‘රටම එකට ජාතික මෙහෙයුමේ’ පළමු සංවත්සරය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති සර්ව ආගමික වැඩසටහන සඳහා මහා සංඝරත්නය වැඩම කරවන ලෙස ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිවේදන නිකුත් කර තිබූ බවයි.
කෙසේවෙතත්, රජයේ ශාසන විරෝධී පිළිවෙත්වලට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල රැසක් එම උත්සවය වර්ජනය කිරීමට තීරණය කිරීමත් සමඟ, රජය සිය උපායමාර්ගය වෙනස් කර රාජ්‍ය බලය යොදවා ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඒ අනුව, දිවයිනේ පිහිටි දසදහසකට අධික විහාරස්ථාන වෙත ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ වෙනත් නිලධාරීන් යවමින්, උත්සවයට සහභාගි කරවා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ නාමලේඛන බලහත්කාරයෙන් ලබාගැනීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බවට උන්වහන්සේ චෝදනා කළහ. මෙම දේශපාලන ඇස්බැන්දුම් ප්රචාරක වැඩසටහන සඳහා "දන් පැකට්ටුවක් හෝ බත් පාර්සලයක් මුවාවෙන්" සංඝරත්නය රැගෙන යෑමට උත්සාහ දරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
පොලිස් බලපෑම් මත හෝ කිසියම් භික්ෂූන් වහන්සේ නමක් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම වැඩසටහනට වැඩම කරන්නේ නම්, කොඳුනාරටියක් සහිතව ජනාධිපතිවරයා හමුවේ සෘජුව ප්‍රකාශ කළ යුතු කරුණු කිහිපයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.
"අනීතිකව සහ අසාධාරණ ලෙස සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙසත්, උන්වහන්සේගෙන් විනය විරෝධී ආකාරයෙන් උදුරාගත් සිවුර යළි ලබාදෙන ලෙසත් හඬනගා ජනාධිපතිවරයාට කෙළින්ම ප්‍රකාශ කිරීමට එතැනට වඩින හිමිවරුන්ට කොන්දක් තිබිය යුතුයි," යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..