ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි.
ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තු නියෝග අධිකරණයට භික්ෂූන් වහන්සේ කෙනෙකු රැගෙන ඒමේදී චීවරයෙන්ම ගෙන ඒමට හැකි වන පරිදි සංශෝධනය කර ඇති බවයි.
කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ප්‍රධාන නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් පෙන්වා දුන්නේ එම සංශෝධිත දෙපාර්තමේන්තු නියෝගයේ සඳහන් ක්‍රියාපටිපාටිය තුළම පරස්පර විරෝධීතාවයන් පවතින බවයි. එමෙන්ම ඒ පිළිබඳව මහා සංඝරත්නයෙන් කිසිදු උපදෙසක් ලබාගෙන නොමැති බවද ඔවුන් අධිකරණය හමුවේ පැවසීය.
වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්නේ 1905 දී පළ කරන ලද ගැසට් නියෝග හෝ දෙපාර්තමේන්තු නියෝගවලට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව බලවත් වන බැවින්, භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම සිදුවිය යුත්තේ අදාළ භික්ෂුව අයත් නිකායේ හෝ සංඝ සභාවේ අනුමැතියට යටත්ව බවයි. බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දු කිහිපයක අර්ථ දැක්වීම් පවතින බවත්, ආයුර්වේද පනත සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳවත් මෙහිදී විශේෂයෙන් මතක් කර සිටියේය.
මෙහිදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අවධාරණය කළේ චීවරය ඉවත් කිරීම හෝ නැවත පැලඳවීම සාරියක් පැලඳවීම වැනි සාමාන්‍ය කටයුත්තක් නොවන බවත්, එය මහා සංඝරත්නය විසින් විනයානුකූලව සිදුකරනු ලබන ආගමික කර්තව්‍යයක් බවත්ය.
තවද, මරණ දඬුවම නියමව සිටි මැතිව් පීරිස් මහතා අධිකරණයට ගෙන ආවේ පූජක ඇඳුමෙන් බවත්, මරණ දඬුවම නියම වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අධිකරණයට ගෙන ආවේ යුරෝපීය ඇඳුම් කට්ටලයෙන් බවත් පෙන්වා දුන් ඒ මහතා, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පමණක් මෙලෙස වෙනස් ලෙස ක්‍රියා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව සඳහන් කළේය.
අද දින (23) පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ගෙන නොඑන බැවින්, අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවූ බවද සඳහන් විය.
මෙම රිට් පෙත්සම ගොනුකර ඇත්තේ පූජ්‍ය තීනියාවල පාලිත හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය අගුරුගල්ලේ ජිනානන්ද හිමි, පූජ්‍ය දඹර අමිල හිමි සහ විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් විසිනි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රසන්න ගුණතිලක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..