දැරියකට අතවර කළ බවට සැක රොබෝවෙක් ජර්මානු පොලිස් භාරයට..
ජර්මනියේ කොලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට අතවරයක් සිදුකළ බවට සැක කෙරෙන රොබෝ යන්ත්රයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම රොබෝ යන්ත්රයේ හිමිකරු වන 16 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි තවත් පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.
පොලිසිය සඳහන් කර ඇත්තේ, රතු සහ රන්වන් පැහැයෙන් යුත් සෙන්ටිමීටර් 120ක් පමණ උස මෙම රොබෝ යන්ත්රය, මිතුරන් පිරිසක් සමග සිටි දැරියක් පිටුපසින් පැමිණ ඇගේ පිටුපස ප්රදේශය ස්පර්ශ කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
එමෙන්ම රොබෝ යන්ත්රය දැරියගේ සිරුරට එරෙහිව ලිංගික අර්ථයක් ගම්ය වන ආකාරයේ චලනයන් සිදුකර ඇති බවත්, එහිදී දැරිය කෑගසා ඉන් ඉවත් වී ඇති බවත්, පොලිසිය සඳහන් කරන බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
අදාළ සිදුවීම සමාජ මාධ්ය ඔස්සේ සජීවීව විකාශය කරමින් සැකකරුවන් ඒ පිළිබඳ අදහස් දක්වා ඇති බවට ද පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ක්රියාත්මක වූ හදිසි සේවා නිලධාරීන්, මඳ වේලාවකට පසු ඒ ආසන්නයේ සිටි සැකකරුවන් දෙදෙනා සොයාගෙන ඇති අතර, රොබෝ යන්ත්රය මෝටර් රථයක පිටුපස තිබියදී සොයාගෙන එය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරුවන් සතු ජංගම දුරකථන දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, සිදුවීම සිදුවන අවස්ථාවේදී රොබෝ යන්ත්රයේ චලනයන් හිතාමතා පාලනය කළේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි