බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි
බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී අදහස් දක්වමින් සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමියන් පෙන්වා දුන්නේ, පසුගිය වසර දෙකක කාලය පුරා සිංහල බෞද්ධයන්ට සහ මහා සංඝරත්නයට එල්ල වන කෙනෙහිලිකම් හා නින්දා අපහාස ක්‍රමයෙන් උග්‍ර අතට හැරී ඇති බවයි.
විශේෂයෙන්ම පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුරට අත තැබීම දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇති බවත්, එය වර්තමාන ශාසනය මුහුණ දී සිටින බරපතල ප්‍රශ්නයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අභියෝග හමුවේ ශාසනය හා රට රැකගැනීමේ අරමුණින් දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය සහ ගිහි ජනතාව කොළඹට වැඩම කර සාමකාමී පාගමනකින් තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කළ බවත්, රටට සහ බෞද්ධයන්ට එල්ල වන මෙම විපත්වලට එරෙහිව ගිහි පැවිදි සියලු දෙනා එක්ව ඉදිරියට පැමිණිය යුතු බවත් නාහිමියෝ අවධාරණය කළහ.
ලෝකයේ අනෙකුත් රටවල් තම මව්බසට, සංස්කෘතියට සහ ආගමට ප්‍රමුඛත්වය දෙන ආකාරයටම, ශ්‍රී ලංකාවද සිංහලයන් විසින් ගොඩනගන ලද රටක් බැවින් බෞද්ධයන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ දිය යුතු බවත්, එට්කා (ETCA) වැනි ගිවිසුම් හා විවිධ ව්‍යාපෘති හරහා රුවන්වැලි සෑ පූජා භූමියට සහ ඓතිහාසික බෞද්ධ මර්මස්ථානවලට බලපෑම් එල්ල වීමට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ දැඩි ලෙස ප්‍රකාශ කළහ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..