ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම, සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීමත් අලුත් පනතින් ත්‍රස්තවාදී ක්‍රියාවක්.. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
රජය අලුතින් සම්මත කර ගැනීමට සූදානම් වන ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ සහ ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත’ තුළ පවතින අපැහැදිලි ප්‍රතිපාදන හේතුවෙන්, මෙරට පවතින ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීම පවා ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස අර්ථකථනය කර වෘත්තීය සමිති හා සිවිල් නායකයින් සිරගත කිරීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අසීමිත සහ අභිමත බලයක් පවරන මෙම අණපනත් මගින් මෙරට මූලික මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් මුළුමනින්ම මකා දැමීමට කටයුතු සූදානම් වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේද සඳහන් කළේය.
"යම් හෙයකින් මෙවැනි මර්දනකාරී නීති පසුගිය කාලසීමාවේදී ක්‍රියාත්මක වූයේ නම්, බාල ඖෂධ ගෙන්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන්ට එරෙහිව මහජන උද්ඝෝෂණ සහ සිවිල් සටන් දියත් කිරීමට අපට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එසේ වූවා නම් අදටත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේම වැජඹෙනු නොඅනුමානයි.
මෙම කෙටුම්පත්වල පවතින අපැහැදිලි නිර්වචන ප්‍රයෝජනයට ගනිමින්, අධ්‍යාපන හෝ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු සහ මහජන පීඩාවන් සම්බන්ධයෙන් හඬ නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ප්රමුඛ පෙළේ වෘත්තීය හා සිවිල් සංවිධාන පවා ‘ත්‍රස්තවාදී සංවිධාන’ ලෙස ලේබල් කිරීමට මෙමගින් නීතිමය ඉඩකඩ නිර්මාණය වෙනවා.
අද වන විට මුළු ලොව පුරාම ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන අර්බුද හමුවේ කලකිරීමට පත් සිවිල් වැසියන් සහ තරුණයින් පාලකයන්ට එරෙහිව අරගල කරනවා. එහෙත් ලෝකයේ කිසිදු ශිෂ්ටසම්පන්න රටක් එම සාධාරණ ජනතා අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන්නේ නැහැ. ආණ්ඩුව මේ සූදානම් වන්නේ දේශපාලන පක්ෂ මර්දනයෙන් නොනැවතී, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ආගමික සංවිධාන පවා දඩයම් කර මුළුමනින්ම නිහඬ කිරීමටයි. තමන් මුහුණ දෙන අසාධාරණයන් පිළිබඳව පුරවැසියෙකු සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් තැබීම පවා ත්‍රස්තවාදී වරදක් බවට පත්කිරීමට හැකි මෙම අන්තරායකාරී තත්ත්වය පිළිබඳව මුළු රටම වහා අවදි විය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..