මාලිමා රජයේ බදු සංශෝධන 12ක් ගැන රජිත් කීර්තිගෙන් හෙළිදරව්වක්..
පසුගිය දෙවසරක කාලය තුළ නව රජය විසින් හඳුන්වා දෙන ලද බදු සංශෝධන 12ක් හේතුවෙන් ජනතාව මත විශාල බදු බරක් පැටවී ඇති අතර, විවිධ ආදායම් මට්ටම්වල පසුවන ජනතාව ඊට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය සහ මාර්ගගත (online) ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර රැසකට මෙම බදු සංශෝධන මගින් බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම බදු ඉහළ නැංවීම හේතුවෙන් උද්ධමනය ඉහළ යාම, මුල්‍ය ගනුදෙනු සීමා වීම, දරිද්‍රතාව වැඩිවීම සහ ආයෝජන පහත වැටීම සිදු වූ අතර, ඍජු විදේශ ආයෝජන (FDI) ධෛර්යමත් නොවන තත්ත්වයක් නිර්මාණය වූ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාරවලට වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) මෙම බදු වෙනස්කම් හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන බදු සංශෝධන,
- සුරාබදු ඉහළ නැංවීම (2025 ජනවාරි): මත්පැන්, සිගරට්, දුම්කොළ, පැණි බීම සහ මෝටර් රථ සඳහා වන සුරාබදු 6%කින් පමණ ඉහළ නැංවීම.
- විදුලි වාහන බදු (2025 පෙබරවාරි): විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා අදාළ බදු අනුපාත දෙගුණයකින් වැඩි කිරීම.
- වාහන ආනයන බදු (2025 පෙබරවාරි): පැවති රේගු බදු නිදහස් කිරීම් ඉවත් කර 20%ක ආනයන බද්දක් සහ 50%ක අධිභාරයක් (surcharge) පැනවීම මගින් සමස්ත බදු අනුපාතය 30% දක්වා ඉහළ නැංවීම.
- බැංකු පොලී මත රඳවා ගැනීමේ බද්ද - Withholding Tax (2025 අප්‍රේල්): බැංකු තැන්පතු පොලී මත රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම (අඩු ආදායම්ලාභීන්ට ස්වයං ප්‍රකාශනයක් මගින් සහන ලබාගත හැක).
- සංස්ථාපිත ආදායම් බද්ද (2025 අප්‍රේල්): මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම් සහ සූදු ව්‍යාපාරවල නිරත සමාගම් සඳහා වන සංස්ථාපිත බදු අනුපාතය 40% සිට 45% දක්වා ඉහළ නැංවීම.
- සේවා අපනයන මත බදු (2025 අප්‍රේල්): මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ සේවා අපනයන සහ විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් සඳහා 15% දක්වා ආදායම් බද්දක් හඳුන්වා දීම.
- රේගු ආනයන බදු (2026 අප්‍රේල්): පැවති බදු ව්‍යුහය සංශෝධනය කර 0%, 10%, 20% සහ 30% ලෙස නව අනුපාත හඳුන්වා දීම (තෝරාගත් ආනයන සඳහා ඉහළම අනුපාතය අදාළ වේ).
- වාහන ආනයනය සඳහා SSCL බද්ද (2026 මැයි): වාහන ආනයනය සඳහා 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අදාළ කිරීම.
- අතිරේක වාහන ආනයන අධිභාරය (2026 මැයි): පැවති 30%ක රේගු බද්ද මත 50%ක අතිරේක අධිභාරයක් එක් කිරීම මගින් ඵලදායී අනුපාතය 45% දක්වා ඉහළ නැංවීම (මෙම පියවර 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත).
- ප්‍රාග්ධන ලාභ බද්ද - Capital Gains Tax (2026 ජූනි): පුද්ගලයින් සහ හවුල්කාරිත්වයන් සඳහා 10% සිට 15% දක්වාද, භාර (trusts), පාර්ශ්වික අරමුදල් (mutual funds) සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා 10% සිට 30% දක්වාද බදු ඉහළ නැංවීම.
- වෘත්තීය සේවා මත රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් සහ සමාජ මාධ්‍ය වෘත්තිකයන් ඇතුළු වෘත්තිකයින් ලබන රුපියල් 100,000 ඉක්මවන මාසික ආදායම මත 5%ක රඳවා ගැනීමේ බද්දක් පැනවීම.
- ඩිජිටල් සේවා මත වැට් බද්ද (2026 ජූලි): ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොවූ විදේශීය සමාගම් මගින් සපයන ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් (VAT) බද්දක් හඳුන්වා දීම (කෙසේවෙතත් මෙහි ප්‍රායෝගික ක්‍රියාත්මක වීම තවමත් සම්පූර්ණ වී නොමැත).
ඉදිරි අයවැයේදී ජනතාවගේ පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍ර කෙරෙහි බලපාන බදු සංශෝධන සලකා බලන ලෙසයි රජිත් කීර්ති තෙන්නකෝන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
එහිදී විශේෂයෙන්ම ආහාර, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, පාසල් උපකරණ මෙන්ම ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල අමුද්‍රව්‍ය සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු බවද පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..