හෝමාගම තරුණයාගේ මරණය ගැන නීතිඥ සංගමයේ නිවේදනය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රතික්ෂේප කරයි..
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් ප්‍රකාශයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.
නීතිඥ සංගමය එම නිවේදනයේ සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය පිළිබඳව තමන් කනගාටුවට පත්වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එම මරණය සම්බන්ධයෙන් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබුණි.
මියගිය තරුණයාගේ සිරුරේ දැඩි ලෙස පහරදී ඇති බව පෙනී යන ශාරීරික තුවාල ඇති බවට පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කරද්දී, ඊට පටහැනිව මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා තිබුණේ.
එම මරණයට හේතු වූ පසුබිම ස්වාධීනව තහවුරු කර ගැනීමත්, පරස්පර ප්‍රකාශ පිළිබඳව විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් පැවැත්වීමත් අත්‍යවශ්‍ය බවයි නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..