හෝමාගම පොලිසිය තුළ තරුණයකු මියයාමේ සිද්ධිය: අත්අඩංගුවට ගන්න කළින් ගැටුමකින් තුවාල ලබා රෝහල්ගතවී සිටි බවට තොරතුරු හෙළිවුණා.. - බස්නාහිර පළාත භාර SDID සජීව මැදවත්ත
හෝමාගම පොලිසිය තුළ මරණයට පත් තරුණයා අත්අඩංගුවට පත්වීමට පෙර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත වී සිට ඇති බවට තොරතුරු හෙළිවූ බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙහිදී එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා,
“මෙම තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියයනවා. රෝහල්ගත කරන අවස්ථාවේදී දැනගන්නවා මෙම මියගිය තරුණයා සහ ඔහුත් සමඟ තවත් තරුණයකු අත්අඩංගුවට ගන්නවා යම්කිසි අපරාධයකට. අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ මොහු පොලිස් ස්ථානයට රැගෙන ඇවිත් පොලිස් ස්ථානයේ රඳවා තබා ඔහුට රෝගී තත්ත්වයක් ඇතිවූ පසුව තමයි රෝහල් ගත කරන්නේ හෝමාගමට. ඉන් අනතුරුව රෝහලේදී මිය යනවා.
මෙම තරුණයා අත්අඩංගුවට පත්වන්නේ 25 වැනිදා අලුයම් කාලයේ. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ 24 වැනිදා රෝහල්ගත වෙලා ඉදලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී මම බයිසිකලයකින් වැටුණා. ඒ නිසා තමයි හොස්පිට්ල් ඇඩ්මිට් වුණේ කියලා. ඒ වුණත් බයිසිකලයෙන් වැටිලා හොස්පිට්ල් අඩ්මිට් වුණත් පැය කිහිපයක් රෝහල්ගතවෙලා ඉදලා වෛද්‍යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා. නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්‍රථම බයිසිකලයෙන් වැටුණා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවෙලා දොගොල්ලෝ මෙයාට පහරදීමක් සිද්ධ වෙලා තියෙනවා.
මේ පහරදීම අනුව තමයි රෝහල් ගතවෙලා තිනේනේ. ඒ අනුව 24 වැනිදා ඇතිවුණ සිද්ධියත් ඒ වගේම පොලිස් ස්ථානය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙනුත් මේ වන විට විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පෙලිස් ස්ථානයේ අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඊට අමතරව මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝමාගමගේ වැඩ තහනම් කළා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..