පාලන බලය අපේ වුනත් තාම රජ්‍ය බලය ගන්න බැරිවුනා.. - ලාල් කාන්ත
වත්මන් පාලන බලය ජාතික ජන බලවේගය සතු වුවද, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වී නොමැති බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් දෙපාර්තමේන්තු තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමන් කිසිවිටෙක මෙය 'අපේ රජය' ලෙස සම්පූර්ණයෙන් අර්ථ නොදක්වන බවත්, මෙය හුදෙක් 'අපේ ආණ්ඩුව' පමණක් බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ මුල්බැසගත් රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා සහ අක්‍රමිකතා තවමත් එලෙසම පවතින බැවින්, සමස්ත රාජ්‍ය තන්ත්රය නිවැරදි මාවතකට ගැනීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බව පෙන්වා දුන්නේය.
දූෂණයට හා වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඊට අකමැති පිරිස් පද්ධතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවද හෙතෙම කියා සිටියේය.
රටේ සංවර්ධනය වෙනුවෙන් අයවැය මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන නිසි පරිදි ජනතාව වෙනුවෙන් ඵලදායීව යෙදවීමට රාජ්‍ය යාන්ත්‍රණය අසමත්ව සිටීම තමන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බව ලාල් කාන්ත මහතා අනාවරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..